එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වැල්ලවාය රැලියේදී වායු බැලූන් තොගයක් පිපිරී සුළු පිලිස්සුම් තුවාල ලැබූ කාන්තාවන් දස දෙනකු පමණ අද රාත්‍රී 7 ට පමණ වැල්ලවාය රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වැල්ලවාය රැලියේදී වායු බැලූන් තොගයක් පිපිරී සුළු පිලිස්සුම් තුවාල ලැබූ කාන්තාවන් දස දෙනකු පමණ අද රාත්‍රී 7 ට පමණ වැල්ලවාය රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නම් කියන්නේ හොඳ වැඩේ කියලා (නි)
හොදම වැඩේ ගොනාට ඇදගන්න ඕවට යනවට. ජනතාවට හුලන් තමයි උන් බැලුම් වගේ පිපිරෙනකොට. (ස)
වායු බැලුන් පිපිරීමට හේතුව කුමක්ද? වාතය වැඩිවීමද එහෙම නැත්නම් වාතය පිටවීමද? වහාම සොයා බැලිය යුතුයි. මේක ජවිපෙ සහ එජාපෙ එක්වී කල විදේශ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් වෙන්න පුළුවනි. පිලිස්සුම් තුවාල ලත් වීර කාන්තාවන්ට රජයේ වියදමින් පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබා දී ප්‍රමාණවත් වන්දි මුදලක් ලබා දීමත් ඔවුන්ගේ පවුල්වල සියලුම පුරුෂයන්ට පළාත් සභාවේ රැකියා ලබා දීමත් සුදුසුය. (ස)
පෙර මඟ සලකුණු හොඳ මදි.(අ)
පූර්ව දැනුම්දීමක්. දෙවියන් උඩ සිට බලා සිටී (නි)
දේශපාලන අතකොලු වෙන කාන්තාව අන්තිමට බැලුමක් වගේ උඩ ගිහිල්ලා පොළවට වැටිලා තමයි නවතින්නේ. මම කිව්වේ කිසිම පක්ෂ විපක්ෂ භේදයක් නැතුව. (නි)
මිනිසුන්ට වෙන තුවාල වලට පවු කියලත් හිතෙනවා. කවදා හෝ සත්‍ය ජය ගනී. (නි)
මට පෙනෙන හැටියට ඌව පළාතේ ගෙවල් වල කිසිම ඉවුම් පිහුම් කටයුත්තක්වත් මේ දවස් වල කෙරෙන්නේ නැතුව ඇති. බවලතුන් ඔක්කොම ඡන්ද රැස්වීම් වලනේ! (නි)
ඔවැනි පිපිරීම් දේශපාලන වශයෙන් උඩපනින සැමගේම රැස්වීම් වල සිදුවෙනවා නම් කෙතරම් හොඳද? දේශපාලන ගැත්තන්ට පාඩමක් ඉගෙනගැනීම සඳහා මහත්මා දෙශපාලනයක් නැති රටක මෙවැනි දේ සිදු විය යුතුයි (නි)
බවලතුන් ඔක්කොම ජයවේවා කියල කෑගහපු සද්දෙටද බැලුම් පිපිරිලා තියෙන්නේ ? මේවා මොනවද මේගොල්ල ඉන්න ගෙවල් වල පිපිරෙන දේවල් වල හැටියට . (ස)
