IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ඡන්දයට ආ රාජ්‍ය සේවකයන්ට මූලික වැටුප

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා බාර දුන් රාජ්‍ය  සේවකයන්ට සිංහල අලුත් අවුරුද්ද සැලකිල්ලට ගෙන මේ මාසයේ මූලික වැටුප ගෙවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පාර්ලිමේන්තුවේදී අද (4) පැවසීය.

මෙම වැටුප (මාර්තු 9 වැනිදා සිට අප්‍රේල් 25 වැනිදා) ලබන 10 වැනිදාට පෙර ගෙවන බවද ඔහු සඳහන් කළේය.

මේ පිරිසෙන් යම් යම් අය රැකියාවලට  යන බවට ආරංචි ලැබී ඇති බවත් එය නීති විරෝධී වැඩක් හෙයින් ඒ අයගේ රැකියා පවා නැති විය හැකි බවත් රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.

වක්කුඹුර මහතා මෙසේ පැවසුවේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී  ජගත් කුමාර සුමිත්‍රආරච්චි මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ජානක වක්කුඹුර මහතා මෙසේද සඳහන් කළේය.

මූලික වැටුප ගෙවන්න නිර්දේශ කළේ මැතිවරණ කොමිසම.ඒ නිසා තමයි මෙහෙම කැබිනට් පත්‍රිකාවක් දැම්මෙ. මේ අය සේවය පිහිටුවන්න බැහැ කියලා මැතිවරණ කොමිසම  ව්‍යවස්ථාව පෙන්නලම කියලා තියෙනවා.

කොට්ඨාස අඩු කිරීම පිළිබඳව සොයා බැලීමට සමාලෝචන කමිටුවක් පත් කරනවා.



අදහස් (1)

ඡන්දයට ආ රාජ්‍ය සේවකයන්ට මූලික වැටුප

Nandana Tuesday, 04 April 2023 03:19 PM

හිතාගන්න පුලුවන් නෙ තමාගෙ පවුල මාස 6 ක් වත් නඩත්තු කරගන්න සතේ නැති හිගන්නො දේශපාලනයට එන්නෙ මොකටද කියල

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 82 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 30 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site