දකුණු පළාතේ ගුරු වැටුප් ප්‍රතිශෝධන හා ගැටළු සාකච්ඡා කිරීමට යැයි ගුරුවරුන් අනිවාර්ය ජංගම සේවයකට කැඳවා ඇතැයි ලංකා ගුරු සංගමය කියයි.
දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ජයතිස්ස බ්ලොක් ඔවුන් ඒ සාකච්ඡාවට කැඳවා ඇතැයිද ඡන්ද නීතී අමු අමුවේ සිඳ බිඳ දැමීමක් යැයිද සංගමයේ ලේකම් ජෝෂෆ් ස්ටාලින් මහතා පවසයි.
ඇල්පිටිය,අම්බලන්ගොඩ, ගාල්ල,උඩුගම,මාතර,අකුරැස්ස,දෙණියාය,මුලටියන,වලස්මුල්ල ,තංගල්ල හා හම්බන්තොට ගුරු හා විදුහල්පති සේවයේ තිස්දහසකට වැඩි පිරිසක් දෙසැම්බර දොළොස් වැනිදා සිට මේ ජංගම සේවයට කැඳවනු ලැබ සිටිති.
බ්ලොක් මහතා පවසනුයේ ගුරු ගැටළු විසදීමට මෙම ජංගම සේවය සුදානම් කළ බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ මේ මැතිවරණ කොමසාරිස් වරයා...මේවා ඔබගේ වගකීම්..රජය ඔබව සත පහකටවත් ගණන්ගන්නේ නැහැ වගේ. පොලිසියත් එහෙමයි.පෝස්ටර් කටවුට් හැමතැනම.ඒවා ගලවන්න පොලිසිය බයයි. කරුණා කරලා තමන්ගේ වගකීම් හරියට ඉටුකරන්න එහෙම බැරිනම් වහාම ඉල්ලා අස්වෙන්න.මේ හේතුව නිසා තමයි විධායක ජනාධිපති ක්‍රමය ඉවත්කරන්න කියලා කියන්නේ.දැන් රටේ මිනිස්සුන්ට එ්ක හොඳට තේරෙනවා. (ස)
ඕක තමයි අපි කියන්නේ නීතිවලට ගරුකරන රජයක් ඇතිකරගත යුතුයි කියලා. (නි)
මෙමඟින් රාජ්‍ය සේවකයන්ට බලපෑමක් කරන්න දරන උත්සාහය මඟින් මැතිවරණ නීති බිඳවැටෙන අතර කණගාටුවට කරුණ වන්නේ විපක්ෂය මේ සදහා සුදුසු ක්‍රියාමාර්ගයක් නොගැනීම නිසා මෙය සාමාන්‍ය කරුණක් බවට පත්වී තිබීමයි. (නි)
මේක පොඩි දෙයක්නේ. (ර)
මේක මහින්දගේ වාසියට හදගත්තු නිතිය රටේ කොහොමද සාධාරණය තියෙන්නේ ජනතාවට සාධාරණය ඉෂ්ඨ වෙනවා තිරුපති කෝවිලෙන් ඡන්දෙ ගැන වාසි ලැබුනේ නැද්ද ජනතාව අමතක කර තමන්ගේ සුඛ විහරණයේ යෙදීමේ ඵලවිපාක ඉදිරියේදී හම්බ වේවි. (බ)
මාර සේවාවන් ටිකක්නේ දැන් සපයන්නේ (දී)
දැන් නිලධාරීන්ගේ අතේ තිබුන පෑන අයින් කරලා ඒ වෙනුවට මල්ලක් දීලනේ තියෙන්නේ ඒකවත් දන්නේ නැද්ද (දී)
මෙහෙමද මහත්තයෝ විනය ගරුක නීති ගරුක සමාජයක් හදන්න යන්නේ? (නදී)
මෙහෙමත් වැඩක් (දී)
මැතිවරණ නීති උල්ලංඝනය වන අන්දමින් රට පුරාම ඉදිකර ඇති කටවුට්, බැනර්, පෝස්‌ටර්, සැරසිලි ඉවත් කර ගැනීමට නොහැකිව පොලිසිය අසරණ තත්ත්වයට පත්ව සිටින බව පොලිස් මූලස්‌ථාන ආරංචි මාර්ග පවසයි. මෙම තත්ත්වය උදාවී ඇත්තේ රට පුරා ඉදිකර ඇති කටවුට්, පෝස්‌ටර්, බැනර් ඉවත් නොකරන ලෙස විවිධ දේශපාලනඥයන්ගෙන් හා බලවත් පුද්ගලයන්ගෙන් පොලිසිය වෙත දිගින් දිගටම එල්ල වන බලපෑම් නිසා බව ද එම ආරංචි මාර්ග කියා සිටියි. ජනාධිපතිවරණයට අදාළව ඉදිකළ දැවැන්ත කටවුට්, බැනර්, පෝස්‌ටර්, සැරසිලි රට පුරාම තිබෙන අතර ඊයේ වනතුරුත් ඒවා කිසිවක් පොලිසිය මගින් ඉවත් කර නොතිබිණි. නාමයෝජනා භාරදීමෙන් පසු රට පුරාම ඇති නීති විරෝධී ප්‍රචාරක පුවරු, කටවුට්, සැරසිලි වහාම ඉවත් කරන ලෙස මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පොලිසියට සහ නගර සභාවට නියෝග කළේය. මෙම ප්‍රචාරක පුවරු, කටවුට්, බැනර්, පෝස්‌ටර් ඉදිකර ඇත්තේ එක් එක් පළාත්වල දේශපාලනඥයන් සහ ප්‍රභූ පුද්ගලයන් විසින් බව පොලිස් ආරංචි මාර්ග පවසයි. තම ප්‍රදේශවල ඇති මැතිවරණ ප්‍රචාරක පුවරු සහ සැරසිලි ඉවත් කිරීමට කටයුතු නොකරන ලෙස එම ප්‍රාදේශීය දේශපාලනඥයන් අදාළ පොලිස් ස්‌ථානවලට බලපෑම් කර ඇත. (දී) මේ සම්බන්ධයෙන් "දිවයින" කළ විමසීමකදී මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ගාමිණී නවරත්න මහතා කියා සිටියේ ඉදිරි දිනවලදී මෙම සැරසිලි සියල්ල පියවරෙන් පියවර ඉවත් කර දැමීමට කටයුතු කරන බවයි. එහෙත් මැතිවරණ ප්‍රචාරක දැන්වීම්, කටවුට්, සැරසිලි ඉවත් කිරීමේ වගකීම පොලිසියට මෙන්ම පළාත් පාලන ආයතන වෙතද පැවරී තිබෙන බව පොලිස් මූලස්‌ථානය කියා සිටියි.
දැන් මොන දේ කරත් අගයක් නැහැ මේක මර වැඩක්.(හේ)
දැන් එළිපිටම කරන මැතිවරණ නීති උල්ලංඝනය කරන ඒවා බලපුවම. අවනීතිය රටේ රජවෙලා.(හේ)