යාපනය චාවකච්චේරියෙන් සොයා ගත් මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලය ඇතුළු පුපුරණ ද්‍රව්‍ය කොටි සංවිධානයට අයත් නොවන බවත්, උතුරේ කොටි සංවිධානය යළි නැගී සිටින බව පෙන්වීමට පිරිසක් ගත් උත්සාහයක් බවට සැක කරන බවත් දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රී එම් කේ සිවාජලිංගම් කියයි. උතුරේ සාමකාමී තත්ත්වයක් පවතින බවත්, පටු දේශපාලන අරමුණක් වෙනුවෙන් උතුරේ යළිත් ත්‍රස්තවාදය නැඟී සිටින බව පෙන්වීමට දකුණේ දේශපාලන බලවේග කිහිපයක් උත්සාහ කරන බවත් ඔහු පවසයි. උතුරේ දේශපාලන බලවේගවලට ත්‍රස්තවාදයක් ඇති කිරීමේ උවමනාවක් නැතැයි ද ඔහු සඳහන් කරයි. උතුරේ හමුදාව රැඳවීම සදහා මෙය කරන්නට ඇතැයි සකයක් ඇති වන බවත්, ත්‍රස්ත උපකරණ හමුවූ නිවසේ හිමිකරුගෙන් සාධාරණ විමර්ශනයක් කර සත්‍ය ජනතාවට හෙළි කළ යුතු බවත් සිවාංලිංගම් කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද මේ හිටිහැටියේම දකුණ ගැන කියන්න ගත්තේ? (නි)
කොහොමද එහෙම කියන්නේ සාක්කි නැතුව? (නි)
කටින්ද මේවා කියන්නේ? මේවාට උත්තර තියෙන්නෙත් එයා ළඟම තමයි ඉතින් (නි)
කටින්ද මේවා කියන්නේ..(හේ)
ඔව් එ්ක හරි. දැන් අවුරුදු 30ක් තිස්සේ ත්‍රස්තවාදී වැඩ කළේ දකුණේ ත්‍රස්තවාදියොනේ. මරාගෙන මැරෙන බෝම්බ තියලා අසරණ මිනිස්සු මැරුවේ, ගම්වලට පැනලා ගම් පිටින් සංහාර කළේ ඔක්කොම දකුණේ මිනිස්සු. වෙනම පාලනයක්, වෙනම බලතල අනං මනං ඉල්ලන්නෙත් දකුණේ මිනිස්සු. උතුරේ අය හැමදාම කිවුවේ එකම රටක එකට ඉන්න ඕනෑ කියලනේ. ඉතින් ඔබේ කතාව හරි. (නි)
අපිට හිතන්න තවත් පැත්තක් (නි)
මමත් හිතනවා හරි කියලා ඒ කතාව (නි)
මටත් හිතුනා ඔය ටික (නි)
පුදුම කතානේ හැබෑට මෙයාලා කියන්නේ (නි)
මේක කඩාකප්පල්කාරී ක්‍රියාවක් කියලා බුද්ධි නිලධාරීන්වත් අද හෙටම හිරේ දමාවිද දන්නෙ නැහැ. එහෙම රටක්නේ මේක. (නි)
පොඩ්ඩක් ඉවසන්න. කසුන්, සරත්ලා, ගමගේලා, යාරිස්ලා තාම මේ ප්‍රවෘත්තිය දැකලා නැහැ. ඔන්න බලන්න එ්කඡන්දයෙන් මේකට එකඟවෙන හැටි. (නි)
මගේ හිතට එන තරහා කියලා නිමකරන්න අමාරුයි (නි)
