ඕනෑම මැතිවරණයක දී ඡන්ද ගණන් කිරීම ආරම්භ කර පැය භාගයෙන් ප්‍රතිඵල කිව හැකි යන්ත්‍රයක් මොරටුව විශ්ව විද්‍යාලයයේ ආචාර්යවරුන් හා සිසුන් විසින් නිෂ්පාදනය කරනු ලැබ ඇතැයි ජල සම්පාදන හා ජලාපවාහණ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පිළියන්දල සමූපකාර ශාලාවේ පැවැති සම්මන්ත්‍රණයක දී පැවසීය.
එම යන්ත්‍රය මැතිවරණ සඳහා භාවිත නොකර මැතිවරණ කොමසාරිස්වරයා විශාල මුදලක් නාස්ති කරමින් සිටින බව ද ඇමැති වරයා කීවේය.
මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේ එවැනි යන්ත්‍රයක් ගැන තමා නොදන්නා බවයි. පවතින මැතිවරණ පනත අනුව එවැනි යන්ත්‍රයක් භාවිත කිරීමේ හැකියාවක් නැතැයි ද කොමසාරිස්වරයා කීවේය.
දැනට පවත්නා ඡන්ද ගණන් කිරීමේ ක්‍රමයේ වෙනසක් සිදු කිරීමට නම් මැතිවරණ පනත සංශෝධනය කළ යුතු බවත්, එම බලය ඇත්තේ ව්‍යවස්ථාදායකය වන පාර්ලිමේන්තුවට බව නීති අංශවල මතයයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම ඔස්ට්‍රේලියාවේදී චන්ද 8-10 (ප්‍රාන්ත සහ ෆෙඩරල්)පමණ චන්දෙ දීලා තියනවා. බොහොම ගල් යුගයේ චන්ද ක්‍රමයක් තමා තියෙන්නේ. නමුත් 99.99% ක්ම සාධාරණ චන්ද තමා තියෙන්නේ. ගිහිල්ලා නම කියපුවාම ඉතාම පුංචි අකුරෙන් අච්චු ගහපු නම් ලැයිස්තුව සහිත පොත පෙරලලා නම හොයලා පැන්සලකින් අඩි කෝදු කෑල්ලක් භාවිතයෙන් ඉරක් ගසා නම කපා දානවා. අපි ලංකාවේ බොරුවට තාක්ෂනය ගැන දියුණුව ගැන කිය කියා හොර කරනවා. (දී)
මේ මැසිම හදල තියෙන්න පාන්පිටිවලිද ? මැකෝ සල්ලි කන්නේ දැන් පලතුරු කන එක නවත්තලද (දී)
දන්නා කෙනෙක් කරුණාකර කියන්න අලුත් චන්ද ලයිස්තුවේ පිටරට ඉන්න උදවිය ගැන විස්තර අහනවාලු . මේ ඇත්තක් ද ? (දී)
මොරටුවෙන් හදනවනම් බලාගෙනයි. එකක් හදල වෙච්ච දේ මතකද? (ස)
අැමතිවරු මැතිවරණ පනත පිළිබඳව දැනුවත් කල යුතුය. (ස)
මැසිමෙන් කරොත් හොර වැඩ බැරි නිසා පැත්තකට දාල, (ස)
මැතිවරණයකින් පස්සේ මැතිවරණ කොමසාරිස් තුමාට මානසික ආතතිය ඇතිවෙන්නේ නැති යන්ත්‍රයක් නම්, එහි ඇති ගැටළුවක් නැහැ. දැන් ඔය සල්ලි ගණන් කරන්නත් ඕන තරම් මැෂින් තියෙන්නේ. හැබැයි චන්ද ගණන් කරන මැෂින් එකට නම් ඉතින්, "ජිල්මාට් වයිරස්" ඇතුල් වෙන්න තියන ඉඩකඩ බොහොම වැඩියි. ඒ නිසා කරන දෙයක් ප්‍රවේශමෙන්, නිසි ප්‍රමිතියක් ඇතිව කරන්න ඕන. (ස)
ජිල්මාර්ට් මැසිමක් නොවේ නම් එතුමා ඔහොම වර්නනා කරන එකක් නැහැ මගේ හිතේ! (ස)
ලංකාවේ හැටි තමා කියන්න තියෙන්නේ (නදී)
අහන්න දෙයක් නැහැ. සූූත්තරේ ඇතුල් කරලම තමයි යන්තරේ හදන්න ඇත්තේ. අපි නම් රැවටෙයි ඕවට. ඇමතිවරු මුදල් නාස්ති නොකරන හැටි අපි හොඳට දන්නවා. (ස)
