මැතිවරණයක අපේක්ෂකයින් තෝරා ගැනීමේදී නිර්නායක අටක් ඇතුළත් මාර්තු 12 ප්‍රකාශනය පැෆරල් සංවිධානය අද (12) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ප්‍රකාශයට පත් කළේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ,විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා,ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති ආදී දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයෝද මේ අවස්ථාවට එක්ව සිටියහ.
නිර්නායක මෙසේය
01-ඡන්ද අපේක්ෂකයකු අපරාධයක් සඳහා සිර දඬුවමකට ලක් වු හෝ අත්හිටවු සිර දඬුවමකට ලක් නොවුන අයකු විය යුතුයි , 02-අල්ලස් හෝ දුෂණ පිළිබඳ වරඳකරුවකු නොවිය යුතුයි, 03-මද්‍යසාර,මත්ද්‍රව්‍ය, සූදු හා කැසිනෝ ආදී රටේ යහපැවැත්මට හානිකර දේ නොකළ අයකු විය යුතුයි, 04-පරිසර වශයෙන් හානිදායක ව්‍යාපාරවල යෙදුණු අයකු නොවිය යුතුයි.05-දේශපාලන බලය අනිසි ලෙස භාවිතා කළ අයකු නොවිය යුතුයි.
06-අගතිගාමී මුල්‍ය ගිවිසුම් ඇති කර ගෙන මහජන නියෝජිතයකුව සිට දේශපාලන බලය යොදා රජය සමඟ මුල්‍ය ගිවිසුම් ඇති කර ගත් අයකු නොවිය යුතුයි.07-නාම යෝජනා ලබා දෙන පුද්ගලයා තමා නියෝජනය කරන ප්‍රදේශයේ පදිංචිකරුවකු විය යුතුයි.08 -නාම යෝජනා ලබා දීමේදී කාන්තා හා තරුණ නියෝජන සඳහා ප්‍රමාණවත් අවස්ථා ලබා දිය යුතුයි.




















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාල ඉස්කෝලේ ගිය අය විය යුතුයි (අ)
උගත් කමට තැනක් නැද්ද?(හේ)
වැරැද්දකට කියනවා නෙමේ, ඒත් මේ දැළ හදිස්සියේම එළන්නේ එළඹෙන මහා මැතිවරණෙට කලින් මහින්ද මහත්තයව ඉහත සදහන් කුමන හෝ වරදකට පටලවා ඔහු අපේක්ෂකයෙක් වශයෙන් ඉදිරිපත්වීම අහුරවන්න කියලයි මට හැගෙන්නේ. ඇත්තෙන්ම මේ යෝජනාවලිය ඉතාමත් ප්‍රශස්තයි. නමුත් වැඩේ තියෙන්නේ වැරදි දෙයකට එය යොදා ගනීවිද කියන කාරණාවයි. (බ)
ඒක අපේ රටට ගැලපෙන්නේ නෑනේ.(හේ)
පාසල් නොගිය කෙනෙක් විය යුතුය .(හේ)
ප්‍රධාන පක්ෂ දෙකේ අපේක්ෂක නම් ලැයිස්තුවෙන් භාගයක් වත් පුරවා ගන්න පුළුවන් වේවිද මන්දා මෙම යෝජනා පිලිගත්තම,එහෙම වුනොත් දිස්ත්‍රීක්කයෙන් අඩකට හරි නාම යෝජනා දිය හැකි පරිදි නිතිය සංසෝධනය කරන්න වෙනවා,එතකොට කුඩු මන්ත්‍රීලාට, එතනෝල් මන්ත්‍රීලට මොකද වෙන්නේ ?(හේ)