සුසන්තට මම බොහොම ආදරෙන් ඉල්ලීමක් කරන්න කැමතියි. ශ්‍රී ලංකා ඉතිහාසය විචාරයෙන් යුතුව කියවන්න. රටේ මධ්‍යම රජයකට හැම විටම කඩාකප්පල්කාරී දේවල් කළේ දකුණෙන්. බෙලි කැපිලි කාරයෝ වැඩි හරියක්ම. අපේ ශ්‍රේෂ්ඨතම රජතුමා විජයබාහු හිස ඔසවන කාලෙත් ඔහුට විරුද්ධව ආවේ දකුණේ මිනිස්සු. පරාක්‍රමබාහුටත් ජිල්මාට් දැම්මේ දකුණෙන්. හොඳට හොයල බලන්න. (බ)
ඔය මොන දේ කිවුවත් රට ආපස්සට යන බවකුයි අපිට නම් පෙනෙන්නේ (නි)
මහින්දගේ වැඩක් කියලා කියන්න කෙනෙක් නැද්ද? (නි)
මොනවා කිවුවත් මොවුන්ගේ ඇතුළාන්තය ගැන අපි දන්නවා (නි)
අනේ සිංහලුන්ට ගිය කලක්! තාම මාස 12 ගියා විතරයි. හිටියොත් බලමු අවුරුදු 5 කින් ශ්‍රී ලංකාවේ නම ලෝක සිතියමේ හොයාගන්න පුළුවන්වේවිද කියලා? (නි)
ජොන්ස්ටන් හිටපු ඇමැති මහින්දට විරුද්ධව කොටියෙක් තියාගෙන හිටියා කියලා අපි අහලා තියෙනවා (බ)
අපොයි ඔවු, මොනවට කියනවද? (බ)
දකුණේ අය ගිහින් අර ගේ ඇතුලේ බෝම්බ හංගල ඇවිත්, එතකොට අර කාන්තාව පොලිසියට කියපු දේවල් බොරුද..... සිවාජිලිංගම් මොකද කලබල වෙලා...(බ)
මම බැලුව කව්ද මේ කියල..මේ පිරබාහරන්ගේ මස්සිනානේ..(බ)
ඇයි දකුණේ වැඩක් කියන්නේ? උතුරේ වැඩක් වෙන්න බැරිද? (නි)
කව්ද දන්නේ මේක අහවලාගේ වැඩක්ද කියලා? සිංහලයා මෝඩයා කියන්නේ මෙන්න මේකයි (නි)
හා හා අප්‍රේල් පළවැනිදා විහිළුවක් (බ)
ඒක වෙන්න බෑ.(හේ)
කරන පරීක්ෂණ වලට උදව් කරලා, ඔබගේත් රටෙත් ආරක්ෂාව තහවුරු කරන්න, අර අල්ලගත්ත එක්කෙනත් දකුණෙන් වෙන්න ඇති ගියේ. අනම් මනම් කියන්නේ නැතුව මිනිස්සුන් තුල විස්වාසය තහුරු කරන්න, අවංකව වැඩ කරලා, නැවතත් යුද්ධයකට ඉඩ තියන්නේ නැතුව (හේ)
නැවත බලය ගන්න මේවා කරන්නේ කවුද කියලා රටම දන්නවා (හේ)
අපි නම් කලින්ම හිතුවා මේක සිංහල කොටින්ගේ වැඩක් කියලා (නි)
එහෙම කියන්නේ කොහොමද?(හේ)
හොරාගේ අම්මාගෙන් පේන අහල. වෙන කියන්ඩ දෙයක් නැහැ මේවාට (හේ)
මේ කතාව අසත්‍යක් කියල බැහැර කරන්නමත් බැහැ (බ)
මෙහෙම කියන්නෙ මහ කොටියෙක් ගේ සගයෙක් (බ)
එරන්ද, පැහැදිලිවම පෙනෙන්න තිබෙන දේ වහන්න හදන ඔහෙලා වගේ අය ඉන්නාතුරු මේ රට ගොඩ එනවා බොරු (නි)
සමහරවිට ඒකාබද්ද විපක්ෂයේ වැඩක්ද දන්නෙත් නැහැ.(බ)
කබරගොයත් තලගොයෙක් කරගෙන මරාගෙන කන්න බලන තලයෙක් තමයි ශිවාජි කියන්නේ. (බ)
ඔව් මේක දකුණේ කඩාකප්පල්කාරීන්ගේ වැඩක් නේන්නම්! අර අහිංසක පූස් පැටව් වගේ අය කවදාද මේ වගේ දේවල් කළේ නේද? (නි)
හොරාගේ අම්මගෙන් පේන අහන්න ඕන නැ අපි දන්නවා (බ)
