පාර්ලිමේන්තුව විසිරුවනවාට ආණ්ඩුපක්ෂය සහ විපක්ෂය යන දෙපිරිසම බයයි වගේ පෙනන බව කතානායක චමල් රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, අගමැතිට එරෙහි විශ්වාසභංගය හා පාර්ලිමේන්තුව විසිරුවීම ගැන පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අදහස් පළ කරද්දී ඔහු සේ කීවේය.
පාර්ලිමේන්තුව විසුරුවන ලෙසත්, විශ්වාස භංගයට බය නැතිනම් එය විවාදයට ගන්නා ලෙසත් විපක්ෂ මන්ත්‍රීවරු ඉල්ලූහ.
අගමැති - දින සියය අවසන් වෙද්දී 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනෙද්දී විපක්ෂයෙන් කිව්වා 20 වැනි සංශෝධනයත් ගෙන එන තුරු පාර්ලිමේන්තුව විසිරුවන්න එපා කියා. දැන් කියනවා පාර්ලිමේන්තුව විසරුවන්න කියලා. අපිට ප්‍රශ්නයක් නෑ. පාර්ලිමේන්තුව විසිරුවනවට අපිත් කැමතියි. විපක්ෂය බයයි පාර්ලිමේන්තුව විසුරුවනවට.
දිනේෂ් ගුණවර්ධන - අපි බය නෑ. විසිරුවන්න.
ලක්ෂමන් කිරිඇල්ල - 20 වැනි සංශෝධනය ද ඕනෑ? විසිරුවන්නට ඕනෑ? 20ට කැමති අය නැගිටින්න.
කතානායක - මට පෙන්නේ දෙගොල්ලන්ම බයයි වගේ විසිරුවනවට.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අජිත් කලුආරච්චි, බය තියෙන්නේ වික්‍රමසිංහ මහත්තයට නොවෙයි. අර හිටපු ජනාධිපති වටේ ඉන්න මහජන ඡන්දයෙන් නොපැමිණි කට්ටියටයි. (නි)
සමන්ති ඔයාගෙ කථාවෙ ඇත්තක් තියෙනවා ඉතිහාසය පුරාවට විවිධ පවුල් වටා භ්‍රමණය වන දේශපාලනික සන්නිපාතයට නීතිය හා පලිගැනීම නැමැති අකුණු පහර වැදී රට තුල දැවැන්ත දේශපාලනික පිපිරීමක් ද ඇතිවී තිබෙනවා. මෙයට බුදු දහමෙ පෙන්වා දී තිබෙනවනෙ අතහරින්නෙ නැතුව අල්ලාගෙනම සිටියාම වෙන්නෙ දුක් වෙන්නයි දුක් විදින්නයි අපාගත වෙන්නයි කියල. අන්න ඒ හේතුඵල දහමයි මෙයාලට මේ පටිසන් දෙන්නේ (ම)
දැනට පාර්ලිමේන්තුවේ පවතින ව්‍යාකුල තත්වයත් විශ්වාස භංග ,සහ කකුලෙන් අදින දේවල් නිසා පාර්ලිමේන්තුවට දිර්ඝකාලින සැලසුම් අනුව ජනතාවට සේවය කිරීමට සහ රට දියුණු කිරීමට නොහැකි වී ඇත , (ම)
අපේ ජනතාව මේ වතාවේදිවත් රටේ තියෙන දේශපාලන මඩ ගොහොරුව හඳුනාගත්තේ නැත්නම් රට අස්ථාවර වෙනවා වගේම දරුවන්ගේ අනාගතයත් නැතිවෙනවා.(ම)
මටත් පෙන්නේ ආණ්ඩුවයි විපක්ෂයයි ඡන්දෙට බයයි වගේ . (ම)
ඡන්දෙකට යන්න බයක් නෙවෙයි තියෙන්නෙ රටතුල ඇතිවී තිබෙන විලම්භීතය පිළිබදව ජනතාව ඉදිරියට යන්න බැරි පට්ටපල් විලි ලැජ්ජාවක් අනේ අපොයි මෙහෙමත් නරිවාදන්, වික්‍රම සිංහ මහත්තයත් පැටලුන පඹගාලක් දැන්නම් නැත ඉතින් ගැලවීමක් මිදි, රටඉදි නොවන බව දැන්නම් හොදටම ඇති නේද වැටහීමක් ? (අ)