චාවකච්චේරියෙන් පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් හමු වූ පමණින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් පවතින බව කිව නොහැකි යැයි ආරක්‍ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පැවසීය.
රටේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් කිසිඳු ගැටළුවක් නැති බව කී ආරක්‍ෂක ලේකම්වරයා ඉදිරියේදීත් ආරක්‍ෂාවට තර්ජනයක් විය හැකි කිසිවකට ඉඩ නොතබන බව සඳහන් කළේය.
යුද්ධයෙන් පසු විවිධ අවස්ථාවලදී මෙවැනි ආයුධ සොයාගැනීම් පිළිබඳව බුද්ධි අංශ වාර්තා කර ඇතැයි කී ආරක්‍ෂක ලේකම් චාවකච්චේරි ආයුධ තොගයක් ජාතික ආරක්‍ෂාවට මහා තර්ජනයක් විය හැකි බව කිසිවකු හෝ කියන්නේ නම් එය රටේ ආරක්‍ෂක කටයුතු පිළිබඳ කිසි අවබෝධයකින් තොරව කරන ප‍්‍රකාශයක් බවද ප‍්‍රකාශ කළේය.
මෙවැනි සිද්ධී ගැන පොලීසිය නිසි ආකාරයෙන් පරීක්‍ෂණ කරනු ඇතැයි කී හෙට්ටිආරච්චි මහතා පොලීසිය දෙන තොරතුරු තක්සේරු කර ඒ අනුව කටයුතු කිරීම ආරක්‍ෂක අමාත්‍යාංශයේ වගකීම බව ද කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩේ යට ගහන්න කීයක්වත් ගත්තේ නැද්ද (අ)
විදුලිය කපන්නේ නැහැ කිව්වා වගේ ප්‍රකාශයක්ද ලේකම් තුමෝ ? (අ)
මෙයාලට නම් තර්ජනයක් නැහැ තමයි. මොකද කොටියව නලවන අයට ප්‍රශ්නයක් නැහැනේ. කොටියාගෙන් මේ රට බේර ගත්ත අයට තමයි ඔක්කොම ප්‍රශ්න. (බ)
අනේ මෙයා දන්නා ආරක්ෂාව. (අ)
මේවා පිපිරුණත් ඊට බිලිවන්නෙත් සාමාන්‍ය ජනතාවනේ. ඊට කම් නැත (බ)
ආරක්ෂාවට තර්ජනයක් නැත්නම් මොකටද ඇල්ලුවේ? (හේ)
ඔබ තුමා කියන කතාව ඇත්ත.වල දමා තිබු අවි ලැබුණ පමණින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙන්නේ නෑ.(හේ)
මේ වගේ දේවල් උනහම රටේ සාමය සහ ප්‍රදේශයේ සාමය සම්බන්දයෙන් තනි තීරණ ගන්නේ නැතිව එම ප්‍රදේශ වල නායකයන් සම්බන්ධ කරගන්න ඕනේ. මොකද ඒ අය දෙමළ ජනතවගේ ප්‍රශ්න කතාකරනවා වගේම ඒ අයගේ ආරක්ෂාව සම්බන්දයෙන් වගකියන්න ඕනේ. මීට අවරුදු 30 කට කලින් ඒ අය එහෙම කටයුතු කලානම් අද මුළු රටම ලෝකයේ ඉහලම තැනක ඉන්න තිබුනා.(හේ)
වග කිව යුත්තන් මෙය සුළුවෙන් තක්සේරු කිරීම නොකළ යුතු දෙයකි ,මෙය අනාගත බේදවාචකයක පෙරනිමිති විය හැක . (හේ)
අසව් අසව් ඔය කියන්නේ. (හේ)
හමු වූ ඒවා වලින් ප්‍රශ්නයක් නෑ කියල අපිත් දන්නවා. ප්‍රශ්නේ තියන්නේ තව ඒවා පුපුරන්න කලින් හමුවෙයි ද කියලා නේ. එහෙම නොවෙනවා කියල ඔබ තුමාට සහතිකයක් දෙන්න පුළුවන් නම් ගොඩාක් වටිනවා. (ර)
කකුළුවා කියුවා වගේ නේද? තවම බෝම්බ පිපුරුවේ නැහැනේ. එ්ත් පිපුරුවට පස්සේ කියයි එකයි පිපුරුවේ ගණන් ගන්න එපා කියලා. (බ)
රාජ්‍ය නිලධාරීන් මෙවැනි පක්ෂග්‍රාහී ප්‍රකාශ කිරීම සම්බන්ධව කණගාටුවන අතර, ඔවුන් මීට වඩා වගකීම් සහගත විය යුතුය. (බ)
ඔබ තුමා හරියටම හරි මේක ඇමරිකාවට නම් තර්ජනයක් අපේ ජාතික ආරක්ෂාවට වසර් 30 ප්‍රශ්නයක් තිබුනේ නැහැ නොවැ (බ)
මේ ජාතික ආරක්ෂාව කියන්නේ මොකක්ද අනේ චීනයෙන් ඉන්දියාවෙන් එන එකක්ද ?(බ)
මහා නාවික යාත්‍රා ගිලෙන්නේ කුඩා සිදුරුවලින් (බ)
ආරක්ෂාවට තර්ජනයක් නැහැ කලබල වෙන්න එපා රජයට මඩ ගහනවා ජීවිතවලට විතරයි තර්ජනය තියෙන්නේ (බ)
සැලියේ දිය නටන තෙක් කකුළුවා හිනැහෙනවලු, මට පේන හැටියට රටේ ජාතික ආරක්ෂාවට ලොකුම තර්ජනය වගකිවයුතු තනතුරුවලට පත්වන මෙවැනි ලාමක නිලධාරීන්. මෙයාලගේ එකම රාජකාරිය වෙලා තියෙන්නේ රටේ දේශපාලන අධිකාරිය සතුටු කිරීමයි.(බ)
ඉතිහාසයේ කිසිම ආරක්‍ෂක ලේකම් කෙනකු මවැනි ප්‍රකාශයක් කරලා නැතුව ඇති (බ)
මම කියන්නේ ඕව ගොවිතැන් වලට පාවිච්චි කරන්න තියාගෙන ඉන්න ඒවා වෙන්නැති.. නැත්නම් යුද්ධය ඉවර වෙලා මෙච්චර කල් ගිහිල්ල ඕව ගෙවල් වල තියාගෙන ඉන්නවද..(කෞ)
ඔව් ඔව් ජාතික ආරක්ෂාවට නම් තර්ජනයක් නෑ...අල්ලගත්ත නිසා ජීවිත වලටත් තර්ජනයක් නැතුව ඇති...ආරක්ෂක කටයුතු පිලිබදව නිසි අවබෝදයක් නැතිනිසා මීටවඩා මුකුත් කියන්න එපා කව්රුවත්......?(කෞ)