එළඹෙන මහ මැතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහතා පෙරටු කර ගත් සන්ධානයකින් තරඟ වැදීමට තම කණ්ඩායම සූදානම් යැයි ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසීය.
ඉදිරියේ දී කුමකින් කුමක් වුවත් මහ මැතිවරණයේ දී තම බලවේගය මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතුව තරඟ කරන බව ද ඔහු කීවේය.
ඔහු මේ බව කීවේ නාරාහේන්පිට අභයාරාමයේ පැවැති රැස්වීමක දී ය.
හිටපු ඇමැති විමල් වීරවංශ, මහාචාර්ය ජී ඇල් පීරිස් ඇතුළු පිරිසක් ද මාධ්‍ය හමුවට සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහත්තයෝ, ඡන්දෙකට ආසාවකට ඉල්ලලා බලන්නකෝ ඔබේ තියෙන ජනප්‍රියතාව. මෙතෙක් කල් ආවේ ලැයිස්තුවෙන්නේ. (නි)
නැත්නම් ඉතින් එළියේ තමා. (ර)
වෙන මොනවා කරන්නද ? තනියම ඡන්දය ඉල්ලුවොත් වාසුගේ ඡන්ද දායකයෝ ඔක්කොම ත්‍රී වීල් දෙක තුනක ගෙනියන්න පුළුවන් ප්‍රමාණයක් තමයි ඉන්නේ කියන එක මුළු රටම දන්නවනේ.. (ර)
බර කිරාගන්නයි යන්නේ... (ර)
ඔව් ඉතින් තනියම ඇවිත් ගෙදර යනවට වැඩිය මේ කණ්ඩායමට පොඩ්ඩක් හරි බලාපොරෝතුවක් තියාගන්ඩ පුළුවන් එහෙමනේ. (ර)
එන්න ඒක තමයි ජය මාවත. (ස)
වාසුටනම් මෙදාපාර අබ සරණයි. (ස)
වාසු තනියම ඇවිල්ල කවදද දිනුවේ, මෙදා පාර නම් පුතෝ ඇපත් රාජ සන්තක වේවි. (ස)
එන්න එන්න දෙවෙනි වටයේදීත් අපි ඔයාලට කියල දෙන්නම්. ඔයාලා සේරම ඉන්න ඕනේ තැන. (ස)
අනේ වාසු යන්න ගෙදර. වයසට ගිහින් මොන ඡන්දද (බ)
ඔවු ඉතින් තනියෙන් ඉල්ලුවොත් ඇපත් නැති වෙනවනේ ? පුලුවන්නම් තනියෙන් ඉල්ලලා පෙන්වන්න. (ර)
පාර්ලිමේන්තුවට තියා වාසුට රත්නපුරේ නගර සභාවටවත්, වීරවංශට කඩුවෙල නගර සභාවටවත්, දිනේෂ්ට සීතාවක නගර සභාවට වත්, ගම්මන්පිලට "දායක සභාවකටවත්" යන්න බැහැ, හවුලක් නැතුව තනියම ඉල්ලලා. එ්ක නිසා "මහින්ද නැතිව බෑ" තමයි. (බ)
එන පාර්ලිමේන්තුවේ ඔබ තුමා සිටිය යුතුම වෙනවා. ජය වේවා. (ම)
මහින්ද රාජපක්ෂ ඉදිරි මැතිවරණයේදී තරග කරනවාට මම නම් කැමතියි කියල කිව්වේ මනාප ලක්ෂ 3-4 ක් අරගෙන දේශපාලන ජීවිතයෙන්ම චුත වෙනවා දකින්න ඕනේ නිසයි.(නදී)
ලාල්, ලංකාවේ ත්‍රි විල් වලට පටවන පැටවිල්ලේ හැටියට ත්‍රි විල් දෙකතුනක් ඕනෑ නැහැ. එකක් තිබුනාම හොඳටම ඇති. (ර)
