මාතර ගුරුවරුන් රැසකට අද (23) උදේ වරුවේ තැපැල් ඡන්දය දැමීමට නොහැකි විය. ඒ ගැන ඡන්ද කොමසාරිස්ට පැමිණිලි කළ බව ලංකා ගුරු සංගමය කියයි.
මාතර අධ්‍යාපන කාර්යාලයයේ තැපැල් ඡන්ද සහතික කිරීමේ නිලධාරිනිය වන අධ්‍යාපන අධ්‍යක්ෂිකා කමලා මීගහවත්ත මහත්මිය වැලිගම අධ්‍යාපන කාර්යාලයේ තැපැල් ඡන්ද භාරව එහි යෑම ඊට හේතුවයි.
මීගහවත්ත මහත්මිය පැවැසුවේ මාතර ඡන්දය බදාදාට (24) නියම කළ වැලිගම ඡන්දය අදට යොදා ගත් බවයි.ඒ ගැන ඡන්ද දායකයිනට දන්වන ලෙස උපදෙස් දී තිබුණත් එය නිසි පරිදි සන්නිවේදනය වී නැති බව ද ඕ කීවාය.
මාතර සහකාර මැතිවරණ කොමසාරිස් ඩබ්ලිව් එච් ආර් විජයකුමාර මහතා පැවැසුයේ මේ ගැන පැමිණිලි ගණනාවක් ලැබුණු බවයි.
මාතරට අලුතින් නිලධරයකු පත්කර දහවල් 12ට තැපැල් ඡන්දය දැමීම පහසුකම් සළසා දුන් බවද ඔහු කියයි.
මේ ගැන පරික්ෂණයක් බවත් බවද ඔහු කියයි.
ගාල්ල, මොණරාගල, හම්බන්තොට, කරාපිටිය, නිට්ටඹුව, ත්‍රිකුණාමලයෙන් පැමිණිලි කිහිපයක් වාර්ථා වූ බවද නිරීක්ෂණ ආයතන පවසයි.
දේශිය නිරීක්ෂකයෝ 2600 දෙනෙකු පමණ තැපැල් ඡන්ද නිරීක්ෂණයේ යෙදී සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙලාවට තැපැල් ඡන්දයක් වත් තියා ගන්න බැහැ. ඒ තරමටම බංකොලොත් වෙලා. (නදී)
ජන්දය දාන්න පුලුවන් උනා නම් වෙලාව මොකටද? බැරිවුනානම් තමයි ගැටලුව. (ර)
ඇත්ත සිදුවීම නම් මෙම ඡන්දය 24 වෙනිදා පැවත් වෙන බව පාසල් වලට හා මාතර සහකාර මැතිවරණ කොමසාරිස්ට දන්වා තිබියදී එක්තරා දේශපාලන කණ්ඩායමකට අයත් ගුරුවරු පිරිසක් පිරිසක්(40) පමණ ඡන්දය දැමීමට අවශ්‍ය බව දන්වමින් පැමිණිලි කිරීමයි. මේ නිසා දහවල් 12ට තැපැල් ඡන්දය දැමීමට පහසුකම් සළසා දීමට සිදුවීමයි. (නදී)
පටු දේශපාලන අරමුණු වලින් සිදුවන මෙවැනි සිදුවීම් වලින් අවසානයේ සිදුවන්නේ අසරණ රඡයේ සේවකයන් අපහසුතාවට ලක්වෙන එක විතරයි. (නදී)
පටු දේශපාලන අරමුණු වලින් සිදුවන මෙවැනි සිදුවීම් වලින් අවසානයේ සිදුවන්නේ අසරණ රඡයේ සේවකයන් අපහසුතාවට ලක්වෙන එක විතරයි. (නදී)
ගුරුවරු ඡන්දෙ දාන්න තියෙන උනන්දුවම ළමයින්ට උගන්වන්නත් තිබුණොත් තමා හොඳ... (නි)