IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


ඡන්ද ප්‍රතිපල මිනිත්තු අටෙන් මාධ්‍යයට

මිත්‍යා මත වල එල්ලි මැතිවරණ ප‍්‍රතිපල ගැන සැක පහළ කර ගැනිම සාධාරණ මැතිවරණයටකට ලොකු බාධාවකියි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රීය මහතා  අද (19) බදුල්ල මැතිවරණ කාර්යාලයේදී මාධ්‍යෙව්දීන් සමඟ පැවසීය.

‘ප‍්‍රතිපල ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට නිකුත්කරනවා. ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වෙනදා ෆැක්ස් මගින් මාධ්‍ය ආයතන වලට යැව්වා.ඒ ආයතනවල ඉල්ලීම පරිදි ඒගොල්ලා නව තාක්ෂණය ඔස්සේ ඒ ප්‍රතිපල ලබාදෙනවා .

ඒ සමගම  ෆැක්ස් මගිනුත් යවනවා ඊටත් අමතරව වෙබ් අඩවිය ඔස්සේත් ඒ තොරතුරු ලබාදෙනවා ඒක තමයි ක්‍රමය.

ඒක හරියට ලියුමකින් තොරතුරු දන්වා ඊට අමතරව දුරකථනයෙනුත් තොරතුරු දන්වනවා වගෙයි .

කවදාවත් මැතිවරණ කොමසාරිස් ජන්ද ප‍්‍රතිපල හඩනගා කියවලත් නැහැ .අතුරු මැතිවරණයකදි ප‍්‍රථිපල ප‍්‍රවෘත්ති ආයාතනවලට දීලත් නැහැ ඒක අඅපේ වෙබ් අඩවියෙත් අපි දානවා

අපි මුලින්ම කරන්නේ මෙහෙමයි ප‍්‍රතිපල ගණනය කරාට පස්සේ තේරිම්භාර නිලධාරීවරයාට (දිසාපතිවරයාට) ෆැක්ස් කරනවා දිසාපතිවරයාට ෆැක්ස් කර මිනිත්තු තුනකින් අපි ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට දෙනවා ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට දිලා මිනිත්තු පහකින් මැතිවරණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට දානවා කාගේ හරි සිතේ සැකයක් තියෙනවානම් ඒක සම්පූර්ණ මිත්‍යාවක් .එය වෙනස් කරයි කියා, කාටවත් හිතෙනවා නම් ගණන් කිරිමේ නියෝජිතයන් ලබාගන්නා ප‍්‍රතිපල එක්ක එකතු කර ඒක  නිවැරැදිද නැද්දැයි බලාගන්න පුළුවන් ‘ මහින්ද දේශප‍්‍රිය මහතා සදහන් කළේය

 



අදහස් (0)

ඡන්ද ප්‍රතිපල මිනිත්තු අටෙන් මාධ්‍යයට

රත්න Saturday, 20 September 2014 03:52 AM

2010 චන්ද ප්‍රතිපලත් විනාඩි 8න් දුන්නානම්? මෙයා ඒදවස්වල " ශැඩෝ බොක්සර්" හැටියටයි රඟ පෑවෙ . (අ)

:       0       0

මේනක Saturday, 20 September 2014 03:48 AM

මට පෙන්නේ මහින්ද දේශප‍්‍රිය මහතා මොහොකට හරි බයවෙලා වගේ. මම මුල ඉදන්ම මහතාගේ කතා ටික ඇහුව. මිනිස්සුන්ට තියරි දාල වැඩක් නෑ. කරලා පෙන්නන්න. අපේ සිතේ සැකයක් නෑ මහින්ද දේශප‍්‍රිය මහතා ගැන. (අ)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 20 September 2014 04:10 AM

තිස්ස මහත්තයලට හැමදාමත් හුල්ල හුල්ල ඉන්න වෙන්නේ මහ පොළොවේ යථාර්තය තේරුම් නොගත් නිසා හෝ තේරුණත් ඒ අනුව තමන් වෙනස් වෙන්න සුදානම් නැති නිසා..හොර ඡන්ද දාල පළාතක තියා ආසනයක තියා ප්‍රාදේශීය සභාවකවත් ඡන්ද ප්‍රතිපල වෙනස් කරන්න බැහැ මහත්තයෝ.. එහෙනම් ඉතින් තොගේට හොර ඡන්ද දාන්න වෙනවා..පෙට්ටි ඔක්කොම මාරු කරන්න වෙනවා.. ඒවා කරන කම් අනෙක් කට්ටිය නිදන් ඉන්නේ නැහැනේ.මේවා බොරු බයිලා..තමන්ගේ නොහැකියාව සහ බහුතරය තාමත් මේ රජයටයි කියන එක අකමැත්තෙන් වුණත් පිලි ගන්න..ඔය මහා තියරිය හදපු මිනිහත් එක්කම දැන් බලු වෙලා ගිහින් තියෙන්නේ..ඕව දැන් වලංගු නැහැ.හෙට ප්‍රතිපලය ගැන හිත හදාගෙන ඊළඟ මැතිවරණයට උත්සහ කරන්න. (අ)

