පෝස්ටර් අලවමින් සිටි මහියංගන එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් පිරිසකට සඳුදා (29) රාත්‍රියේ මහියංගණ නගර මධ්‍යයේදි මැර ප්‍රහාරයක් එල්ලවී ඇති අතර එජාප ආධාරකරුවෙකු කැපුම් තුවාල ලබා මහියංගණ මුලික රෝහලේ ප්‍රතිකාර ලබන බවත් පොලිසිය කියයි.
මිගහපිටිය, සොරබොර පදිංචි එච්. ඊ. අජිත් චාමර (32) තරුණයකු එම පහරදීමෙන් තුවාල ලබා ඇති අතර නගරයේ කොළ පාටින් සරසන ලද කොඩිවැල් කපා දැමුබවත් මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කරමින් ඔහු පැවසීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා ගැන තියෙන්නේ 19ද 20ද? සමහර විට එකක් පාස් කරගන්න බැරි උන නිසා පරණ විදියටම සිද්ධ වෙනවා වෙන්න ඇති. (ර)
මෙන්න මේ නිසා තමයි යහපාලනය ලංකාවට නොගැලපෙන්නේ. මේ අයට මහින්ද දිනන බවට සෑහෙන විශ්වාසයක් තියෙනවා වගේ. පැරදුනත් පලි ගන්නේ නැති බව දන්නවා. දිනුවොත් ඉහල පිළිගැනීම්.(නදී)
නින්දිතයි, සෝචනීයයි , 20 සම්මත කර ගන්න ඉඩ නොදුන්නේ කවුද ? පරණ මනාප ක්‍රමයටම මෙවර ඡන්දෙ තියන්න ඕනේ කිව්වේ කවුද ? දේශපාලනය පිළිබදව අබමල් රේණුවක් වත් දැනුමක් තියෙන ඕනෙම කෙනෙකුට තේරෙනවා , එජාප - ඩයස්පෝරා ආණ්ඩුවට ඕනේ වුනේ 19 විතරයි . , 20 සම්මත වෙන්න කලින් , ආණ්ඩුව විසිරුවා ගත්තා මයිත්රිට බලපෑම කරලා , මොකද බැදුම් කර තීන්දුව එන්න කලින් . , කෙසේ වෙතත් නින්දිතයි , අපේ පැත්තේ ප්‍රබල ඇති ප්‍රබල එජාප පළාත් සැබෑ මන්ත්‍රී කෙනෙක් ටිකට් එක නොලැබූ නිසා , පක්ෂ මාරු කරන්නයි යන්නේ , මනාප පොර නිසා ඇතිවන සියලුම මිනීමැරුම හා කෝලාහල වලට එජාපෙ අඩු වැඩියෙන් වග කියන්න ඕනේ ( ජවිපෙ ද අතුලුව ) (බ)
2015, ජනාධිපති ඡන්ද කළේ තිබුන මැරකම්, චන්ඩිකම් තවම ඉවර වෙලා නැහැ වගෙයි. සාමකාමී මැතිවරණයක් සඳහා, "මැකෝ " සහ පොලිසිය මීට වඩා ක්‍රියාත්මක යුතුයි. (හේ)
මේක නම් සාමාන්‍ය නෑ ළඟ ලංගම දෙකක් නමන්න විදිහක් නැ. මට පෙනෙන්නේ මෙයලම ගහගෙන අපිට ගහනවෝ කියනවද කොහෙද. ජනතාව කුපිත කරවන්න. දන්නවනේ මේ යන විදිහට දිනන්න බැ කියල (බ)
දැන් තමයි යුද්දේ පටන් ගන්නේ.(හේ)