
(ටී.කේ.ජී.කපිල )
මහජන චීන ජනරජය විසින් පරිත්‍යාග කළ , මෙරට ආපදාවට පත් වී සිටින ජනතාව සදහා රුපියල් මිලියන 400 ක් වටිනා අධාර තොගයක් චීන ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මගින් අද( 08) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .
බෝයිං 747 - 400 වර්ගයේ විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් වූ එය අද දින උදෑසන 10.47 ට චීනයේ ෂැංහයි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
එම ගුවන් යානය තුළ කිලෝ ග්‍රෑම් 84,525 ක් බරැති ජීවිතාරක්ෂක කබා , කූඩාරම් , බ්ලැන්කට් සහ ඇද ඇතිරිළි තොගයක් තිබුණි .
මෙම අවස්ථාවට වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක , ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී චැන්ග් හොන්ග් යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .
2025 දෙසැම්බර් මස 04
504
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
473
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
චීන ආධාර රැගත් ගුවන් යානයක් කටුනායකට
eresh S kumara Monday, 08 December 2025 04:00 PM
වෙනදාට කලින්ම අපිට ආධාර කරන චීනය මෙදාපාර ඇයි පරක්කු වුනේ...