‘චාවකච්චේරියේදී හසුවූ පැති බෝම්බ පහ බිම් බෝම්බයකටත් වඩා භායනකයි. ඒ වගේම ජැකට් දෙකක් සී හතර (ප්ලාස්ටික් පුපුරන ද්‍රව්‍ය) බෑග් තුනක් හා දුරකතන සිම් පහක් හමුවෙලා තිබෙනවා. දැන් රජය උත්සාහ කරනවා ඇත්ත වසන් කරලා මේක අඩුකරලා පෙන්වන්න‘ යැයි මහාචාර්ය ජී.ඇල්.පීරිස් මහතා අද (30) ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවකදී පැවසීය.
‘හැබැයි මේක තමයි ඇත්ත. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා ඇත්ත වසන් කිරීමට කිසිදු උත්සාහයක යෙදෙන්නේ නැතුව මේක අනාවරණය කරලා මේකේ මුල මොකක්ද කොච්චර පැතිරිලා තියෙනවාද ඊට පස්සේ මොකක්ද මේ අය කරන්න බලාපොරොත්තු වෙන්නේ මේවා වැල්ලවත්තට එවනවානම්, කොළඹට එවනවානම් මොකක්ද කරන්න හදන විනාශය. මේ සම්බන්ධයෙන් රජය ඉක්මනින් ක්‍රියා කළ යුතුයි. ජනතාව දැනුම්වත් විය යුතුයි. අපි බලකර සිටිනවා මේ පිළිබඳ නිසි ක්‍රියාමාර්ගයක් ගන්න කියලා. රජය දැනටමත් ප්‍රකාශ කරලා තියෙනවා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හකුලා ගන්නවා කියලා. අන් සියලු දේට වඩා අපි බලන්න ඕන රටේ ජාතික ආරක්ෂාව. ඒ නිසා චාවකච්චේරි සිද්ධිය සුළුකොට හිතන්න එපා‘ යැයිද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එල්ලෙන්න තවත් පිදුරු ගහක් හම්බ වුනා නේද?(කෞ)
එ්ක මේ ගොල්ලන්ගේ උවමනාව උඩ කෙරුණු වැඩක් වෙන්න බැරිද? (බ)
තවම දඟ ලන්නේ ගසාගෙන කන්ඩ නේ. දැන් වත් ගෙදරට වෙලා යන ලෝකෙට පිනක් දහමක් කර ගනිල්ලා (බ)
ඔය ඉන්න තුන්දෙනාම ගැන අපි දන්නවා (බ)
දැන් ගෙදර ඉන්නකොට කම්මැලි ඇති නේද (බ)
මේවා ප්ලෑන් කල අයත් කවුද කියල ඉක්මනටම අදනගන්න ලැබෙයි. (ර)
ජී.ඇල්.පීරිස් මහතා ගේ ප්‍රකාශය ඇත්තයි. එහෙත් ඒ පිටිපස සිටින්නේ කවුද කියා තීරණය කල යුත්තේ ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමු පැවැත්වීමෙන් නොවෙයි. ඒකට රටේ ආරක්ෂක හමුදා තිබෙනවා. ඒකාබද්ධ විපක්ෂයට වඩා මේ ගැන සොයාබැලීමට රජයට බැඳීමක් සහ වගකීමක් තිබෙනවා. ඒ ගැන රජය සහ ආරක්ෂක අංශ සොයා බලන තුරු අනිත් අය "පේන බලන්නේ නැතිව " නිහඬව සිටියොත් හොඳ නැද්ද ? (ර)
මේ ගැන සොයා බැලිය යුතුයි. (ර)
රටේ ආරක්ෂාව රජයේ කාර්යක්. (ර)
