පළාත් පාලන ඡන්දය වහා පැවැත්වීමට රජයට හැකි වේවායි පතමින් ඒකාබද්ධ විපක්ෂයට හිතවත් කළුතර දිස්ත්‍රික්කයේ මන්ත්‍රීහු පිරිසක් බණ්ඩාරගම මිල්ලනිය විෂ්ණු දේවාලයේ අද(3) පොල්ගැසූහ.
පළාත් පාලන ඡන්දය වහා පැවැත්වීමට රජයට හැකි වේවායි පතමින් ඒකාබද්ධ විපක්ෂයට හිතවත් කළුතර දිස්ත්‍රික්කයේ මන්ත්‍රීහු පිරිසක් බණ්ඩාරගම මිල්ලනිය විෂ්ණු දේවාලයේ අද(3) පොල්ගැසූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඔයින් පොල් ගෙඩියක් මගේ ඔලුවටත් ගහනවද, යහපාලනයට ඡන්දෙ දුන්නට. (නි)
ජනතාවට තියෙන ආදරයනේ මේ සේවය කරන්න (නි)
අනේ හැබෑට මෙහෙමත් විකාර! (නි)
රටට වැඩක් කරන්නද ඔය පොල් ගහන්නේ. බලන්න එපායැ ඡන්දෙ දිනුවට පස්සේ මොවුන්ට මිනිස්සු පේන්න බැහැ (නි)
මේවා ඉන්දියාවෙන් බෝවුණ රෝග. ඉන්දියාව කියන්නේ ලෝකයේම තියන දිළිඳු රට. ඉන්දියාවෙන් ආ දෙවිවරු බලවත් නම් ඇයි මෙහෙම වෙලා තියෙන්නේ. පිස්සු වැඩ කරන්න එපා (නි)
මෙන්න නියම ජනතා නියෝජිතයෝ! (නි)
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
මේගොල්ලන්ට තියන ජනතා ප්‍රසාදය මේ පුවතට දාලා තියන අදහස් වලින්ම ඔප්පු වෙනවා. 100% ක් ම මේ ක්‍රියාව හෙළාදැකලා තමයි අදහස් පළකරලා තියෙන්නේ. (නි)
අනේ මෙහෙම මිනිස්සු! ජනතාවට මොනතරම් ප්‍රශ්න තියනවද? මොවුන් ඒ වෙනුවෙන් එක පොල්ගෙඩියක් ගහනවද? තමන්ගේ වාසියට තමා මේ හැමෝම වැඩකරන්නේ. (නි)
තාම ගල් යුගයේ ඉන්න මිනිස්සු... දෙයියෝ, භූතයෝ කියන සංකල්ප මත ජීවත්වීම නිසා දේශපාලකයන්ටත් හරිම පහසුයි මේ වගේ රැලක් පාලනය කරන එක... (නි)
මෙය බලන හැමෝගෙන්ම කරන ආදරණීය ඉල්ලිමක් නම් මෙතන ඉන්න එකම එක හොරෙකුටවත් ඡන්දය දී ඒ උතුම් තැනට යන්න දෙන්න නම් එපා. (නි)
තිස්තුන් කෝටියක් දෙවිවරු වැඩ ඉන්නවලු. එ්ත් හැටහතර කෝටියක් ලෙඩරෝග, අපරාධ. මෙහෙමත් මෝඩ ජාතියක් කවදා දියුණුවෙයිද? (නි)
කලින් ගහපු පොල් වලට ප්‍රතිඵල තියනවද? (නි)
හොරා කන්න කාලයකින් බැරිවුණ නිසා අතමිට හොදටම හිඟ ඇති. (නි)
වාසනාවට මේගොල්ලෝ තණකොළ නොකන එකමයි හොඳ, නැත්නම් හරක් බඩගින්නේ. (ම)
කට්ටියක් පොල් ගැහුවා හිලරි ක්ලින්ටන් දිනවන්න. ඔය දිනුවේ උඩින්ම. මීටවඩා නරකද මේ හැමෝම රටට ප්‍රයෝජනවත් වැඩකට යෙදෙව්වා නම්? (නි)
පොල් ගෙඩියටත් කරන නින්දාවක්! (නි)
