ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් දුන් තීන්දුව ගැන අගමැති කරන ප්‍රකාශ මෙරට අධිකරණය බිය ගැන්වීමට තැත් කිරීමක් බවත්, එවැනි ක්‍රියා තරයේ හෙළා දකින බවත් හිටපු විදේශ ඇමැති හා එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසයි.
එසේම එම පෙත්සම සම්බන්ධයෙන් තීන්දුව විනිශ්චයකාරවරුන් දෙදෙනකු විසින් ලබා දීමට නීතිමය ප්‍රතිපාදන නැතැයි සඳහන් කරමින් අගමැති කරන ප්‍රකාශ අධිකරණයට අපහාස කිරීමක් බව ද ඔහු සඳහන් කරයි.
එම ශ්‍රේෂ්ඨාධිකරන තීන්දුව ගැන පොදුරාජ්‍ය මණ්ඩලයේ විනිශ්චයකාරවරුන්ගේ සංගමයට යොමු කරන බවත් අගමැති කළ කතාව සම්පූර්ණයෙන්ම නුසුදුසු ක්‍රියාමාර්ගයක් බවත්, මේ රටේ අධිකරණය විදේශ අයට බාරදිය නොහැකි බවත් හිටපු විදේශ ඇමැති කියයි.
ඊවා වනසුන්දර හා සරත් ආබෘ විනිසුරුවරු එම පෙත්සම විභාග කළහ. බුවනෙක අලුවිහාරේ විනිසුරු පෞද්ගලික හේතු මත පෙත්සම් විභාගයෙන් ඉවත් විය.
එම තීන්දුව ප්‍රකාශයට පත් කළ වනසුන්දර විනිසුරුවරිය 2014 ජූලි හය වැනි දා දේශය පුවත්පතට සමූඛ සාකච්ඡාවක් දුන්නාය.
මේ එම සාකච්ඡාවයි.
http://deshaya.lk/component/content/article/35-epaper/288-20140706


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කන්න ඕනෑ වුණාම සමහරු කබරයා තලගොයා කරනවා (නි)
සිහලයා මෝඩයා කැවුම් කන්න සූරයා.උඩ බලාගන කෙළ ගහපල්ලා ,(බ)
දැන් මේවා කතාකරලා වැඩක් තිබේවිද? (නි)
රනිල් මහජන ඡන්දයෙන් පත්වුණු අගමැති නොවේ . මැතිවරණ කොමසාරිස් මෙම පත්වීම අවලංගු කළ යුතුය. (බ)
ඒ කාලේ හෙලා දෑක්කොත් ගෙදර යන්න වෙන නිසා, දෑන් වත් කොන්ද කෙලින් තියාගෙන තමන්ගෙ උගත්කම පෙන්නලා වෑඩ කරනන. අට පාස් කොල්ලන්ට යට වෙලා තමයි මෙයා ඒ කාලෙ වැඩ කළේ. (බ)
ජි.එල් මහත්තයෝ, සිරානි බණ්ඩාරනායක පැය දෙක තුනකින් ගෙදර යැව්වේ අදිකරණය සතුටු කරල වෙන්ඩ ඇති නේද ? එදා හැම දෙටම ම පාර්ලිමේන්තුවේ අත උස්සලා දැන් සිංහයා වෙන්න හදනවද ? (නදී)
වැකෝ කියනකම් හිටියේ රනිල් ගෙදර යන්න. අනේ මගේ කට (බ)
මේ කොන්ද පන නැති මහාචාර්යවරයා මෙච්චරකල් කොහෙද හිටියේ. මෙයා අර මැදමුලන පුතාට සර් කිව්වා (බ)
කථාවේ සත්‍ය අසත්‍යතාව කෙසේ වෙතත්, පෙර අසත්‍ය දැක දැක නිහඩව සිටි බවද මතකයට නගමින් යහ පාලනය තියන නිසා කුක්කෝ වගේ නැට්ට පශ්චාත් භාගයේ හංගාගෙන හිටපු බුද්ධිමත් යයි කියාගන්න අයත් දැන් සිංහ වෙස් ගෙන වාගේ (බ)
කොහොමත් රනිල්ලා අදිකරණ තීන්දු පිළිගන්න අය නෙමේ මතකනේ මාමගේ කාලේ .උසාවි වලට ගඩොල් ප්‍රහාර දුන්නු හැටි (බ)
