IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ඡන්ද නීති නිවට කළැයි පොලිස්පතිට නඩු?

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය මැතිවරණ නීති ක්‍රියාත්මක කිරීමට පොලිස්පති අසමත් වී ඇති බවත්, එලෙස වගකීම් පැහැර සිටින පොලිස්පතිට එරෙහිව නඩු පවරන බව ශ්‍රී ලංකා නීතීඥ සංගම් සභාපති උපුල් ජයසූරිය මහතා අද (12) පවසයි.

පොලිස් ආඥා පනතේ ‘නිවටකම‘ යටතේ මෙලෙස පොලිස්පතිට එරෙහිව නඩු පවරන බව ද ශ්‍රී ලංකා නීතීඥ සංගම් සභාපති පවසයි.

පොලිස්පති පමණක් නොව මැතිවරණ නීති ක්‍රියාත්මක නොකරන පොලිසියේ ඉහළ සිට පහළ දක්වා වන ඕනෑම පොලිස් නිලධාරියෙක් හෝ ඕනෑම රාජ්‍ය දෙපාර්තමේන්තුවක නිලධාරියෙකුට එරෙහිව නඩු පැවරීමට හැකි යාව පවතින බව ද ජසූරිය මහතා කියයි.

 



අදහස් (0)

ඡන්ද නීති නිවට කළැයි පොලිස්පතිට නඩු?

සත්‍යයා Saturday, 13 December 2014 03:22 AM

උපුල් ජයසුරිය මහත්මයෝ ! ඔබ කරන යුග මෙහෙවර දරා ගන්න බැරි මිනිස්සු ඔබගේ කල්‍යාණ මිත්‍ර ලලිත් ඇතුලත් මුදලි මහත්මයට කරපු දේ ඔබටත් කරන්න උත්සහ කරනු ඇත. මොනවා කළත් පරිස්සමෙන්. (නදී)

:       0       0

මහේෂ් ජකර්තා Saturday, 13 December 2014 03:59 AM

මනීෂා, කොරියාවේ එහෙම උනත්, ලංකාවේ එහෙම වෙන්නෙ නෑ.(නදී)

:       0       0

අනිල් Friday, 12 December 2014 02:46 PM

රටේ නීතයක් නැහැ වගේ (නදී)

:       0       0

හුසේන් Saturday, 13 December 2014 04:38 AM

අනේ නඩු දැම්මට කවුද උසාවියේ තීන්දු තීරණ ගන්නේ ? (නදී)

:       0       0

සේන Saturday, 13 December 2014 04:42 AM

වැඩක් නැහැ නඩු දාන්න පටන්ගන්නකොට ඡන්දෙ ඉවරයි. (නදී)

:       0       0

නිමල් Saturday, 13 December 2014 06:15 PM

බැනර් සහ කටවුට් ගළවන්න යන සල්ලි ඔය අපේක්ෂකයන්ගෙන්ම අයකරගත්තා නම් නේද හොඳ? (නි)

:       0       0

මෝහම්මෙඩ් ඛාන් Saturday, 13 December 2014 05:09 AM

පොලිසියට ඕඩර් දෙන අයට දඩුවම් කරන්න විදිහක් නැහැ නේද? (නදී)

:       0       0

හෆීල් Friday, 12 December 2014 04:30 PM

නීතිය ක්‍රියාත්මක කරන්න නීතියක් තියෙන්නත් ඕනේ නේද? (නදී)

:       0       0

රණබාහු මඩිතියවල Friday, 12 December 2014 04:45 PM

පළමුවෙන් ම පොලිසියට නියෝගදෙන පුද්ගලයට නඩුවක් දැම්මොත් නරකද? (නදී)

:       0       0

වරුණ Friday, 12 December 2014 06:07 PM

ඒක ඇත්ත. නිවට වෙලා මේ වැඩේ කරන්න බැහැ (නි)

:       0       0

ඉසුරන්දි දෝහා Saturday, 13 December 2014 09:52 AM

නඩුත් බඩුත් දෙකම හාමුදුරුවන්ගේ වෙද්දී පොලිසියේ උදවිය මොනා කරන්නද ගහන ගහන පදයට නටනවා ඇරෙන්න! (හේ)

:       0       0

රුවන් Sunday, 14 December 2014 06:11 AM

රණබාහු මඩිතියවල, එයාට නඩු දාන්න බැරි කම තමයි ප්‍රශ්නේ. (නදී)

:       0       0

සඳුන් Saturday, 13 December 2014 11:13 AM

හරියටම පොලිසියට ගැලපෙන වචනයක් "නිවටකම". (අ)

:       0       0

විමල් දළුගම Friday, 12 December 2014 08:46 PM

අනේ අපි දන්නවානේ! (නි)

:       0       0

යසංග Friday, 12 December 2014 09:36 PM

තරාතිරම ‍නොබලා දඬුව්ම කරන්න (නි)

:       0       0

චමින්ද Friday, 12 December 2014 11:05 PM

රටේ තියෙන්නේ එක පැලැන්තියක් රැකීමට හා ඔවුන්ගේ කැමැත්තට පමණක් ක්‍රියාත්මක වන පොලිසියක් හා නීති පද්ධතියක් නේද ? ඒක රට තුල සිටින හා රටෙන් එලියට ගිහින් ජීවත්වන කාටත් ඉතාම පැහැදිලි සත්‍යක්. (නදී)

:       0       0

කපිල Saturday, 13 December 2014 12:01 AM

හොඳ තීරණයක්. (නි)

:       0       0

මොහාන් Saturday, 13 December 2014 12:29 AM

අපිට අහිතකර වෙන විදියේ එක එක ගිවිසුම් ගහපු අයටත් මෙහෙම්මම නඩු දැම්මා නම් කාලෙත් ඉතුරු වෙනවා. (නි)

:       0       0

මතීෂා Saturday, 13 December 2014 12:35 AM

අපි ඉන්නෙ දකුණු කොරියාවේ. මේ රටේත් ඡන්ද තියනවා. අපේ රටේ වගේ ඡන්ද කරන්නේ නම් නැහැ. මේ රටවල මිනිස්සුත් ගොඩක් බුද්ධිමත්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 741 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site