:       0       0

ඡන්දු Saturday, 20 September 2014 07:18 AM

ඡන්ද හරියට ගණන් කරන්නෙ නැතුව - අතේ තියන ප‍්‍රතිඵල ලේඛණ වලින් ඉතාමත් පහසුවෙන් එහෙම කරන්න පුළුවන් (නදී)

:       0       0

හමීඩ් Friday, 19 September 2014 02:07 PM

මොකද ඔච්චර හදිස්සි? ජනතාවට හරි ආදරෙයි නේද? (නි)

:       0       0

අනිවා Friday, 19 September 2014 02:27 PM

පොඩ්ඩක් බදුල්ලේ, මොණරාගල ගිහිල්ල බැලුවනම් තේරේවි තත්වේ. (ස)

:       0       0

දිනුෂ කරුණාරත්න Saturday, 20 September 2014 03:08 PM

මමත් ඡන්ද ගණන් කිරීමේ කටයුතුවලට සහබාගි වෙලා තියෙනවා. අවසන් ප්‍රතිපල විනාඩියෙන් දෙන්න පුළුවන්. නමුත් පරදින වෙලාවට බහිරවයෝ එනවා. ඒවා නිවැරදි කරන්න. ගිය වාරේ නුවර උනෙත් එ් ටික. (නදී)

:       0       0

ජෙහාන් Friday, 19 September 2014 02:35 PM

මිනිත්තු අටෙන් ප්‍රතිඵල කෙසේ වෙතත් මිනිත්තු අටෙන් අටට ගුටි කෙලි නම් ආරංචි නොවේවා. ! (ස)

:       0       0

ඡන්දු Saturday, 20 September 2014 07:55 AM

රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමෙන්තුවට යවලා ප‍්‍රතිඵල දෙනකොට බඩු හරි (නදී)

:       0       0

රන්ජිත් Friday, 19 September 2014 03:08 PM

මෙයා කාටද මේ කඩේ යන්නේ...? (ස)

:       0       0

සඳුනි Friday, 19 September 2014 03:29 PM

කාටවත් කඩේ යනවා නෙමෙයි රන්ජිත් ...මෙතුමා කියල තියෙන්නේ ක්‍රමවේදය. (ස)

:       0       0

තාරක සංගීත් Friday, 19 September 2014 04:28 PM

අපේ රටේ හරියට විභාගයක ප්‍රශ්න පත්තරයක් හදාගන්න බැරි කට්ටිය කොහොමද විනාඩි අටෙන් ප්‍රතිපල කියන්නේ. කලින් සැලසුම් කරපු එකක් නම් එහෙම කියන්න පුළුවන්. මම බබා ඔයාල බේබිලා (නදී)

:       0       0

ඉන්දික ගමගේ Friday, 19 September 2014 05:27 PM

ක්‍රම වේදය පැහැදිලි කලාම එ්ක කොහොද කඩේ යෑමක් වෙන්නේ. රංජිත් විස්තරේ අායෙත් කියවන්න හරියට (නදී)

:       0       0

යොහාන් Friday, 19 September 2014 05:44 PM

ඡන්දයට පෙර සිදුවීම් අනුමත නොකළත් ඡන්ද ප්‍රතිඵල ගැන අපගේ විශ්වාසයක් ඇත. එය එලෙසම සුරකින්න (නි)

:       0       0

බන්දුල පෙරේරා Friday, 19 September 2014 05:58 PM

ඡන්දයක් ප්‍රකාශ කරලා ප්‍රචාරණය පටන්ගත් දවසේ සිටම කට්ටිය එක තියරියක් දානවා.ඒක අනුව බැලුවම ඡන්දෙ තියන්න ඕනෑත් නැහැ.ජනමතය තමන්ට. බලයේ ඉන්න අයට ඇපත් නැහැ. ඡන්දෙන් පස්සේ ප්‍රතිඵල ආවම තව තියරියක් දානවා.ඒ අනුව තමන් පැරදුනේ ඡන්ද වංචා නිසා, කොම්පියුටර් ජිල්මාට් නිසා.නැත්නම් තමන් තමයි ජයග්‍රාහකයා.එදා ඉඳලා අපි දකින මේ තියරි දෙක ඉතින් මේ ඡන්දෙටත් එහෙමම තමයි නේද? (නි)

:       0       0

චන්ද්‍රදාස Friday, 19 September 2014 06:03 PM

වෙනදා වගේ තේරිම්භාර නිලධාරීවරයාට (දිසාපතිවරයාට) ප්‍රතිඵලය කෙළින්ම දෙන්න බැරි ඇයි? (නි)