අධිකරණ තීන්දුව සම්බන්දව සැකය තවදුරටත් සනාථ වෙනවා, දැන් අධිකරණයට චරිත සහතික දෙන, ඉස්සර අධිකරණයේ මළගම වෙනුවෙන් පන දුන් කට්ටියගේ කතා අහන කොට. ජි එල් පිරිස් , ගෝඨාභය, මහින්ද. (බ)
කව්රු මොනා කිව්වත් මේ රටේ කවදාවත් අගමැති ඡන්දෙන් පත් කළේ නැහැ ජනාධිපතිට කැමති කෙනෙක් තමයි අගමැති විදියට පත් කළේ එතකොට දී.මු ජයරත්න අගමැති කළේ ඡන්දෙන් දිනලා නෙමේනේ අඩුම ගානේ ඡන්දෙ ඉල්ලුවෙත් නැහැ නිකන් පුහු තර්ක දාන්න එපා (බ)
පිටර්සන් ඔබ හරියටම හරි.තමන්ගේ ෆයිල් ටික උස්සන් යන පියන් කෙනෙක් තරම් වත් සුදුසුකම් නැති, අට පාස් මැරයකුට තමන්ගේ අමාත්‍යාංශය මෙහෙයවීම සම්පුර්ණයෙන්ම භාර දීලා අවුරුදු ගණනක් ඇස්, කන්, කට ඔක්කොම පියාගෙන හිටපු ප්‍රොෆෙසර්ගේ කටේ දැන් තියන නරිවාදම දැක්කම මෙය ආශ්චර්යයක් බව හිතෙනවා. (බ)
අපිත් හෙළා දකිනවා (නි)
මේ හැම දේශපාලකයෙක්ම හිතන් ඉන්නේ රටේ මිනිස්සු මැරිලා ඉපදිලා කියලයි.(නදී)
සමන්, දිමු අගමැති කළේ ඔය පීරිස්ල තමයි. පොතේ නිතිය දෙසුවාට එයා දියවන්නාවට ආවෙත් මහජන ඡන්දෙන් නෙවෙයි. තමුන්ගේ ඇහේ තියෙන පොල් පරාලේ පේන්නේ නැහැ.(නදී)
මේ කොමෙන්ට් බොහොමයක් දාල තියෙන්නේ ඒ අය යූ එන් පී නිසා. ජී.එල්. කියන කතාව ඇත්ත. අරමුණ ඉටු නොවුනට අධිකරණයට දොස් කියන එක කැත වැඩක්. මීට වඩා තැන්පත් බවක් තිබිය යුතුයි. (නදී)
එකෝමත් එක රටක අධිකරණයෙන් එක්තරා පුද්ගලයෙකුට තින්දුවක් දුන්නා. එයාට කිසිම රජයේ ආයතනයක රැකියාවක් කරන්න බැහැ කියලා. හැබැයි පස්සේ ඒ පුද්ගලයා එක්තරා රජයේ ආයතනයක මහපුටුවට ගියා. ඔන්න ඔහොමයි ඒ කාලේ අපේ ඇයෝ අධිකරනයට ගරු කලේ.(නදී)
ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ වරදක් තියෙනවා නම් නඩුව ඉදිරියට ගෙනියන්න. ඒ තුලින් ඔහුට දඩුවම් පමුණුවන්න පුළුවන්. අැවන්ගාඩ් ප්‍රස්නේ කොහොමත් යට ගහන්න බැහැ එතන යම්කිසි අවුලක් තියෙනවා. ජි එල් පිරිස් මහතා දැන් ලොකුවට කියවනවා ඒ දවස්වල හැමදේකටම එහෙයියෝ. සීෂෙල් වල බැංකු අරින්නත් මෙතුමා ගියා නේද ? (නදී)
මේ දෙන්නගෙන් එක්කෙනෙකුටවත් ඡන්දයකින් දිනලා බලයට එන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා කියන ඒවා ගණන් ගන්න හොඳ නැහැ. (බ)
එතකොට ඒ දවස්වල ඔබතුමාගේ කටට අගුල් දාලද තිබුනේ ? (නදී)
ඔහු අගමැතිකම ගත්තේ අනුන්ගේ එළියෙන්, කවදාවත් දිනන්න බැරි බව ඔහු දන්නවා (බ)
සමහරුන්ට හරියට තරහා ගිහින් වගේ මෙයාගේ කතාවට (නි)
