චාවාකච්චේරි අනතුරින් මියගිය එකම පවුලේ 7 දෙනාගේ සිරුරු එකම වළක අද (19) සවස මිහිදන් කිරීමට නියමිතය.
ඔවුන්ගේ සිරුරු 10ක් ඉරිදා සන්ධ්‍යාවේ රත්මලාන ගුවන්තොටට ගෙන එනු ලැබීය.
දෙසැම්බර් 18 පස්වරු 2.45
චාවාකච්චේරියේ රිය අනතුරින් මිය ගිය හොරණ මිල්ලනියේ දස දෙනාගේ සිරුරු තවත් නොබෝ වේලාවකින් රත්මලානට ගුවන් මගින් ගෙන එ්මට කටයුතු යොදා තිබිණි.
රත්මලානේ සිට හොරණ ප්‍රදේශයේ මල් ශාලාවකට රැගෙන යන සිරුරු අතර එකම පවුලේ හත් දෙනකුගේ සිරුරු ද වේ.
ඡායාරූප - එස්.ප්‍රදීපන්
වීඩියෝ - බිමල් ශ්‍යාමන් ජයසිංහ
ඡායාරූප - ඉෂංක සුනිමල්
ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ
















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම කණගාටුදායක පුවතක්. මියගිය සියලු දෙනාටම නිවන්සුව පතන අතර මතු උපදින ආත්මයක්දිවත් මෙවන් අකල් මරණයක් අත් නොවේවා!!! (හේ)
මෙහෙම නිවන් සුව ලැබේ නම් හැමෝම මෙහෙම මැරෙන කැමති වෙයි,,නිවන් සුව කෙසේ වෙතත් ඔය රියැදුරා නම් පවුලේ කෙනෙක් වෙලා නොඉපදේවා, මොළයක් නැති හරකෙක් කළ හදියක් (බ)
සියලු දෙනාටම අල්ලාහ් දෙවියන්ගේ රැකවරණින් අල්ලාහ්ගේ තුරුලේ සැතපේවා (බ)
මියගිය සියලුදෙනාටම නිවන්සුව පතන අතර මතු උපදින ආත්මයක්දිවත් මෙවන් අකල් මරණයක් අත් නොවේවා (බ)
මියගිය සියලුදෙනාටම නිවන්සුව පතන අතර මතු උපදින ආත්මයක්දිවත් මෙවන් අකල් මරණයක් අත් නොවේවා (බ)
හරිම අවාසනාවන්ත වියෝවක්.අපි කව්රුත් ජීවත් වෙන්නේ ටික කලයි. මේ ටික කාලයේ දීර්ග කාලයක් දුකෙනුත්,ඉතා සුළු කාලය සතුටිනුත් ගත කරනවා. (ම)
රථ වාහන දඩ වැඩි කරලා මෙවැනි ගණයේ අනතුරු වළක්වාගන්න බැහැ. සමහරුන්ගේ ප්‍රකාශ අනුව ජනවාරි මාසයෙන් පසු අනතුරු නැතිවෙයි කියලා හිතාගෙන ඉන්නේ. මිනිසුන්ගේ ඔලුව හදන්න ඕනෑ. වාර්ෂිකව යම් වැඩසටහන් වලට රියදුරන් සහභාගිවන්න ඕනෑ. විවිධ ක්‍රම උපායන් තියෙනවා. දඩයකට තියෙන බයට රිය පදවන එක නෙමෙයි රියදුරු කෙනෙක්ගෙන් බලාපොරොත්තු වියයුත්තේ (නි)
ඔබට නිවන් සුව ලැබේවා ! (බ)
සංසාරයේ පැතු ලෙස මෙසේ වුනාද...මතු කිසිදු දිනක මෙවන් දුකක් නොවේවා උතුම් මිනිසත් බවම ලබා ඉපිද මතු බුදුන් දවස නිවන් දකින්නට හේතු වේවා (බ)
එක අයෙකුගේ නොසැලකිල්ල නිසා අහිංසක වටිනා ජීවිත කීයක්ද මෙතන .අපේ තියන හොඳ තමයි එක්කනකුට වුන දෙයකින් පාඩමක් කවදාවත් ඉගෙන නොගන්න එක (බ)
එකම පවුලේ 7 දෙනෙක් ? හරිම කණගාටු දායකය , නිවන් සුව ප්‍රාර්ථනා කරනවා (බ)
එකම පවුලේ 7 දෙනෙක් ? හරිම කනගාටු දායක සිදුවීමක්, සතුරෙකුටවත් මෙවන් විපතක් නොවේවා...! (බ)
අපි හැමදාම කිව්වා. කාලෙක ඉඳල කෑ කෝ ගැහුවා මේ අනතුරු ගැන. මේක යුද්ධ කාලයටත් වඩා භයානක අනතුරක් බව කිව්වා. එ්ත් අපේ මිනිස්සු ඒවායින් ඉගෙනගත්තේ නැහැ. වාහන පාරට දාන්නේ බලලා නෙමෙයි. ගෙවිච්ච ටයර් දාගෙන දුවන්නේ. නඩත්තුවක් නැහැ. ආරක්ෂාකාරී වාහන පැදවීම ගැන අවබෝධයක් නැහැ. ඒ නිසා මේ අනතුරු වෙනවා. ජීවිත නැතිවෙනවා. නීති තිබුනට මදි. දැන්වත් ක්‍රියාත්මක කරන්න ඕනෑ (නි)
බොහොමයක් කැබ් සර්විස් රියදුරන්ට අවශ්‍ය තරම් නින්දක් ලැබෙන්නේ නැහැ. සල්ලි හොයන්න නිදිමතේ රිය පදවනවා ජීවිත ආරක්ෂාව අමතක කරලා. (නි)
සම අකුසල් සහ සම කර්ම විපාක එකට මියයා හැකියි. පින්කමක් වෙනුවෙන් ගිය නිසා පංච උපදානස්කන්ධයේ අවසාන සිතිවිල්ල එකට සකස් වෙන්න ඇති. දිව්‍යතල අපාය සහ මනුස්ස අාත්ම වලට පින් අනුමෝදම් වෙන්න බැහැ කියලා තමයි ධර්මයේ සදහන් වෙන්නේ (වැරදිනම් කවුරුහරි නිවැරදි කරන්න මම මේ ලිව්වේ දහමට අනුව ) (නි)
ඉතාම කණගාටුදායක පුවතක්. හිතාගන්නත් බැහැ මේ වැනි මරණ ගැන. සැමට නිවන් සුව! (නි)
මේ වගේ පාසැල් වෑන් රථත් කීයක් නම් ධාවනය වනවා ඇද්ද? කවුද මේ ජීවිත වලට වගකියන්නේ? (නි)
සැමට නිවන් සුව! (නි)
කණගාටුදායක සිද්ධියක්. අධික වේගය නිසා ටයර් එක පුපුරලාවද්ද? (නි)
රථවාහන දඩ වැඩි කිරීමට විරුද්ධ අය නැවත සිතන්න. දඩවලට බයෙන් හරි ආරක්ෂාකාරීව රිය පැදවීමෙන් අපේ ජීවිතත් ආරක්ෂා වෙනවා.(ම)