ඕන්න බලන්න ඒකෙත් හැටි. ඇමතිතුමා ඕක සම්මන්ත්‍රණයකදී කියන්න ඕනද? එක්කෝ මැතිවරණ කොමසාරිස් තුමාගෙන් අහලා බලලා කැබිනට් එකට දාන්න තිබුණ නේ. අනික ඒ යන්තරේ හැදුවේ ඡන්ද ගණන් කරන්න නම් ඒක හදපු කට්ටිය මුලින්ම කරන්න ඕන කරබාගෙන ඉන්නේ නැතුව මැතිවරණ කොමසාරිස්තුමා දැනුවත් කරන එක නොවෙයිද? දැන් ඉතින් ඔය යන්තරේ ගැන එළිදරවු උනානේ. රටේ සල්ලි නාස්ති කරන එක වලක්වන්න දිනේෂ් අමතිතුමාම ක්‍රමයක් කියල දුන්න නිසා ජනාධිපතිතුමනි, ඒක ගැන විමසා බලලා අනුමත කරනු මැනව. එතකොට රටේ සල්ලිත් නාස්තිවෙන්නේ නැහැ. මැතිවරණ ප්‍රතිපල කියනකන් අපිට ටෙලිවිශන් එක වටේට ඉඳගෙන නිදි මරන්න ඕනෙත් නැහැ. (ස)
ගැමුණ, ඔයා කියන්නේ කොයි ඉන්දියාව ගැනද? (ස)
රටේ අළුත් දෙයක් හැදුවම කකුලෙන් අදින මිනිස්සුනේ ඉන්නේ, මීට කලින් කොච්චර දේවල් හැදුවද ? කෝ ඒවා? (ස)
ඇයි නාරද... මොරටුවෙන් හැදුවම තියෙන අවුල මොකක්ක්ද ? (අ)
දැන් මේ මැෂින් එක ටික ටික කරලියට ගේනවා. තව කවුරු හරි එක්කෙනෙක් "ආනේ ඇත්තද මෙයා .එහෙම එකක් තියනවද අහනවා " ඊළඟට නව නිර්මාණ කරුවන්ට අත දීමක් වශයෙන් මැතිවරණයක් ආසන්නයේ කල එලි බස්සනවා. හරිනේ ! (අ)
ඉතින් වැඩි වෙනසක් නැහැනේ. එකම ප්‍රතිඵලය අඩු කාලයකින් ලබා දෙනවා. එච්චරයි. (නි)
ඉතින් දැන්වත් ඒක පාවිච්චි කරන්නකෝ (නි)
මොකක්ද අප්පේ මැකෝ මහත්තයත් නොදන්න මේ අමුතු යන්තරේ? (නි)
යන්තරයට වඩා වැදගත් වන්නේ ඊට ඇතුළත් කරන මන්තරයයි (නි)
මේකත් අර අමාත්‍යංශ වල හයි කල කැමරාව වගේ වේවිද දන්නේ නැහැ. අන්තිමට ඡන්ද සංඛ්‍යාව පිළිබඳ දත්ත ටික මැකී ගිහින් අතින් ඡන්ද ගණන් කරන්න කියලා, ගෙවල් වලින් කට්ටිය අඬ ගහගන්න වේවිද දන්නේ නැහැ. (අ)
මට නම් නිකන් පිස්සු වගේ චන්ද මචින් කොහෙද අනේ තියෙන්නේ (දී)
ඇමතිතුමනි , එල්ලිලා ඉන්න සමහර පක්ෂවලටලැබෙන චන්ද ගනින්න තත්පර ගානක්වත් යන්නේ නැහැ. පක්ෂයේ ඉන්නේ පවුලේ ඥාතීන් විතරයි . හැබැයි තනියම ඉල්ලන්නේ නැහැ . (දී)
මේකට හොඳම උදහරණය අපේ ඉන්දියාව.මේ පාර ඡන්දය සම්පුර්ණයෙන්ම කළේ නව තාක්ෂණය යොදලා.පැය කීපයකින් ප්‍රතිඵල දුන්නා (නි)
අනේ මන්දා! මට නම් මේ යන්තර-මන්තර ගැන තේරෙන්නේ නැහැ (නි)
අන්තරේ කට්ටියක්ද දන්නේ නැහැ මේක හැදුවේ. වැඩකට ගන්න බැරි නම් ඉතින් පාරක්වත් වහලා උද්ඝෝෂණයක්වත් කරමු (නි)
මැතිවරණ කොමසාරිස්තුමා නොදන්න එකනේ පුදුමය කියන්නේ (නි)
මේ මැෂිම ගැන අපි නම් දන්නවා (නි)
නාරද, මොකක්ද මොරටුවේ ප්‍රශ්නේ. ප්‍රශ්නේ මොරටුවේ හදන එක නෙමෙයි . එක පාවිච්චි කලොත් චන්ද දිනලත් ඉවරයි . එකයි ඔය වගේ දේවල්ගැන දන්නේ නැහැ වගේ ඉන්නේ (දී)