ඔබ සියලු දෙනාම දැනගත යුතුයි ජීඇල් නීතිය පිළිබඳ උගත් පඬිවරයෙක්. අගමැති රනිල්ටත් උපදෙස් දුන්නා. ලෝකයේ රටවල් ගනණාවක් එතුමාගෙන් උපදෙස් ගත්තා කියලා හැමෝම දන්නවා (බ)
රනිල්ට ඉතින් අපේ ප්‍රශ්න පිට රටකට නොකිව්වොත් නින්ද යන්නේ නැහැනේ . මංගලව ලෝකේ වටේ තව රවුමක් යවන්න හැමෝටම කියල එන්න කියල . මෙහෙමත් අගමැති කෙනෙක් (බ)
අනේ සර් ඔබතුමා පසුගිය ආණ්ඩුව තිබුණු දවස්වල ඔලුවෙන් හිටගෙනද හිටියේ (බ)
ෆාරා ඔබේ අදහසට මම එකඟ වෙමි (බ)
රනිල් ජනපති වුනානම් නටන නාඩගම බලන්න තිබුන...(බ)
මෛත්‍රී කරපු ජාතික අපරාදෙ ප්‍රථිපල තමා ඔය (නදී)
අනේ! අපි කවුරු කවුරු ගැනත් දන්නවා (නි)
රනිල් හැමදාම කරන්නේ හරි දේ! (නි)
අනේ මන්දා මේවා! (නි)
අපි මේ දේවල් ගණන්ගත යුතුද? (නි)
රටෙි ජනතාවට කුඩු සුදුව අාදී දුසිරිත් ලෙහෙසියෙන් ලබා ගැනීමට සැළසුවේ මහින්ද අැතුලු ඔහුගේ පිරිසයි. වැරදි දෙයට ඉක්මනින් පෙළඹෙන සිංහල ජනතාව නොමඟයෑමෙන් පාලකයන්ට තමන්ට රිසිපරිදි ජනතා මුදල් කොල්ලකමින් සුරසැප විඳින්න හැක. හැකිතරම් උගතුන් බිහි කළයුතු කාලය එළඹ අැත (නි)
දැන් මෙතුමාට පුළුවන් වුණාද භාරගත් අමාත්‍යංශය හරියට පරිපාලනය කරන්න. තානාපති කාර්යාලවල ගුස්ති. ඒවායේ සේවාව ලබාගන්න ආ ලාංකිකයන්ගේ පැමිණිලි කෝටියයි. (නි)
මේකට විරුද්ධව ඉන්නේ හිටපු මැති ඇමතිවරු හා නිලධාරීන් කීපදෙනෙක් පමණයි. මේ අයගේ ඒකායන අරමුණ සිදුවෙන පරීක්ෂණ නතර කරවීමයි. මම කියන්නේ මේ අයගේ තරාතිරම නොබලා නීතිය ඉදිරියට පැමිණවිය යුතුය යන්නයි. ඕනෑම පුද්ගලයකු නීතිගරුකව ජීවත්වෙනවා නම් සාපරාධී ලෙස කටයුතු කර නැත්නම් බයවෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. සැමවිටම බියවන්නේ තමන් වැරදි යැයි සිතන අයයි. (නි)
ජී.ඇල්තුමනි රනිල්ව හෙළා දකින්න කලින් අර එක් කෙනෙක් තානාපති කාර්යාල ගුස්තියක් සම්බන්ධයෙන් ලංකාව ජාත්‍යන්තරයේ ප්‍රසිද්ධ කරලා රටේ නම කාපු එක හෙළා දකින්නකෝ (නි)
ලබන ඡන්දෙන් පසු, හොරු ආරක්ෂා කරන්නන් කොහොමත් ගෙදර. (නි)
රනිල්ගේ වැරදි සොයන්න ගියේ රාජ්‍ය තාන්ත්‍රික සේවාව විහිළුවක් කරන්න ඉඩ දීලා බලා හිටපු හැටි මතක නැතුව නේද? (නි)
මොකද පාර්ලිමේන්තුව විසිරුවන්නේ නැත්තේ? හේතු හදාගෙන කල්දානවා. (නි)
දම්සි, ඔයා ඔය කියපු වචන ටික මහින්දගේ කාලේ කවුරුහරි එයා ගැන මෙතන කිව්වා නම් වෙන ටික මම මෙතන ලියන්නේ නැහැ. දේශපාලනයෙන් බඩවඩා ගැනීම තරම් ජාතික අපරාධයක් තවත් නැහැ දම්සි. නිකම් කට තිබෙන පළියට මෝඩ කතා කියන්න එපා. (නි)