වායු බැලුන් පිපිරීමට හේතුව ඒවාගේ පුරවන්නේ හයිඩ්රිජන් නිසා. හයිඩ්රිජන් කියන්නේ වහා ගිනි ගෙන පුපුරා යන වායුවක්. කවුරු හරි සිගරට් එකක් දල්වන්න යන්න ඇති. හීලියම් පුරවනවා නම් එහෙම වෙන්නේ නැ. එකක් දෙකක් බැලුන් තිබුනට එතරම් ප්‍රශ්නයක් නැ. නමුත් මෙසේ බැලුන් විශාල සංඛ්‍යාවක් එකට තියෙනකොට පිපිරිම භයානකයි. ඇති ඔයින් ගීයා. (ස)
මේක එන්ජි ඕ කාරයන්ගේ වැඩක් වෙන්න පුළුවන්. (ස)
දුවන්නන් පස්සේ දුවල තමන්ගේ විනාශය ලඟා කරගන්න එපා.(නදී)
බැලුම අලංකාරයි නමුත් වැඩියෙන් සිත් ඇදගන්නේ තවම නොමේරු කුඩා දරුවන්ගේ. රටේ පාලක පන්තිය වැඩිහිටි ජනතාව ගැන හිතා ඉන්නේ නොදරුවන් හැටියටයි. වර්ණ ගැල්වූ තුනී සිවියකින් සැදුන බැලුනයේ යථාර්තය සුළන් යන්න පමණි. එය පුපුරා ගිය විට ඒ සුළන් පොදත් වායුවට එක්වී යන්නේ දහසක් බලාපොරොත්තු සුන්ව යන ආකාරයටමයි. එහෙත් අපි තවමත් එතනමයි.(නදී)
අසනීපයට කෙසේ වෙතත් ඡන්දය දමන්න නම් උදව් කරයි ! (නි)
අපොයි මේ පළාතේ පොළවත් හෙල්ලිලා උඩිනුත් ඩොන් පටොන් වුණා නම් අහවල් පක්ෂයේ කාගේහරි කටක් නිසා වෙච්ච දෙයක් තමයි. අර පක්ෂයේ කට්ටිය නම් කවදාවත් බොරු කියන්නේ නැහැනේ. (නි)
පෙර ලකුණු පහළ වෙලා ! (නි)
ඔට්ටුයි විපක්ෂයට ආසන වැඩියි (නදී)
දැන්වත් පාඩමක් ඉගෙනගත්තොත් හොඳයි (නි)
ඔයිට වඩා රිදෙනවා ජනතා හඬ පුපුරා ගිය දවසට. බවලත්තු විතරයි ඉඳල තියෙන්නේ? (ස)
රටට කළ විනාශ වලටයි ඒවාට ආවඩන මිනිසුන්ටයි ටික ටික හරි පළදෙනවා. මිනිස්සු හිතට ගන්න ඕනෑ තමන්ගේ රට වෙනුවෙන් පෙනීසිටින්න, කෑගහන්න, සටන් කරන්න. එහෙම නැතුව දේශපාලකයන් වෙනුවෙන් නෙමෙයි (නි)
ඇයි ඕවට යන්නේ ? (නදී)
ගෙදර වැඩ නැතුවට බොරු අහන්න එනවට හොඳ පාඩම...... (නි)
දෙන පොරොන්දුත් ඔය වගේ තමයි පුපුරලා යන්නේ. එතකොට තුවාල වෙන්නේ ඔලුවට. (නදී)
අපේ අය තාම ඉගෙනගෙන නැහැනේ ඔය තැන් වලට යන එක භයානක බව. ඉක්මනින් සුව වේවා!! (නි)
මේ පැත්තේදී පුපුරන තව තව දේවල් වලට පිළිස්සුන පිරිසකුත් ඇති නේද? (නි)
විරැද්ධ පක්ෂයේ කඩා කප්පල්කාරී වැඩක් කියයිද දන්නෑ නේද..(අ).
රටට කළ විනාශ වලටයි. ඒවාට ආවඩන මිනිසුන්ටයි ටික ටික හරි පළදෙනවා. (අ)
පෙර මග ලකුණු (අ)
කස පුපුරනවා... පෙරහැර ලඟම එනවා වගේ (අ)
දෙවියන්ගේ සල්ලි හොරා කාපු අයට දෙවියන්ම දඩුවම් දෙන්න වගේ හදන්නේ(අ)
ඕවා පෙර ලක්ෂණ.... (නි)