හදිසි අනතුරකට මුහුණ දුන් ද නේෂන් පුවත්පතේ ඡායාරූප මාධ්‍යවේදී රුක්ෂාන් අබේවංශ මහතාගේ ජීවීතය අනතුරින් මුදා ගැනීම සඳහා ඔහුගේ කොඳු ඇට පෙළෙහි සැත්කමක් සිදු කැරිණි.
ඔහු කොළඹ සෙන්ට්‍රල් රෝහලේ ප්‍රතිකාර ලබයි.
සියල්ල හොදින් සිදු වේ යැයි සැමගේම බලාපොරොත්තුවයි.රුක්ෂාන්ගේ සියලු ප්‍රතිකාර සඳහා රුපියල් ලක්ෂ 30 ක් පමණ වැය වන බව රෝහල කියයි.
ඔහුගේ රක්ෂණයෙන් ලැබෙන්නේ සුළු මුදලක් බවත් ඉතිරිය සොයා ගැනීම විශාල අභියෝගයක් බවත් බිරිය කියන්නීය.මේ අභියෝගයට මුහුණ දෙන්නට රුක්ෂාන්ට අපේ උදව් අවැසිය.
ඔහුගේ බිරිය ශමිලා නිරෝෂනී ආරියරත්න නමින් කොමර්ෂල් බැංකුවේ මරදාන ශාඛාවේ ගිණුමට ආධාර බැර කළ හැකියි.
ගිණුම් අංකය - 8320022931, ස්විෆ්ට් කේතය CCEYLKLX දුරකතන අංකය- 071-6503062
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම මේ අයියාගෙ ළඟම මිතුරෙක්. මොහු හොඳ මනුස්සයෙක්. මේ වියපැහැදම් මෙම පවුලට දරාගන්න අමාරුයි. මමත් උදව් කරනවා. ඔයාලත් පුලුවන් උදවුවක් කරන්න.ගොඩක් පින් අයිතිවෙයි! (නි)
ඉන්ද්‍රජිත් මේ මගේ අයියා.. එයා රට වෙනුවෙන් කලේ සත්‍ය හෙලිකල එක.. මාධ්‍යවේදියෙක්ට කරන්න පුලුවන් ලොකුම දේ.. කරූ යතුරුපැදි අනතුරක්.. යතුරුපැදිය පැදවූ කෙනාටත් තුවාලයි නමුත් බරපතල නැහැ.. සුදත් ඔබේ ගැටලු සාධාරණයි. සියලු විස්තර ලබාදෙන්න අපි සූදානම්. සරා කොළඹ මහ රෝහලේ අවශ්‍ය පහසුකම් නොතිබුනු නිසා තමයි අපි මේ රෝගියාව සෙන්ට්‍රල් පෞද්ගලික රෝහලට අරන් ගියේ. කොළඹ මහ රෝහලෙන් රෝගියාව දින 45ක් තබාගතයුතුයි කීවා. නමුත් පැය කීපයක් තුල සුෂුම්නාවේ ශල්‍යකර්මය කලයුතුව තිබුනා. අපි ඒ මොහොතේ ඒ තීරණය නොගත්තානම් රෝගියාගේ සත් දින දානය දී අවසන්.. (දී)
ඇත්ත. මෙවැනි වෙලාවක තමයි අපි උදවු කරන්න ඕනෑ (නි)
ඉන්ද්‍රජිත්, මිනිහෙකුට අනතුරක් ආපදාවක් වුනාම අලගිය තැන් මුලගිය තැන් හොයන්නේ නැතුව හැකි පමණින් උදව් කරන එක තමයි මනුස්ස කම. (නදී)
ඉන්ද්‍රජිත් රට වෙනුවෙන් කර ඇති දේ මොකක්ද? (නදී)
මට පෙනෙන්නෙත් හිතෙන්නෙත් ඉන්ද්‍රජිත් පොඩි විහිළුවක් කරලා වගෙයි. එ්කට කාගේ කාගේත් ඇස් රතු වුණාවත්ද? ඒක විහිළුවක් නම් ටිකක් ඒක සැර වැඩි කියල තමයි මට කියන්න තියෙන්නේ. අපි විකටයින්ගේ විකට කතා වලට කලබල වෙන්න ඕනි නැහැ!(නදී)