මහාචාර්යතුමාට හා මහජන ප්‍රතික්ෂේපිතයන්ට කලකට පසු " රසමසවුලක් " හම්බවෙලා. ඔබ දන්නෙම නැතුව ඇති නේද 40 දශකයේ 2 වැනි ලෝක යුධ සමයේ සැඟවූ, අවතැන්වූ අවිආයුධ තවමත් හමුවෙන බව. නිකම් ඉන්නකොට මොනවාහරි කියන්නත් එපැයි. නමුත් ඕවා බරපතල ප්‍රකාශ, ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන්. (නි)
රටක ජනතාවට නිදහස ඕනි කියල ජාතික ආරක්ෂාවට ප්‍රශ්ණ වෙන දේවල් කරන්නෙපා.මේ නිදහස ඇති,අවශ්‍ය වැටලීම්,පරීක්ෂා කිරීම් කරන්න.බෙල්ජියමෙ බුද්ධි අංශ වාර්තා නොසලකා හැරීම් නිසා දේපළ හා ජීවිත රැසක් විනාශ වුනා.ඇමති වරු ඉල්ලා අස් වුණා. ලංකාවෙ එහෙම වගකීමක් භාර ගන්න කෙනෙක් නැහැනෙ.අහිංසක මිනිස්සු තමයි මේවගෙන් බැට කන්නෙ.(බ)
මේක පොදු විපක්ෂයේ වැඩක් (ම)
මේවා අනතුරක් වෙන්න කලින් හොයාගත්තු එක ගැන සතුටුවිය යුතු නැද්ද ? (නි)
2009 යුද්ධය ඉවර වුණාට පස්සේ මේ වගේ මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල තැන් කිහිපයකින්ම හොයාගත්තා. වව්නියාව, කතරගම විශ්‍රාම ශාලාව මතක හැටියට. මෑතකදී එහෙම සිද්ධියක් වාර්තා නොවුණත් අද තමයි මේ වගේ දෙයක් වාර්තා වෙන්නේ. මේ ඇඳුම් කට්ටලය ඔතපු පත්තර කොළය 2008 ජනවාරි එකක් බව පේනවා. හැබැයි මේක වර්තමානයේ ත්‍රස්තවාදය ව්‍යාප්ත වෙන්න හොඳ අවස්ථාවක් කියන්න ඒකාබද්ධ විපක්ෂයට පොටක් පෑදිලා වගෙයි පෙනෙන්නේ. (නි)
මෙතරම් අගතියට ගිය උගතෙක් නොසිටියෙනි - ඔබ දැකුමින් අප පින් කළ බව දැනුනි (බ)
ඊළඟ ඊළාම් යුද්ධයේ කස හඬද? (නි)
ලජ්ජා නැතුව තවත් එල්ලෙන්න වැල් හොයනවා.(බ)
මේවා කියලා ආණ්ඩු පෙරළන්න නම් බැහැ (නි)
අපිට නම් දැන් මේ කතා ඇතිවෙලා (නි)
සමහරු පස්වනක් ප්‍රීතියෙන් වගේ අර ලයිට් ගිය දවසේ ඉඳලා (නි)
ඔන්න මෙයාලගෙනුත් ප්‍රශ්න කරන්න වෙයි. (නි)
මහත්තයො..තව කාලයක් යනකං ඕවා හම්බුවෙයි..අපි මේ ඉන්නෙ පශ්චාත් යුධ සමයක..දැනගෙනත් බොරු කියන හැටි...බුද්ධි අංශවලට තොරතුරු වලට තමයි ඕවා උඩ එන්නෙ. ඇයි ඒ කාලෙත් වුනේ...දැන් ඉතින් මතක නැහැනේ (බ)
අහන්න ගෝඨාගෙන් කවුද මේවා කළේ කියල (බ)
තමාට උගත්කමක් තියෙනවා නම් එය ආරක්ෂා කරගෙන සිටීමයි නුවණට හුරු (නි)
මේ කට්ටියට දැන් නින්දයන එකකක් නැහැ. හරි අසාවෙන් හිටියේ මේ වගේ දෙයක් එළිවෙනකම් (නි)
මරුනේ! ඒකාබද්ධ විපක්ෂයට ලොතරැයියක් ඇදුනා වගේ ඇති දැන්. (නි)
කට්ටියම මහින්ද මතක් කරනවා වෙන්න ඇති. (නි)
අපේ සමහර මෝඩ සිංහලුන්ට නොතේරෙන්නෙත් ඕකමනේ. අපේ අයට තියන ජාතික සමගිය සංහිඳියාව පිළිබඳ හැඟීම ඒ අයට නැහැ (නි)