මෙම කරුණු සම්පුර්ණ කරගැනීමට කිසිවෙකුට අපහසු නැහැ. 1, 2, 3. යන කරුණු වලට දැනට සිටින මහජන නියෝජිතයන්ට ගැටළුවක් වන්නේ නැත. ඔවුන් වරද කරුවන් වී නොමැති නිසා. 4, 5, 6, කරුණු වල ස්වභාවය සහ සීමාව සදහන් නොමැති නිසා ඒ තුලින්ද රිංගා යාමට පුළුවනි. 7 , සහ 8 කොහොමත් සම්පුර්ණ කරගත හැකියි. වැරදි කරන ජනතා නියෝජිතයින්ට කිසිම බලයේ සිටින රජයකින් දඩුවම් දීමක් සිදු නොකරන නිසා මෙවැනි කොන්දේසි ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ නොහැක.(හේ)
ඔතන ඉන්න කාටවත් ඉල්ලන්න වෙන්නේ නෑ.(හේ)
මේක නම් නියම යෝජනාවක් .එතකොට මේ කාටවත්ම ඡන්දේ ඉල්ලන්න බැරි වේවි.අලුත් පරපුරක් පර්ලිමෙන්තුවේ ඉදිවී.(හේ)
මේ කිසිකෙනෙකුට ඉල්ලන්න බැරි වේවි...මෙතන ඉන්න බොහෝ දෙනෙක් හොරු තක්කඩි, මිනිමරුවෝ සහ මුදල් වංචා කාරයෝ... අපිට වෙන්නේ ආනයන කරන්න.(හේ)
ඉන්දියාවෙන් ආනයනය කරන්න වෙයි වගේ අපේක්‍ෂකයෝ.. මොකද ඒවයින් මිදිච්ච අය දේශපාලනයට එන්නේ නෑ අපේ රටේ (බ)
ටික දවසකට පස්සේ කියයි ඉහත සඳහන් කරුණු නැති අයට ඡන්දය ඉල්ලන්න බැරිය කියලා. ක්‍රියාවට නැගෙන විට එහෙමයි (බ)
ලස්සන ෂෝ එක.තවන් අලුත් එකක්. දැන් කවුද ඔය කොන්දේසි අකුරටම පිළිපදින්න යන්නේ ඡන්ද අපේක්ෂකයන් තෝරනකොට? එහෙම කෙනෙක් ඉඳීවිද? දැනටමත් ඡන්දේ ඉල්ලන්න ලැහැස්ති වෙන අයගෙත් කැරැට්ටුව හොයලද ඡන්දේ ඉල්ලන්න දෙන්නේ? අනේ මොන බොරු ෂෝ ද මේ? (හේ)
මෙතනට අධ්‍යාපන සුදුසුකමක් ඕනේ නැද්ද? එක ලොකු වැරද්දක් . (දිල්)
එක්කෙනෙක්වත් සුදුසු නැතිවෙයි දේශපාලනය කරන්න (දිල්)
මට විරුද්දව චෙන්නායි වල නඩුවක් තියෙනවා. (අ)
මෙතනට පැමිණ සිටින ආගමික නායකයන් සිටින්නේ තුන්වන පේලියේ එහෙම පස්සට දාන්න ඇයි ආරාධනා කලේ.(අ)
මධ්‍යසාර ගැන කියනකොට හිටපු පාරිබෝගික කටයුතු ඇමතිතුමා මතක් වුණා.(අ)
ඕකට තවත් අලුත් නිර්නායකයක් එකතු කල යුතුයි. (ර)
එහෙනම් ඉතිං පිටසක්වළ ජීවීන්ට තමා ලංකාවේ නාම යෝජනා භාර දෙන්න වෙන්නෙ. (ර)
ඕවා සුදුසුකම්ද. නුසුදුසු කම්ද කියලත් පැටලෙනවා. (ර)
මට හැගෙන්නේ මෙතන සිටින කිසිම ජනතා නියෝජිතයෙක් මෙම නිර්නායකයට අනුව සුදුසු නැහැ. (ර)
උදා නොවන වසන්තයේ සිහින පාර්ලිමේන්තුව. (ර)
පක්ෂ කුමනාකාරයෙන් නාමයෝජනා ලබා දුන්නද අවසානයේදි ඡන්ද දායකයා සතු පරමාධිපත්‍ය බලයට සියළු දේ යටය. මෙම නිර්නායක අට පිළිබද හොදින් ජනතාව දැනුවත් වුවහොත් කතිරයෙන් සියලු දුශිතයන් අතුගා දැමිය හැක. (ර)