නාගයන්ටත් බෙහෙත් දුන්න උතුම් ජාතියක් අපි. රෝගියා සුවපත් වේවා! (නදී)
රට වෙනුවෙන් කර ඇති දෑ දාන්න (නදී)
කෙනෙකුට විපතක දී තමන් උදව් කරන්න අකමැති නම් කරන්න කැමති අයට ඉඩ දී පැත්තකට වෙන්න . රනිල් මහතා ඔබේ සොහොයුරාගේ ප්‍රතිකාර තොරතුරු , දොස්තර නිර්දේශ යනාදිය සඳහන් කරලා වැඩි විස්තර ඉදිරිපත් කලොත් හොඳයි නේද ? අපි බහුතරයකට මේ ගැන සැකයක් නැහැ . නමුත් විනිවිද භාවය ඉතා වැදගත්. (අ)
රෝය් මහතා, රට වෙනුවෙන් සේවය කල උදවිය සඳහා තමා අර සිංගප්පුරුවේ ප්‍රසිද්ධ රෝහල තියෙන්නේ. මේ රෝගියාත් මට මතක නැහැ කිව්වා නම් සියලුම ප්‍රතිකාර ලැබේවි. (නදී)
මෙයා මගේ මිතුරෙක්. හොඳ මනුස්සයෙක්.. වාහන අනතුරකින් මේ දේ වුණේ.කළ හැකි උපකාරයක් කරන්න..ගොඩක් පින්! (නි)
මේ කියන දේ ඇත්ත. මගේ ඥාති සොයුරාත් මිතුරෙකු සමග මෝටර් සයිකලයේ ගොසින් කකුල දෙක කැඩුනා. එය පැදවූ කෙනා සුළු තුවාල ලබා බේරුනා. සාමාන්‍යයෙන් පසු පස ගමන් කරන කෙනාටලු වැඩියෙන් අනතුරු වෙන්නේ. රුක්ෂාන්ගේ කන් කොන් නොසොයා අපි හැකි උපකාරයක් කරමු. (නදී)
ඉන්ද්‍රජිත් ඔබට අවශ්‍ය නම් රෝගියාගේ වැඩි විස්තර ඉල්ලන එ්කේ කිසිම වරදක් නැහැ . නමුත් කෙනෙකුට ලෙඩක් දුකක් වුන වෙලාවේ මෙහෙම කුහක වෙන්න එපා. රටට සේවය කල උදවියද මහ තැන් වල පිහිටෙන් ලෝකයේ හොඳ ම රෝහල වල ප්‍රතිකාර ලබා ගන්නේ. (නදී)
රට වෙනුවෙන් කර ඇති දේ නෙමෙ,මේ මිනිසාගේ ජීවිතය බේරගන්න විදිහ බලන්න,ඉක්මන් සුවය සහ අපේ සියලු පාඨකයන්ගේ ආදරය නොඅඩුව ලබා දෙන්න, (ස)
ඉන්ද්‍රජිත්, රට වෙනුවෙන් මුකුත් කරත් නොකලත් මනුස්සයෙක් වශයෙන් උදව්වක් කරන්න පුලුවන්නම් කරන්න.... පිස්සෙක් වෙන්න එපා...(ස)
ඉන්ද්‍රජිත් - මනුස්සයෙක් අසරණ උන වෙලාවට ඒ මනුස්සයා හොඳ මනුස්සයෙක්ද නරක මනුස්සයෙකද කියලා හොයා ඉන්නේ නැතුව මනුස්ස නාමයෙන් උදව් කරන එක තමයි කරන්න ඕනේ. අනේ මන්දා රටේ මිනිස්සුන්ට මොනවා වෙලාද කියලා මේ ලඟකදී ඉඳලා. මොහුට ඉක්මන් සුව ප්‍රර්ථනා කරන අතර පුළුවන් පුළුවන් විදියට උදව් කරමු අපි හැමෝම එකතු වෙලා. (ස)
අපෙත් ළඟම මිතුරෙක්. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අහිංසක ලස්සන සරල ජීවිතයක් ගතකරන හොඳ පවුලක්. මේ පවුලට මේ වියපැහැදම් කොහෙත්ම දරාගන්න අමාරුයි. ගොඩක් පින් අයිතිවෙයි, පුලුවන් විදියට උදවු කරමු අපි හැමෝම එකතු වෙලා. (නි)
