(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)
“ඡන්දයෙදි වැඩියෙන් සල්ලි බෙදුවේ නැගෙනහිර පළාතෙයි. ගිණි පෙට්ටිවල දාලා පන්දහේ කොල බෙදුවා .මෙවා කරපු නායකයෝ මෙතෙන රෙදි ඇඳගෙන කතා කිරීම ලැජ්ජාවක් “ යැයි පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනාධිපති නිතිඥ ෆයිසර් මුස්තාපා මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවැසීය.
පාළාත් පාලන ඇමතිවරයා මේ බව පැවසුවේ පළාත් සභා මැතිවරණය පිළිබඳව සභාව කල්තබන අවස්ථාවේදීය.
ෆයිසර් මුස්තාපා මහතා මෙසේද කීය.
“ සමහරු අද ජාතිය විකුණලා ජාතිය ගැන කතා කරනවා .අසූචි ගා ගත්තු සමහර මහත්වරු සුදනෝ වගේ මෙතැන කටයුතු කරනවා.මේ ඡන්ද ක්‍රමයෙන් කිසිම ජාතියකට අසාධාරණයක් වන්නේ නැහැ. දූෂිත මනාප ක්‍රමය කියා දේශපාලනයේ ලොකු පිරිහීමක් ඇතිවුණා. දූෂිත මනාප ක්‍රමය යළි ගේන්න ඉඩ දෙන්න එපා. දැනට තියෙන සීමා නිර්ණවාර්තාවෙන් අපට ඡන්දයක් තියන්න බැහැ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ආණ්ඩුවේ ඉන්න වැඩ බැරි ඇමතිවරුන්ගෙන් ඉහළින්ම ඉන්නේ මෙයා පළාත් පාලන ඡන්දය වගේම පළාත් සභා ඡන්දයත් පුළුවන් තරම් අතගාගා ඉඳලා අන්තීමට අනලා දානවාට විශ්වාසයි.
අරගොල්ලනට තිබෙන චෝදනාව ඡන්දෙට බෙදිල්ලයි. සිල්රෙදි බෙදුවා, පයිප්ප බෙදුවා, ලිප් බෙදුවා දැන් සල්ලි බෙදුවා. මේ ගොල්ලන්ට තිබෙන චෝදනාව ඡන්දෙට කියලා මිලියන ගණන් ගත්තා කියලයි...
ඡන්දකාලෙට ඔය හැම මහත්තයෙක්ම දන්සල් දෙන බව අපි දන්නවා. ඡන්දෙට මිලක් නියම කරන්නේ තමුන්නාන්සේලා. අපි මුදලාලිලා පාර්ලිමේන්තුවට යවලා රට සංවර්ධනය වෙන හැටි බලා ඉන්නවා අවුරුදු 70ක්. භූතානය , නේපාලය අපි පහුකර යද්දී අපි සිනාසෙමින් අපේ මන්ත්‍රීවරුන්ට සැලියුට් ගහනවා.