දැනට පාර්ලිමේන්තුවේ ඉන්න, මේ සුදුසුකම් සපුරන නියෝජිතයා කව්ද කියල මට කියන්න පුලුවන්ද? (ර)
ඔයත් මදැයි දැනට... යන විදිය බලල සංශෝධන ටිකක් කරහම හරි. (ර)
පාසල් නොගියත් ඔබ සෙබෑ මනුසතෙක් නම් ඔබට අරහත් බව වුවටත් ලබා ගත හැක. (ර)
මේක හොද ප්‍රවනතාවයක්, ප්‍රයෝගිකව ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් හොදයි, අධ්‍යාපන සුදුසුකම් බලන්නත් පුළුවන් නම් හොදයි, හැබැයි ගමේ ගොවි මහත්මයෙකුටත් එන්න ඉඩකඩ තියෙන්න ඕන, තාමත් අර බයියන්ට නම් මේක තේරුමක් නැති ගානයි අදහස් දක්වපු විදයට. (ර)
3 වගන්තියට පුද්ගලින්ට පහරදීම්, දුෂණ වැඩ, නොකළ අයෙකු වියයුතු බවත් ඇතුලත් කරන්න. (ර)
රජයේ වගකීම මෙවැනි වැරදී වලින් මිදුන අය තෝරලා නාමයෝජනා සඳහා ජනතාව ඉස්සරහට ගෙනෙන එක. අනෙක අධ්‍යාපන සුදුසුකම ගැන මොනවද මෙතන සඳහන් වෙන්නේ.? (ර)
අඩුම වසයෙන් උපාධියක් තිබෙන දේශපාලනය උගත් හෝ ගම්සබාවෙන් පටන් ගෙන නගර සබාවෙන් ගිය කෙනකු විය යුතු වගේම, පුජකයන් නොවිය යුතුය. ඇමති තනතුරු දිය යුතු වන්නේ අදාළ සුදුසුකම් තිබෙන අයටය. (ර)
දේශපාලන පළිගැනීමකට හිරේ දැම්මොත් වැරැද්දක් නොකර, වැඩි හරියක් වෙන්නේ එහම නේද.? අනික තමයි අධ්‍යාපන සුදුසු කම. (ර)
කාගේ කාගේත් කිල්ලෝටවල හුණු ඩිංගක් තියෙනවා. (ර)
හොඳද නැද්ද කියලා කාලා බලන්නද ? (ර)
එතකොට පාර්ලිමේන්තුවේ ඉන්න කීදෙනෙක් ඉතුරුවෙයිද? හරියට බැලුවොත් පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ ගොඩ දෙනෙක්ට ඡන්දය ඉල්ලන්න බැරි වෙනවා. (ර)
උගත්කම තියෙන උන් කරන ඒවා දැක්කම ,කියන ඒවා ඇහුවාම මුන්ගේ උගත්කම ගැන හිතා ගන්න පුළුවන්. ටයි කෝට් දා ගත්තට සුදුසු වෙන්නේ නැහැ.රටට ආදරය කරන,නිහතමානි,බුද්ධිමත් දැක්මක් ඇති අයව තමයි පත්කර ගත යුත්තේ.කසිකබල් කඩදාසි කොලේ උගත්කම නොවෙයි අවශ්‍ය. (ස)
මං හිතන්නේ දේශපාලනයට එන හැම කෙනෙකුට යම් කිසි ප්‍රමාණයක් උගත් කමක් තිබිය යුතුයි. ශ්‍රී ලංකාව ගැන ඉතිහාසය ගැන නීතිය ගැන දැනුමක් තිබිය යුතුයි. මේවා සාමාන්‍ය දැනුම. එසේවත් නොදන්නා කෙනෙක් දේශපාලනය කොහෙත්ම ගැලපෙන්නේ නැහැ. අපේක්ෂකයින් සම්බන්ධව රාජ්‍ය මට්ටමින් සාමන්‍ය දැනුම ලිඛිත පරීක්ෂනයක් සිදු කල යුතුයි. එයින් සුදුසුකම් ලබන කට්ටියගෙන් වඩාත් සුදුසු අයට දේශපාලනයට පැමිණිය හැකියි.(නදී)
ඔය ලියවිල්ලට අනුව බොහෝ දෙනෙකුට මැතිවරණයට ඉදිරිපත්වෙන්න බැරිවෙනවා (නි)