ඔබට ඉක්මන් සුවය ලැබේවා! (නි)
ඉන්ද්‍රජිත් කියන්නේ මොන වගේ කෙනෙක්ද මන්දා? රුක්ෂාන් කියන්නේ මනුස්සයෙක්. උදවුවක් කරනවා නම් ඒ හේතුවම ඇති. (නි)
සියළු දෙනාගේම සහයෝගයට අවන්ක ස්තූතිය. මේ වනවිට සුසුම්නාවේ ශල්‍යකර්මය සිදුකර අවසන්. ශල්‍යකර්මය සිදුකලේ ආසියාවේම හොඳම ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙක් ලෙස සලකන සුනිල් පෙරේරා මහතා. කොළඹ මහ රෝහලේ අවශ්‍ය පහසුකම් නොතිබුනු නිසා තමයි අපි මේ රෝගියාව සෙන්ට්‍රල් පෞද්ගලික රෝහලට අරන් ගියේ. තවමත් රෝගියාට පපු ප්‍රදේශයෙන් පහල පාලනයක් නැහැ (තාවකාලික තත්වයක් වේව කියලා අපි ප්‍රාර්ථනා කරනවා, නමුත් සුව වීමේ ස්ථීර දිනයක් වෛද්‍යතුමටත් කිවනොහැකියි). වෛද්‍ය නිර්දේශ, රෝහල් බිල්, පොලිස් වාර්තා සියල්ල අවශ්‍ය ඕනැම අයෙකුට ලබාදෙන්නට අපි සූදානම්. රෝගියා මේ වනවිට ප්‍රතිකාර ලබන්නේ සෙන්ට්‍රල් පෞද්ගලික රෝහලේ 5 මහලේ පිහිටි ස්නායු දැඩි සත්කාර ඒකකයේ. හැකි ඉක්මනින් අපි රුපියල් ලක්ෂ 30ක මුදලක් රැස්කල යුතුයි. ඒ මුදල දැනට වියදම පමනයි. රෝහලෙන් පිටත් වූ දිනක සිට අතිරේක වියදම් අපමනයි බව අපි දන්නවා... වැඩි විස්තර සඳහා මා ඇමතීමට කාරුණික වන්න.. රනිල් ආරියරත්න - 0771659602 (අ)
ඉන්ද්‍රජිත් ගිනිගත්ත රැවුලෙන් සුරුට්ටු පත්තුකරන්න හදනවා. ඔහු කල දේවල් පසුව බලමු. (ස)
මොකක්ද හදිසි අනතුර අපි දැනගන්න ඕනා (නදී)
කලබල වෙන්නෙ මොකටද? එසැණ පුවත් පාඨකයින් මිනිස්සුන්ට උදව් කරන්න නිතරම සූදානමින් ඉන්නෙ. එහෙම උදව් ගත්තු අය ඕනෑ තරම් ඉන්නවා. ඒත් ඊට කලින්, උදව් කරන්නෙ කාටද, අනතුර උනේ කොහොමද, අරමුණ මොකද්ද? කියලා දැනගන්න උදව් කරන්නන්ට අයිතියක් තියෙනවා. කිසිවක් නොදැන බැංකු ගිණුම් වලට මුදල් යවන්න කවුද කැමති? (ස)
ඇයි මෙච්චර සල්ලි ඉල්ලන්නේ රෝහලෙන්? ප්‍රතිකාරය මොකක්ද? අනතුරෙන් වුනේ මොකක්ද? දෙවෙනි උපදෙසක් ගත්තා නම් හොඳයි නේද? මේ විස්තරත් දාන්න. (ස)
රජයේ රෝහලක කරන්න බැරි දෙයක්ද?. ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි. (ස)
රජයේ රෝහලක කරන්න බැරි දෙයක්ද?. ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි. (ස)