නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය මැතිවරණ නීති ක්‍රියාත්මක කිරීමට පොලිස්පති අසමත් වී ඇති බවත්, එලෙස වගකීම් පැහැර සිටින පොලිස්පතිට එරෙහිව නඩු පවරන බව ශ්‍රී ලංකා නීතීඥ සංගම් සභාපති උපුල් ජයසූරිය මහතා අද (12) පවසයි.
පොලිස් ආඥා පනතේ ‘නිවටකම‘ යටතේ මෙලෙස පොලිස්පතිට එරෙහිව නඩු පවරන බව ද ශ්‍රී ලංකා නීතීඥ සංගම් සභාපති පවසයි.
පොලිස්පති පමණක් නොව මැතිවරණ නීති ක්‍රියාත්මක නොකරන පොලිසියේ ඉහළ සිට පහළ දක්වා වන ඕනෑම පොලිස් නිලධාරියෙක් හෝ ඕනෑම රාජ්‍ය දෙපාර්තමේන්තුවක නිලධාරියෙකුට එරෙහිව නඩු පැවරීමට හැකි යාව පවතින බව ද ජසූරිය මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපුල් ජයසුරිය මහත්මයෝ ! ඔබ කරන යුග මෙහෙවර දරා ගන්න බැරි මිනිස්සු ඔබගේ කල්‍යාණ මිත්‍ර ලලිත් ඇතුලත් මුදලි මහත්මයට කරපු දේ ඔබටත් කරන්න උත්සහ කරනු ඇත. මොනවා කළත් පරිස්සමෙන්. (නදී)
මනීෂා, කොරියාවේ එහෙම උනත්, ලංකාවේ එහෙම වෙන්නෙ නෑ.(නදී)
රටේ නීතයක් නැහැ වගේ (නදී)
අනේ නඩු දැම්මට කවුද උසාවියේ තීන්දු තීරණ ගන්නේ ? (නදී)
වැඩක් නැහැ නඩු දාන්න පටන්ගන්නකොට ඡන්දෙ ඉවරයි. (නදී)
බැනර් සහ කටවුට් ගළවන්න යන සල්ලි ඔය අපේක්ෂකයන්ගෙන්ම අයකරගත්තා නම් නේද හොඳ? (නි)
පොලිසියට ඕඩර් දෙන අයට දඩුවම් කරන්න විදිහක් නැහැ නේද? (නදී)
නීතිය ක්‍රියාත්මක කරන්න නීතියක් තියෙන්නත් ඕනේ නේද? (නදී)
පළමුවෙන් ම පොලිසියට නියෝගදෙන පුද්ගලයට නඩුවක් දැම්මොත් නරකද? (නදී)
ඒක ඇත්ත. නිවට වෙලා මේ වැඩේ කරන්න බැහැ (නි)
නඩුත් බඩුත් දෙකම හාමුදුරුවන්ගේ වෙද්දී පොලිසියේ උදවිය මොනා කරන්නද ගහන ගහන පදයට නටනවා ඇරෙන්න! (හේ)
රණබාහු මඩිතියවල, එයාට නඩු දාන්න බැරි කම තමයි ප්‍රශ්නේ. (නදී)
හරියටම පොලිසියට ගැලපෙන වචනයක් "නිවටකම". (අ)
අනේ අපි දන්නවානේ! (නි)
තරාතිරම නොබලා දඬුව්ම කරන්න (නි)
රටේ තියෙන්නේ එක පැලැන්තියක් රැකීමට හා ඔවුන්ගේ කැමැත්තට පමණක් ක්‍රියාත්මක වන පොලිසියක් හා නීති පද්ධතියක් නේද ? ඒක රට තුල සිටින හා රටෙන් එලියට ගිහින් ජීවත්වන කාටත් ඉතාම පැහැදිලි සත්‍යක්. (නදී)
හොඳ තීරණයක්. (නි)
අපිට අහිතකර වෙන විදියේ එක එක ගිවිසුම් ගහපු අයටත් මෙහෙම්මම නඩු දැම්මා නම් කාලෙත් ඉතුරු වෙනවා. (නි)
අපි ඉන්නෙ දකුණු කොරියාවේ. මේ රටේත් ඡන්ද තියනවා. අපේ රටේ වගේ ඡන්ද කරන්නේ නම් නැහැ. මේ රටවල මිනිස්සුත් ගොඩක් බුද්ධිමත්. (නි)