:       0       0

ලියනගේ Friday, 19 September 2014 07:39 PM

මැජික් වගේ වැඩක්ද මේ? (නි)

:       0       0

සඳුන් පෙරේරා Friday, 19 September 2014 08:07 PM

ආ...එතකොට ඒකයි මේ ප්‍රශ්නය. නීති කඩකිරීම නොවෙයි. (නි)

:       0       0

රුමේෂ් Saturday, 20 September 2014 10:34 AM

බන්දුල පෙරේරා මහන්ත්තයෝ ඇස් ඇරලා බලන්න රටේ මොකද්ද වෙන්නේ කියලා. තමන්ගේ රට වෙනුවෙන් කතා කරන්න. දේශපාලකයන්ට කඩේ යන්නේ නැතුව. (නදී)

:       0       0

රුමේෂ් Saturday, 20 September 2014 10:33 AM

මැකෝ මහත්තය කියන දේ හරි..ඡන්දෙ ප්‍රතිපල දෙන්න මිනිත්තු දෙකකට කලින් උනත් ප්‍රතිපල සැහෙන්න වෙනස් වෙන්න පුළුවන්. (නදී)

:       0       0

චමින්ද Friday, 19 September 2014 10:02 PM

ඇයි දනෙන් නැහැ මෙතුමා ඒ වගේ කතාවක් කිව්වේ. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 20 September 2014 12:17 AM

ඔය නිකුත් කරන ක්‍රමය නොවෙයි ජනතාවට සැක. ප්‍රකාශ කරන ප්‍රතිඵල ලේඛනයයි සැක. දන්නවා ඇතිනේ බස්නාහිර පළාත් සභා මැතිවරණයේදී මනාප නැතුව පැරදෙන දුකෙන් හිටි සමහර අපේක්ෂකයින් එළිවෙනකොට දිනලා තිබුන ප්‍රකට කතාව. (නි)

:       0       0

ඇන්ඩෲ Saturday, 20 September 2014 12:58 AM

අන්න සඳුනිගේ බළලත් මල්ලෙන් එළියට පැන්නා. ක්‍රමවේදය කෙසේවෙතත්, වෙන්නේ වෙන දෙයක්. (නි)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 20 September 2014 11:20 AM

රුමේෂ් මහත්තය, අපි රටේ ඉද ගෙන පොළොවේ පය ගහල ඉන්න හින්දා ඔය කියන හැමදේකම තාර බර දන්නවා. රටේ වෙන දේ හොදට දන්නවා. අපිට පේනවා පිට රට ඉදන් තප්පුලන්නේ නැතුව මෙහෙට ගොඩ බැහැල බලන්න. ඔය කියන විදියේ කෙරුවාවල් භීෂණ මගඩි මෙහෙ ඡන්ද වල තියෙනවද වෙනවද කියලා. බැරි එකා තම නොහැකියාව හැමදාමත් වහ ගන්න මතුරන මන්තරේ තමයි ඔය ඔබ තුමත් තියාගෙන මතුරන්නේ. (නදී)

:       0       0

තිස්ස Saturday, 20 September 2014 01:59 AM

බන්දුලගේ කට හින්දා හොරාට කලින් කෙහෙල්කැන වැට පනින හැටි හොඳට තේරෙනවා. (නි)

:       0       0

ලලිත් Saturday, 20 September 2014 02:27 AM

ප්‍රතිඵල දෙන ක්‍රමය නෙමෙයි, පත්වෙන උදවිය ඉස්සහට වැඩ කරන ක්‍රමය ගැනයි අපිට වැදගත් වෙන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

අපි දිනපු ඔක්කොම සභාවල බලය පිහිටුවනවා
2025 මැයි මස 14 603 0

ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.


බාල පොහොර තොගයක් පොලොන්නරුවෙන් අල්ලයි
2025 මැයි මස 14 279 0

පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොල


’’සමහරු ඉතිහාසය අමතක කරමින් අපි එක්ක ඉන්න ලෑස්ති වෙනවා’’
2025 මැයි මස 14 597 0

ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡේදයක් නිර්මාණය කරන්නට ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක


පුංචි ආණ්ඩු බලය ගන්න විපක්ෂ එක තැනකට රොක් වෙති
2025 මැයි මස 14 1497 5

ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක


’’අපි කාටත් ඉකි ගසා හැඬූ මොහොතක් තිබුණා’’
2025 මැයි මස 14 886 3

ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ


බස් අනතුරින් තුවාල ලැබූ දරුවන් වෙනුවෙන් ක්‍රිකට් ආයතනය ඉදිරියට
2025 මැයි මස 14 913 0

කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1437 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1625 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 427 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site