(සනත් ගමගේ)

සූරියවැව විහාරගල ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිළධාරීන් හා ජ්‍යේෂ්ඨ ඡන්ද ස්ථානාධිපති  අතර මත ගැටුමක් ඇති වී තිබේ.

පොලිස් නිළධාරීන් ඡන්ද පොලෙන් මදක් ඈතින් සිටිය යුතු බව ජ්‍යෙෂ්ඨ ඡන්ද නිළධාරීන් පැවැසීමත් සමඟම මෙම මත ‍ගැටුම හට ගෙන ඇත.

මේ සම්බන්දයෙන් තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගෙන් විමසූ විට ඒ මහතා කියා සිටියේ සූරියවැව විහාරගල ඡන්ද මධ්‍යස්ථානයේ පොලිස් නිළධාරීන් හා ඡන්ද රාජකාරියේ යෙදි සිටි ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපති වරයා සමඟ ඇති වූ මත ගැටුම සම්බන්දයෙන් දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරීවරයාට දැන් වූ අතර පසුව පැවැරී ඇති වගකීම අනුව පොලිස් නිළධාරීන් රාජකාරියේ යෙදවූ බව පොලිස් අධිකාරිවරයා කිය.