මේ වගේ බුද්ධිමත් මිනිස්සු නායකයන් වෙන රටකට වරදින්නේ නැහැ. (නි)
කරන්නම වැඩක් නැත්නම් ගෙදර ගිහින් දරුවන්ටවත් හොඳ අධ්‍යාපනයක් දෙන්නකෝ. අඩුම තරමේ ඔවුන්වත් මේ මෝඩකම් වලින් බේරෙයිනේ එතකොට. නුඹලාත් ඉන්දියන්කාරයෝ වගේ. මේ උතුම් බෞද්ධ රටේ, ඔච්චරම පොල් ගහල මේ මිනිසුන්ට ලෝකේ දේවල් වෙනස් කරන්න පුළුවන් නම් උපන් දා ඉඳලා පොල් කන අපිට අහසින් යන්නත් පුළුවන් වෙයිනේ (නි)
මේ පොල් ඔවුන්ගේම ඔලුවේ ගැහුවා නම් හරි ටිකක් මොළේ පෑදෙන්න. මොවුන්ට කවුරුවත් ඡන්දෙ නම් දෙන්න එපා. මේ රට තවත් අාගධයටම යවයි. සමහරු තිරුපති යනවා, සමහරු මැජික් බෝල කරකවනවා. අනේ රටකට හරිහමන් නායකයින් නැති අවාසනාව! (නි)
මේ පොල් උස්සගෙන ඉන්න අය පෙනෙනකොට මට එන්නේ ලොකු තරහක් (නි)
ප්‍රාදේශීය සබා නැතිවීම හොඳයි. (නි)
අපි අයිතිවාසිකම් ඉල්ලන්න කලින් අපෙන් රටට වියයුතු යුතුකම් ඉටුවෙලාද? හැමෝම තමුන්ගේ හෘද සාක්ෂියෙන් අහලා බැලුවොත් හොඳයි නේද? (නි)
අනේ අපේ දේශපාලකයෝ! (නි)
රට හදන්න වෙන්න ඇති. අහෝ දෙවියනි! (නි)
රට කවදා දියුණුවේවිද මේ වගේ අය නිසා... (නි)
දවසින් සවස කල්යන මැතිවරණයක් පවත්වන්න කියලා දෙවියන්ට කරන කන්නලව්වක් දැකලා මේක ඉන්න සමහරු ආතුරයෝ වෙලානේ (නි)
හොරාකන්න එන්න දඟලන දැඟලිල්ලක්? කොයිතරම් රටට ආදරය කරන මිනිස්සුද මේ? (නි)
ශ්‍රී විෂ්ණු දෙවියෝම බලාගන්න ඕනෑ මේ ගැත්තෝ අපි වෙනුවෙන්ද, ඔවුන් වෙනුවෙන්ද මේ පොල් ගහන්නේ කියලා. (නි)
පිස්සුද මන්දා හැමදේටම පොල් ගහන්නේ. (නි)
ආණ්ඩුව පෙරළනවා කියලනේ තියෙන්නේ. දැන් මොකටද පොල්. (නි)
ඇත්තටම රටට ආදරේ නිසාද...? (නි)
බලය නැතුව පිස්සු වැටිලා. (නි)
මේකේ ඉන්න අයගේ සැබෑ තත්වය දෙවියන්ට තේරෙන නිසා පොල්ගහලා දින හතක් යනකොට මේ වගේ මෝඩ වැඩ නොකරන්න දඬුවමක් ලබා දේවි (නි)
දෙවියන්ට ආචාර කරන විදිහටයි පෙනෙන්නේ. මේ නම් ඡන්ද අපේක්ෂකයෝම තමයි (නි)
මේ වගේ බල වියරුවක් වෙන කිසි රටක නැතුව ඇති. (නි)
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා වැනි උතුමෝ රටට සේවය කළේ ඡන්ද වලින් දිනලද? ඡන්ද වලට ඉදිරිපත් වෙලාද? (නි)
මෙච්චර මේ පොල් ගණන් කාලේ ජනතාවට කන්න තියන පොල් ටික දේවාල ගානේ ගහලා විනාශ කරන හැටි? (නි)