කව්ද මේ සිවාජිලිංගම් කියන්නේ උග්‍ර දෙමල ජාතිවාදියෙක් මෙයාට ඕන කොහොම හරි උතුරින් හමුදාව අයින් කරන්නයි (බ)
මෙයා ගැනත් අපි දන්නවා (නි)
කිවුවත් වගේ කොටි හරිම අහිංසකයිනේ. ඒ අය කවදාවත් වැරදි කළේ නැති බව අපි දන්නවා (නි)
ඔව් දකුණේ හැමතැනම මේ ඇඳුම් කට්ටල පිරිලා තියනවානේ. මොකද මේ අවුරුදු කාලෙනේ (නි)
අනිවාර්යෙන්ම බුද්ධි අංශයේ අයට එරෙහිව පරීක්ෂණයක් කරන්න වෙයි නේද? අනික ඉතින් උතුරේ කොහේද ත්‍රස්තවාදීන් ඉන්නේ නේද? (නි)
කාලයක් කට්ටිය යුද්ධය වවාගෙන කෑවා, දැන් දිනපු යුද්ධයත් වවාගෙන කන්න හදනවද? (නි)
මෙම ප්‍රකාශය ගැන පුදුම වියයුතු නැහැ. ඒගොල්ලෝ කියන්නේ ඒ සිංහලය මෙහිවිත් ඔවුන්ගේ මව් රට අල්ලාගත් බවනේ. සිංහලය වඳ කිරීමේ අවසන් අදියරට පැමිණ ඇති වර්තමානයේ, සංහිදියාව රැකීම පිණිස මෙම පරකාසය අනුව දකුණේ සිංහලයන් හෝ රණවිරුවන් අත්අඩංගුවට ගත්තත් පුදුම වියයුතු නැහැ. සිංහලයාට විනකරන හැම කෙනෙක්ම විනාශ වේවා! (නි)
කට්ටියම කලබල වෙලා. ඔයාලා කලබල වෙන්න එපා. බුද්ධි අංශය හොයාගනියි කවුද මේකේ පිටිපස්සේ ඉන්නේ කියලා. (නි)
සමහරුන්ට නම් මේ කතා අැත්ත වෙන්න පුලුවන් (නි)
මම කිවුවේ නැද්ද? මටත් ඔය සැකයම ඇතිවුණා (නි)
එරන්ද, කොටි හරිම අහිංසකයිනේ. ඒ අය කවදාවත් වැරදි කළේ නැති බව අපි දන්නවා. අනිවාර්යෙන්ම බුද්ධි අංශයේ අයට එරෙහිව පරීක්ෂණයක් කරලා හිරේ දාමු (නි)
හාහ් හාහ් හාහ්! මේවට අපිට නම් හිනායනවා (නි)
ජී.එල්. ගෙන් ගත්තා වගේ මෙයාගෙනුත් කට උත්තරයක් ගත්තා නම් නේද හොඳ? (නි)
නැතිදේවල් ඇතිකරලා ආයෙත් පාරක් රටේ නැති ප්‍රශ්න ඇතිකරන්න තමයි සමහරු හදන්නේ (නි)
මේ කතා අහලා අපිටත් පිස්සු වගෙයි (නි)
කසුන්, ගණන් ගන්න එපා. අද අප්‍රේල් පළවෙනිදනේ (නි)
එයා කියනවා නම් එ්ක සම්පූර්ණ ඇත්ත. බොරු නොකියන කෙනානේ. අගමැතිතුමා පාර්ලිමේන්තුවේත් කියන්න හදන්නේ මේකම වෙන්න ඇති ෂුවර් එකටම. (නි)
යහපාලනයට මේවා ගැන ගානක් නැහැ වගේ (නි)
ඇත්තනේ! කවදාද එල්ටීටීඊ එකේ අය මිනිසුන් මැරුවේ නේද? පවු! (නි)
මේ වගේ වැඩ දකුණේ මිනිස්සු කරන්නේ නැහැ. හැමදාම රටෙන් කෑලි ඉල්ලන්නේ උතුරේ මිනිස්සු. දකුණේ සිංහල දෙමළ මිනිස්සු බොහොම සමගියෙන් ඉන්නවා. (නි)
ආ ඇත්තද? අපිත් ඒත් බැලුවා කාගේ වැඩක්ද කියලා (නි)