හිටපු ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතා 1978 වසරේ පේරාදෙණිය උද්භිද උද්‍යානයේ රෝපණය කළ සුඳු සඳුන් රුක කපා දැමීමට පිරිසක් දැරූ උත්සාහයක් අසාරථක වී ඇතැයි පේරාදෙනිය පොලිසිය කියයි.
පසුගිය 22 දෙවැනි දා රාත්‍රී ගස කපා දැමීමට උත්සාහ කර ඇති බවත්, ගස ස්ථාන දෙකකින් කැපීමට උත්සාහ කළ බව පෙනෙන බවත් පොලිසිය සඳහන් කරයි.
පේරාදෙණිය උද්භිද උද්‍යානයය මැද ඇති මේ සඳුන් ගසේ වට ප්‍රමාණය අඟල් හතක් පමණ වන බවත්, කැපුම් තුවාල නිසා ගසේ පැවැත්මට බාධාවක් නැති බවත්, අවශ්‍ය ප්‍රතිකාර කරන බවත්, වැඩිදුර පරීක්ෂණ පොලිසියෙන් සිදු කරන බවත් පේරාදෙනිය උද්භිද උද්‍යානයේ අධ්‍යක්ෂ ජනරාල් ඩී එස් ඒ විජේසුන්දර මහතා කීවේය.
මීට වසර දෙකකට පමණ පෙර ද පේරාදෙනිය උද්භිද උද්‍යානයේ තිබූ සඳුන් ගසක් කපාගෙන ගොස් තිබිණි.
මේ අතර මාදම්පේ ගල්මුරුව හේරත් ගුණරත්න වලව්වේ තිබූ සදු හදුන් ගසක් හොරෙන් කපා කුට්ටි කර වෙනත් නිවසක තබා තිබිය දී සොයා ගත් බව මාදම්පේ පොලිසිය කියයි.
ගිරය ටෙලිනාට්‍ය රූගත කැරුණේ මේ වලව්වේ දී ය.
සුදු හඳුන් කිලෝවක් රුපියල් පන් දහසක් පමණ වේ. සොයා ගත් කඳන්වල බල කිලෝ 300ක් පමණ වන්නට ඇතැයි පොලිසිය කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිදිත මදිත එක ලෙස පැතිරෙයි සුවද . (ස)
මුළු රටම මේ තත්වෙට පත්කළේ කවුද හැබැටම ??? මුළුරටම විනාසය කර ගෙනියන්නේ අපිද සදාචාරය විනය යහපත් සමාජයක් ගොඩනැගිය හැක්කේ කාටද ජනතාව සිටිය යුත්තේ එතන. (ස)
මේ අපරාධවලට සොබා දහමෙන් දඩුවම් ලැබේවි. (ස)
සඳුන් ගසේ වට ප්‍රමාණය අනුව අපිට හිතාගන්න පුලුවන් (නි)
මේවා කරන්න පිටරට වලින් හෝ සාමාන්‍ය ජනතාව එන්නේ නැහැ. (නි)
අහන්න දෙයක් නැහැ. එකත් එකටම අපේම මහජන නියෝජිතයෙක් වෙන්න ඕනෑ.බාගෙට කපද්දී කළකිරිලාද කොහෙද (නි)
දැන් එතකොට පේරාදෙණිය උද්‍යානයට ඕනෑ කෙනෙකුට රෑට පැනලා ගස් කපන්න පුළුවන්ද? (නි)
තිරිසන් මිනිසුන් සොබාදහමට ගහකොළට වින කරනවා. මේවයේ පලවිපාක විඳින්න වෙන්නේ අනාගත දරු පරපුරට. (නි)
හොරුන් කළුවරේ මේ ගහම විතරද දැකල තියෙන්නේ ? (ත)
පේරාදෙණිය උද්භිද උද්‍යානයෙත් ගස් කපනවානම් අනිත් ගස් ගැන කුමන කතාද ? (ත)
ලංකාවේ මිනිස්සු පුදුම මෝඩ පිරිසක්. ස්වභාව ධර්මය විනාශ කරන්නේ තමන්ගේ මතු පරපුර ගැන නොහිතා. (නි)
ඇයි මෙවැනි වටිනා ගස් ලක්ෂයක් දෙකක් හදලා රට පුරාම හිටවන්න බැරි? (නි)
බටහිර රටවල , ඇමරිකාවේ , සහ තවත් රටවල් මිසුන් ජීවිත පවා පරදුවට තබා වටින ගස් රකිනවා. ඒකට අපේ වනචාරීන් විනාස කරනවා (අ)
හොරකමට දැන් තිබෙන අවස්ථාව නැතිවෙයි කියලා සමහරුන්ට සැකයක් තිබෙනවා. (නි)
අපි ගැන පුදුම කණගාටුවක් තියෙන්නේ. (අ)
අනේ අපි මේවට මොනව කරනද..? (ස)
1978 වසරේ සිට වසර 36ක කාලයක් තුල වැඩී ඇත්තේ අඟල් 7ක වට ප්‍රමාණයකි! නමුදු වැනසීමට? (නදී)
මේ දේවල් අනාගත පරපුරට දැකගන්න ඉතුරු කරපල්ලා මිනිසුනේ. (ස)
අනින් ගෝලයෝ කල වැඩක්. (ස)