සමන්ති, අපිට කියන්න දෙයක් ඉතිරි නොකළාට ස්තුතියි! (නි)
අනේ මන්ද දිනන්න පුළුවන් අවස්තාවක දිනන්න බැරිවුනානම් කොහොමත් දිනන්නට බැරි අවස්තාවක කෙසේ දිනන්නද ? නිකම් කාලයයි වයසයි නාස්ති කිරීමක්. (ර)
ඔන්න ඉතින් කට්ටිය බූමිතෙල් ගෑවිච්ච ගැරඬි වගේ මහින්ද මහත්තයට දිගට හරහට අපහාස කරන්න පටන් ගනියි. දිනන්න හරි පරදින්න හරි ඉල්ලන එක එතුමාගේ අයිතිය (ම)
මේ, මං දන්නේ නැති හින්දා අහන්නේ; ඔබතුමා වටා ඇති බලවේගය ගැන ඔබතුමාට හොඳටම ෂුවර් ද ? (ර)
මේ හදන්නේ රෑ වැටුන වලේ දවල් වැටෙන්න ද ? (ර)
මහින්ද පෙරටුගාමී අනාථ පෙරමුණ.....(ම)
ඉල්ලන් කන්න යන්නේ... (ර)
එහෙම නැතුව තමුන්නාන්සේලාට ඡන්දෙ දෙන්න ඉන්නේ කව්ද වාසු මහත්තයෝ. (ම)
නැත්නම් ඡන්ද දහයක් ගන්න පුළුවන්. අපිට මතකයි , තනියෙම තරග කරලා ගත්ත ඡන්ද. (ර)
අපි කැමතියි මහින්දට. මහින්ද කැමතියි ජනතාවට. (ර)
සමන්, අසභ්‍ය වචන කියන්න ඔහු පෙළඹුනේ ඔහුගේ නායකයා ඒවාට ලැබෙන චියර් එකට කැමතියි කියල දන්නා නිසයි. ගල් ගහනවා කිව්වෙත් එ්කනේ.(නදී)
කට්ටිය බය වෙලාවත්ද.? (ර)
දැන් මේ සංවාදයත් අර බවලතුන් එක්ක පටලවෙන විනාශ කරන්න කලින් අපි පුළුවන් දුරක් යහතින් ගෙනියමු. (ර)
අසභ්‍ය වචන කියලා නම කැතකර නොගත්තා නම් එහෙමවත් කරලා බලන්න තිබුනා. දැන් ඒකත් හරියන්නේ නැහැ වගේ. (නි)
හොඳයි හොඳයි අපි බලමුකෝ... (නි)
ඔව් කරුණාකර ඔය බවලතුන් එක්ක කුඩ මිටි හරස් කරගන්නා මහානාම සහ යහපාල මේ සංවාදයත් කාලා දාන්න කලින් ලියන දෙයක් ලියමු. (නි)
අනේ! අපි මේ බලාගෙන තමයි ඉන්නේ (නි)
එකම ගැලවීමේ මඟ! (නි)
අනේ මන්දා! මෙහෙම ගියොත් මේ අයට පන්සලට දෙන දානෙත් නැතිකරන පොටක් මේ. (නි)
ඔව් ඉතින් තනියෙන් ඡන්දෙ ඉල්ලුවම ඇපත් නැහැනේ... (ර)
නිවේදන නිකුත් කරන්න පන්සලටම යන්න ඕනේද?.ඔය ඕන තරම් හෝටල් තියෙන්නේ.(හේ)
මම නම් හරිම කැමතියි මහින්ද රාජපක්ෂ ඉදිරි මැතිවරණයේදී තරග කරනවාට..අනේ මෙහෙම තණ්හාවක්.(හේ)
මෙය සිදුවිය නොහැකිය.(හේ)
වැඩක් වෙන එකක් නෑ.(හේ)
සිංහයෙක් මරණ කුණ කෑමට සිඟාල කුලයේ සතුන් පසුපසම එනවා. නැත්නම් ඉතින් ඔවුන්ට බඩගින්නේ මරණය තමයි. (ර)