ඌවේ ඡන්ද ප්‍රචාරය අවසන් වන බදාදා (17) විට මොණරාගලින් පැමිණි 305ක් ද, බදුල්ලෙන් 100ක් ද ඇතුළුව පැමිණිලි 424ක් ලැබුණු බව කැෆේ සංවිධානයේ අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා කියයි.
පොදු දේපොළ අයථා පරිහරණය, ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය, ලංගම බස් ප්‍රචාරයට යොදා ගැනීම, භාණ්ඩ බෙදීම, ව්‍යාජ අංක තහඩු සවි කළ වාහන ධාවනය බෙහෙවින් සිදුවූ බව එම සංවිධානය පවසයි.
බණ්ඩාරවෙල දී සෙන්දිල් තොන්ඩමන් මහතාත් තුවාල ලැබූ සිද්ධියේ රථ පෙළපාළියට ගරාජ් අංක තහඩු සහිත වාහනයක් තිබූ බවත්, මොණරාගල දඹගල්ලේ ප්‍රාදේශීය සභා පුස්තකාලයක් වසා එහි ඡන්ද රැස්වීමක් පැවැත්වූ බවත් එම සංවිධානය කියයි.
මේ අතර බදුල්ලේ බදුලු පිටියේ දී සංගීත සංදර්ශනයකින් පසු පිරිසක් පාසලකට, ලෑලි කඩ කිහිපයකට හා තවත් ස්ථානයකට අලාභ හානි කළැයි පොලිසියට පැමිණිලි කර ඇත. සැකකරුවකු පොලිසියට ගෙන ආ බව පොලිස් ආරංචි කියයි.
සන්ධානයේ පොස්ටරයක් පාසල් බසයක ඇලවීමට එරෙහි වූ අයකුට පිහියෙන් ඇන ඇතැයි ද, සරත් ෆොන්සේකාගේ පක්ෂයේ රැළියකට සහභාගී වූ පිරිසකට දියතලාවේ දී තර්ජනය කර ඇතැයි ද මැතිවරණ නිරීක්ෂකයෝ කියති.
ලංගම බස් හැටකට වැඩි ප්‍රමාණයක් මොණරාගල ඡන්ද කටයුතු සඳහා යොදා ගෙන ඇතැයි ද, මොණරාගල හා බිබිලේ එක්තරා පදනමක් සෙත්පැතීමේ බෝධි පූජා සංවිධානය කර ඇතැයි ද, හම්බෙගමුව පංසලක බෝධිපූජාවක් පැවැත්වූ හිමි නමක් සංධාන අපේක්ෂකයකුගේ නම හා මනාප අංකය කියා ඡන්දය දෙන ලෙස කියා ඇතැයි ද මැතිරණ නිරීක්ෂණ ජාලයේ ප්‍රධාන විධායක ආචාර්ය උදිත ගුණසේකර කියයි.
