ප්‍රාදේශීය මාධ්‍යවේදීහු දිස්ත්‍රික් තේරීම් භාර නිලධරයාගේ අවසරය මත ප්‍රාදේශිය මාධ්‍යවේදීන්ට ඡන්ද පොළේ සිය රාජකාරී කිරීමට ඉඩ දෙන්නැයි මැතිවරණ කොමසාරිස්ගෙන් ඉල්ලා සිටීමේ ලිපියක් කොළඹ පදනම් ආයතනයේදී නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා ජනතා ක්‍රියාකාරීත්වය නොහොත් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා වෙත බාර දුන්හ.
එම ලිපිය 9 වැනි දින සවස මැතිවරණ කොමසාරිස්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව හෙට්ටිආරච්චි මහතා පැවසීය.
මාධ්‍යවේදී අජිත් ලාල් ශාන්ත උදය, කාංචන කුමාර ආරියදාස යන මහත්වරු එම ලිපිය බාරදුන්හ. මෙම අවස්ථාවට දිවයින පුරා මාධ්‍යවේදීහු 36 දෙනෙක් සහභාගී වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉඩක් ලැබෙයි කියලා හිතනවා (ම)
මේ ගැන වගකිවයුත්තන් සාධාරනය ඉටුකරනු ඇතැයි සිතමි. (නි)