දැක්කනේ එක්කෙනෙක් අවුරුදු දෙකකට කලින් දෙවියන්ගෙන් අහලා ඡන්දෙ දිනුවා. මහදැන මුත්තයි ගෝලයෝ ටිකයි වගේ. පැරදිලාවත් ලැජ්ජාව කියලා දෙයක් නැහැ. (නි)
මේ මෝඩ රාලගේ ඔලුවේ තමා මේ පොල් ගහන්න ඕනා, අන්ධ භක්තික සෙනගක් (බ)
මහින්දගේ කාලේ හොරාකාපු අය ආයෙත් ඒ ආසාවමයි (බ)
මොන අරමුණකින් ගැහුවත් මේ පොල් ගහන්නේ මෛත්‍රියෙන් නෙමෙයි නේ , එතකොට මේ ද්වේශය නිසාම එයින් පිටවන චිත්ත කිරණ වලින් මුළු පරිසරයම දුෂණය වෙන එක , හැම දෙයම හේතු පල දහමට යටත් නිසා පලයක් හැටියට ස්වභාවික විපත් හැටියට අපටම කැරකිලා එනවා (බ)
අනේ අපොයි.(හේ)
මේ මිනිස්සුන්ට වෙන වැඩක් ඇත්තෙම නැද්ද දන්නේ නෑ.(හේ)
අනේ මෙහෙමත් වැඩ.(හේ)
දැන් පොල් ගහපුවම ඡන්දය තියෙන දවස හරිද,?(හේ)
රට කන්න දඟලන දැඟලිල්ලක්.(හේ)
පොල් ගෙඩිය ගහන්න ඕනේ මේ අයගේ ඔලුවේ.(හේ)
පොල් ගැසීම එයාලා කලත්, කැපුවො දැන් මොනවද දෙවියන්ට කියා සිටින්නේ? ඇත්තටම මේක පොල් ගැසීමට වඩා, පණිවිඩය මාධ්‍යට දාගන්න කරන රඟ පෑමක්. (හේ)
මේ පිරිස රටට තියෙන ආදරේ තරම නේ ....(හේ)
බලමුකෝ මොකද වෙන්නේ කියලා නේද?(හේ)
වැඩක් වෙන්නේ නෑ පොල් ගැහුවා කියලා.(හේ)
දෙවියොම බලත්වා.(හේ)
බොරු වැඩ කරන්න එපා.(හේ)
මේ වගේ මෝඩ මිනිස්සු.(හේ)
වැඩක් නැති මිනිස්සුන්ට හොදයි.(හේ)
මේ වගේ මිනිස්සු එක්ක කොහොමද රට දියුණු කරන්නේ?. (නි)
ඡන්ද වලට වඩා හොඳ නැද්ද හාල් මිලට පොල් ගැහුවා නම්? (නි)
මේ වගේ අයද ඡන්දෙ ඉල්ලන්නේ? ඔය පොල් දුප්පත් මිනිසුන්ට කන්න දෙන්න (නි)
බලමු මෙයාලගේ පැතුම් සඵලවෙයිද කියලා (නි)
ඡන්දෙ ඉල්ලගෙන ගම්වලට එන මේ අයට බූවල්ලට පහරලා තලන්න ඕනෑ. (නි)
අනේ විෂ්ණු දෙවියනේ, පොල් ගෙඩියක් රු 65ක් 70ක් විතර වෙනවා. අනේ අපිට කන්න තියෙන පොල් ටික මේ විදියට ගහලා ඉවර කළාම පොල් ගෙඩියත් රු 100ක් විතර වේවි. අනේ ඔබ වහන්සේ අසරණ අපි දිහා බලලා අපිට පිහිටක් වෙන්න. (නි)
මේ ඉන්න අය දිහා හොඳින් බලන්න. මෙතන ඉන්න එක් කෙනෙක්ගෙවත් හිතකවත් නැහැ රටට සේවය කරන්න. මේ ඔක්කොම බොරුකාරයෝ. අනේ මට ගස් ටිකක් කපාගන්න, අනේ මට ගඟේ වැලි ටිකක් ගොඩදාගෙන විකුණගන්න, අනේ මට පෙට්‍රල් ෂෙඩ් දෙක තුනක් දාගන්න, අනේ මගේ කසිප්පු බිස්නස් එක කරදරයක් නැතුව කරගන්න..ඔන්න ඔය වගේ ප්‍රාර්ථනා තමා මේ අයගේ හිතේ තියෙන්නේ. (නි)
එතකොට සුද්දෝ ගහන්නේ ඇපල්ද? දන්නේ නැති නිසයි අහන්නේ. (නි)