ඔහු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාට පැමිණිලි කරමින් කියනුයේ ඡන්ද ප්‍රචාරක කටයුතු බදාදා (17) මැදියම් රැයෙන් අවසන් වුවත් බිබිලේ මැදගම සේනාපතියේ හා නන්නපුරාවේ ඡන්ද රැස්වීම් පැවැත්වීමට සූදානම් කර තිබු බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මැතිවරණය තියනවට වඩා කලින් සැලසුම් කරපු ප්‍රතිපල නිකුත් කලොත් මම හිතන්නේ ? (නදී)
ඌවෙ ජනතාව තමන් කවුදැයි හෙට දිනයේදී ලොවට හඬ නගා කියනු ඇත. (නදී)
මේ පිළිවෙලට ඡන්ද පවත්වන එක අනිවාරතේ කෙරෙන වියදමක්. ඡන්ද පෙට්ටි ටික හොඳ ආරක්ෂා සහිත ස්තානෙක තියාගන තම තමන්ගේ මනාපේ හැටියට ඒවා පුරවා ගත්තා නම් වැඩේ ඉවරයිනේ. රහස් ඡන්දයක් හින්දා ඡන්ද දායකයාටත් නොදැනෙන්න නියමෙට වැඩේ දෙන්න ඒ විදිහට පුළුවනි. කොමසාරිස් උන්නැහේ කෙනෙක් නැතුවම වුනත් ඒ විදිහේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා නම් මේ කචල් මොකුත් නැහැනේ (නදී)
ජාතික මැතිවරණයකින් පසුව මී රටේ මිනිසුන්ට කන්දත් නැතිවෙයි.(අ)
යකඩෝ.. බෝධි පුජාවාක් තියන්නත් දැන් මේ එන් ජි ඕ පප්පලගෙන් අවසර ගන්න ඕනද? ප්‍රචණ්ඩ ක්‍රියා නැති මැතිවරණ, බලය ඇති එකා බලය තම ප්‍රචාරනය සදහා නොයෙදූ මැති වරණ කවුරුවත් ඉතිහාසයේ අහල තියෙනවද? කිසිම ජිවිත හානියක් සිදු නොවූ මැතිවරණ ව්‍යාපාරය අනෙකුත් මැතිවරණ වලට සාපෙක්ෂව සැලකුවම සාමකාමී මැතිවරණ ව්‍යාපාරයක්. (නදී)
1970 මැතිවරණයට පසුව ආ පශ්චාත් ප්‍රචණ්ඩත්වය 1973 දී දැදිගම අතුරු මැතිවරණ ප්‍රචණ්ඩත්වයෙන් වර්ධනය වී 1977 සිට මේ දක්වා විශාල ලෙස වර්ධනය වෙමින් නීතිය නොතකන තත්වයට පත්ව ඇත. හැබැයි අපි අවිහිංසාවාදීයයි ලෝකයට පෙන්වමු. (නි)
බොහොම කරුණාවෙන් ඉල්ලනවා, කිසිදු අපේක්ෂකයෙකුට හෝ පක්ෂෙකට හෝ මෙවරත් ජන්ද නොදී ඉන්න. බස්නාහිරින් මේ රටේ පක්ෂ විපක්ෂ වලට දැනුන විදිහටම ඌවේත් වේවායි ප්‍රාර්ථනා කර සිටිමු.! (නි)
ඔිකෙන්ම පේනවා කීදාහක් රස්සාව නැතුව ඉන්නවද කියල(අ)
ලංකාවේ ඉන්නේ බත් කන අය නෙමෙයි. (නි)
මොනවා කරන්නද? පොලිසියත් එයාලගේ මැතිවරණ කොමසාරිස්තුමාත් එයාලගේ නීතියත් එයාලගේ ඡන්දෙ විතරක් පොඩි මිනිහගේ. (අ)
මට නම්, පොලිසියෙන් 12,000 නොවෙයි, 120,000,000,000 දැම්මත් වැඩක් වෙයිද කියලා සැකයි (නි)
එළිපිට ඡන්ද නීති කඩනවා. කව්රුත් කතා කරන්නේ නැහැ. අඩුම ගානේ ජනතාවවත් බුද්ධිමත්ව කටයුතු කරාවි කියලා හිතනවා. ඡන්දයක් තියන්න පෙර රටේ නීති හදලා ඒවා හරියට ක්‍රියාත්මක කරන්න වැඩපිළිවෙලක් හදන්න ඕනෑ (නි)
බලධාරීන් මේවා නොදැන ඉන්නවා වෙන්න බැහැ (නි)
බෝධි පූජා වලින් දැන් ඡන්ද දිනන්නත් පුලුවන්ද? (නි)
අප රටේ යහපත් දේශපාලනයක් දැන් නැහැ.හදවතින්ම රටට ආදරය කරන පාලකයින් බිහිවෙන්න තව බොහෝ කාලයක් ගතවේවි (නි)