IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


‘ඡන්දෙට දෙගොල්ලොම බයයි වගේ‘ - කතානායක

පාර්ලිමේන්තුව විසිරුවනවාට ආණ්ඩුපක්ෂය සහ විපක්ෂය යන දෙපිරිසම බයයි වගේ පෙනන බව කතානායක චමල් රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, අගමැතිට එරෙහි විශ්වාසභංගය හා පාර්ලිමේන්තුව විසිරුවීම ගැන පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අදහස් පළ කරද්දී ඔහු සේ කීවේය.

පාර්ලිමේන්තුව විසුරුවන ලෙසත්, විශ්වාස භංගයට බය නැතිනම් එය විවාදයට ගන්නා ලෙසත් විපක්ෂ මන්ත්‍රීවරු ඉල්ලූහ.

අගමැති - දින සියය අවසන් වෙද්දී 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනෙද්දී විපක්ෂයෙන් කිව්වා 20 වැනි සංශෝධනයත් ගෙන එන තුරු පාර්ලිමේන්තුව විසිරුවන්න එපා කියා. දැන් කියනවා පාර්ලිමේන්තුව විසරුවන්න කියලා. අපිට ප්‍රශ්නයක් නෑ. පාර්ලිමේන්තුව විසිරුවනවට අපිත් කැමතියි. විපක්ෂය බයයි පාර්ලිමේන්තුව විසුරුවනවට.

දිනේෂ් ගුණවර්ධන - අපි බය නෑ. විසිරුවන්න.

ලක්ෂමන් කිරිඇල්ල - 20 වැනි සංශෝධනය ද ඕනෑ? විසිරුවන්නට ඕනෑ? 20ට කැමති අය නැගිටින්න.

කතානායක - මට පෙන්නේ දෙගොල්ලන්ම බයයි වගේ විසිරුවනවට.



අදහස් (0)

‘ඡන්දෙට දෙගොල්ලොම බයයි වගේ‘ - කතානායක

සමන්ති Thursday, 11 June 2015 12:23 AM

අජිත් කලුආරච්චි, බය තියෙන්නේ වික්‍රමසිංහ මහත්තයට නොවෙයි. අර හිටපු ජනාධිපති වටේ ඉන්න මහජන ඡන්දයෙන් නොපැමිණි කට්ටියටයි. (නි)

:       0       0

අජිත් කලුආරච්චි - අ/පුර Thursday, 11 June 2015 04:17 AM

සමන්ති ඔයාගෙ කථාවෙ ඇත්තක් තියෙනවා ඉතිහාසය පුරාවට විවිධ පවුල් වටා භ්‍රමණය වන දේශපාලනික සන්නිපාතයට නීතිය හා පලිගැනීම නැමැති අකුණු පහර වැදී රට තුල දැවැන්ත දේශපාලනික පිපිරීමක් ද ඇතිවී තිබෙනවා. මෙයට බුදු දහමෙ පෙන්වා දී තිබෙනවනෙ අතහරින්නෙ නැතුව අල්ලාගෙනම සිටියාම වෙන්නෙ දුක් වෙන්නයි දුක් විදින්නයි අපාගත වෙන්නයි කියල. අන්න ඒ හේතුඵල දහමයි මෙයාලට මේ පටිසන් දෙන්නේ (ම)

:       0       0

ද සිල්වා බෙර්ලින් Thursday, 11 June 2015 04:58 AM

දැනට පාර්ලිමේන්තුවේ පවතින ව්‍යාකුල තත්වයත් විශ්වාස භංග ,සහ කකුලෙන් අදින දේවල් නිසා පාර්ලිමේන්තුවට දිර්ඝකාලින සැලසුම් අනුව ජනතාවට සේවය කිරීමට සහ රට දියුණු කිරීමට නොහැකි වී ඇත , (ම)

:       0       0

බටන්ගල Thursday, 11 June 2015 05:06 AM

අපේ ජනතාව මේ වතාවේදිවත් රටේ තියෙන දේශපාලන මඩ ගොහොරුව හඳුනාගත්තේ නැත්නම් රට අස්ථාවර වෙනවා වගේම දරුවන්ගේ අනාගතයත් නැතිවෙනවා.(ම)

:       0       0

පෙරේරා Thursday, 11 June 2015 05:16 AM

මටත් පෙන්නේ ආණ්ඩුවයි විපක්ෂයයි ඡන්දෙට බයයි වගේ . (ම)

:       0       0

අජිත් කලුආරච්චි - අ/පුර Wednesday, 10 June 2015 04:34 PM

ඡන්දෙකට යන්න බයක් නෙවෙයි තියෙන්නෙ රටතුල ඇතිවී තිබෙන විලම්භීතය පිළිබදව ජනතාව ඉදිරියට යන්න බැරි පට්ටපල් විලි ලැජ්ජාවක් අනේ අපොයි මෙහෙමත් නරිවාදන්, වික්‍රම සිංහ මහත්තයත් පැටලුන පඹගාලක් දැන්නම් නැත ඉතින් ගැලවීමක් මිදි, රටඉදි නොවන බව දැන්නම් හොදටම ඇති නේද වැටහීමක් ? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 582 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site