අද පස්වරුව වන විට මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ සහ ඡන්ද ප්‍රචණ්ඩක්‍රියා පිළිබඳ පැමිණිලි 86ක් ලැබී ඇතැයි කැෆේ සංවිධානය කියයි.
ඒ අතර ගිනි අවි භාවිත කිරීමේ සිදුවීම් අටක් ද ඇතැයි එම සංවිධානය පවසයි.
පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළ කරමින් මහනුවර පැවැති රැලියට සහභාගී වී නිවෙස් බලා යමින් සිටි පිරිසකට කටුගස්තොට දී ප්‍රහාරයක් එල්ල වී ඇති බවත්, පාත දුම්බර එජාප එජාප ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුගේ නිවසකට ප්‍රහාරයක් එල්ල වීයැයි වාර්තා වූ බවත් කැෆේ සංවිධානය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීති වැඩක් නැහැ. චර්යා ධර්ම, ආචාර ධර්ම රකින්න උගන්නල නැතිකොට. වාසියට විතරයි වැඩ. (නි)
නඩු කියන තරමට නීතිය ශුද්ධ වෙනවලුනේ. ඒ හින්දා මේ ඡන්ද නීති කඩන්නේ කොච්චර සද්භාවයකින් වෙන්න ඕනෑද? (නි)
මේ අවස්ථාවාදී දේශපාලනය වෙනුවෙන් ගහ -මරා ගන්න අපේ මිනිස්සුන්ට පිස්සුද ?(දිල්)
මැකෝ, මීට තදින්ම ක්‍රියාකරන්න (නි)
මේවා ගැන කාට කියන්නද ඉතින්? මැකෝටවත් පෙනෙන්නේ නැද්ද මේවා? (නි)
මේවා ගැන කතාකරන එකේ තේරුමක් නැහැ (නි)
ඉතින් අනේ හරියට කැඩුවාම ප්‍රශ්නයක් නැහැනේ? (නි)
තව ඉස්සරහට තව වැඩි වෙයි.(හේ)
වැඩක් නෑ ඔය ගැන කතා කරලා.(හේ)
වැඩිම ඡන්ද නීති උල්ලංඝනය වන රට වන්නේ ලංකාවේ වෙන්න ඇති.(හේ)
මැතිවරණ නීති? ඒ මොනවද එහෙමදෙයක් තියනවාද මම නම් දන්නේ නැහැ දන්නා කෙනෙක් ඉන්නවානම් කියලා දෙනවද ලංකාවේ මැතිවරණ නීති කියන්නේ මොනවටද කියලා!(හේ)
ඡන්ද නීති කැඩුනේ නැත්තේ කවදද අපේ ලංකාවේ.(හේ)