බරපතල සිදුවීම් 12ක් සමඟ ජනාධිපතිවරණ පුර්ව මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා 51 වර්තා වී ඇති බව ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසයි.
ගිනි අවි භාවිතා කළ සිදුවීම් තුනක්, බරපතල පහර දීම් හතරක් සහ දේපොල වලට පහර දී විනාශ කිරීම් පහක් ලෙස බරපතල සිදුවීම් හි සංයුතිය ලෙස දැක්විය හැකි බව ස්වාධීන නිරික්ෂණ නිලධාරී ජාතික මැතිවරණ නිරික්ෂණ මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ සනත් වීරරත්න මහතා පැවසීය.
ජනාධිපතිවරණ පූර්ව මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා 51 න් බරපතල සිදුවීම් 12ක් හැරුණූ විට 39 සුළු සිදුවීම් බවද ඒ මහතා පැවසීය.
එක්සත් ජාතික පක්ෂයෙන් පැමිණිලි 17ක් සන්ධානයෙන් පැමිණිලි 15ක් සහ වෙනත් පක්ෂ වලින් පැමිණිලි 19ක්ද ලැබී ඇති බවද ඒ මහතා සඳහන් කළේය.
ජනතා විමුක්ති පෙරමුණේ කිසිදු පැමිණිල්ලක් ලැබී නැති බවද ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇතැමුන්ගේ ද්වේශසහගත ක්‍රියා නිසා නොමඟ යන ජනයා ප්‍රචණ්ඩකාරීව හැසිරෙන බැවින් සඟරුවන පෙරටුකරගෙන මෙහෙයවන මෙම ඡන්ද ව්‍යාපාරය බෞද්ධ ප්‍රතිපදාව අනුව මෛත්‍රීසහගතව කරගෙන යන ලෙස ආයාචනා කරමු (නි)
ලංකාවේ දේශපාලන සංස්කෘතිය ගැන පුදුම වෙන්නේ මොකටද? මේක වෙනස් කරන්න නම් දැඩි නීති ක්‍රියාත්මක කරන්න වෙනවා. ඒ වගේම පවතින ආණ්ඩුවටම දොස් කියල වැඩකුත් නැහැ. පක්ෂ , විපක්ෂ කලින් රට කරපු ඔය දැන් සිල් අරගෙන අායෙමත් පෙනී සිටින නෝනලා මහත්තයලත් මේවට වග කියන්න ඕනේ. (නදී)