හොරණ මිල්ලනියේ සිට නාගදීපයට වන්දනාවේ ගිය වෑන් රියක් යාපනය චාවා කච්චේරියෙදී බසයක හැපී වෑන් රථයේ ගමන් ගත් 11 දෙනකු මියගොස් බරපතල තුවාල ලැබූ තිදෙනෙක් යාපනය රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි.
එම වෑන් රියේ ගමන් ගත පිරිස අතර එකම පවුලේ 10 දෙනකු සිටි බව ද පොලිසිය පවසයි.
ඔවුන්ගේ ඥාතීහු අද සවස යාපනය බලා පිටත් වූහ.
ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ
ඡායාරූප - රොමේෂ් මධුසංඛ










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මියගිය අයට නිවන් සුව! (නි)
නින්ද යාම, ජංගම දුරකථන භාවිත කිරීම, අාහාර ගනිමින් වාහන පැදවීම, වේගවත් ධාවනය, ගෝෂාකාරී සංගීත, වෙනත් දේවලට අවදානය යොමුකර ධාවනය,බීමත්ව ධාවනය, අඩු ඉගෙනීම, යනාදියයි ප්‍රතිපල. මහපාරේ ධාවනයේදී මනා හික්මීමකින් කාර්යය කළ යුතුයි. දැන් වැලපිලා වැඩක්නෑ (බ)
දෙවියනේ! හද කම්පාකරන ප්‍රවෘත්තියක් (නි)
25000 දඩය අපට එපා. රටේ රියදුරන් ඉතා විනීතයි (නි)
රු. 25000/- දඩයට විරුද්ධ අයෙගන් අහන්නේ ඔබට සතුටුයිද දැන්.....(බ)
අධිකවේග දඩ අඩුකරන්න කියල උද්ඝෝෂණය කරන අය මේවා බලන්න. (අඩුතරමින් අධිකවේග දඩය 50,000 වත් කළයුතුයි. එතකොට දඩයට බයේ හිමින් යයි ) (නි)
මියගිය සියලුදෙනාට ස්වර්ගමෝක්ෂ සම්පත්තිය හා තුවාල කරුවන් සියලුදෙනාට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමු මෙවන් රාත්‍රී ගමන් යද්දී ඉදිරිපස අනෙක් අසුනේ නින්ද නොයන කෙනෙක් තැබිය යුතුයි එහෙම වුනානම් මෙය වළක්වා ගන්න තිබුන රියදුරුට නින්ද ගොස් මම එවැනි අනතුරක් වළක්වාගෙන තියෙනවා (බ)
හරියට විවේකයක් නැතුව එළවලා නින්ද ගිහින් වගේ (නි)
උතුරේ ප්රභාකරන් මැරුවට වඩා දැන් මැරෙන්නේ පාරේ අනතුරු වලින්. 25000 මදිද වැඩිද? මොන දඩේ ගැහුවත් වැඩක් නැහැ මිනිසුන්ගේ මේ කුලප්පුව නැවැත්තුවේ නැත්නම්. මොකක්ද ඔය හැටියට තියන හදිස්සිය? ඇයි රට සංවර්ධනය කරන්නද? අපේ අයගේ බොහෝ වැඩ වඳුරාට දැලි පිහිය හම්බවුණා වගේ (නි)
කීමට දෙයක් ගැළපිය නොහැක. අති බිහිසුණුයි මාරයාගේ ප්රවිෂ්ටය (නි)
කෝ ඔය දඩය වැඩි කරනවට විරුද්ධ අය මේවට මොකද කියන්නේ... ඔයතරම් හානියක් වෙන්න මේ වෑන් රථ රියදුරා කොපමණ වේගයකින් නොසැළකිලිමත් ලෙස රිය ධාවනය කර ඇද්ද? (නි)
අනේ මොන දුකක්ද? එකම පවුලේ 10ක්. මෙවන් දේවල් නැවත සිදුනොවේවා...! (නි)
ඉක්මන් සුවය සියලුම බේරුන අයට! මෙලොව අතහැර ගිය ඔබ සියලු දෙනාටම නිවන් සුව! ඔබ නාගදීප වන්දනා කරගත් පිනෙන් මින්මතු අකල් මරණ වලට ගොදුරු නොවේවා! (නි)
විසිපන්දාහ නෙමෙයි ලක්ෂයක් දඩ ගැහුවත් ඔච්චර තමයි. අපරාදේ අහිංසක ජීවිත මහපාරේ නැතිවුණා (නි)
පුරුදු රියදුරෙක් නොව තරුණ රියදුරෙක් යැයි සිතිය හැක. කොපමණ දඩ ගැසුවත් වෙන දේවල් නැවැත්විය නොහැක. එයයි ධර්මය සහ කර්මය. (නි)
අනේ දඩය අඩුකරන්නකෝ (නි)
ඔබ සියලු දෙනාට නිවන් සුව! (නි)
ඉතාම කණගාටුදායක සිදුවීමක්. කාගෙන් හෝ සිදුවන වරදකට බොහෝ දෙනෙක් තම ජීවිත වලින් වන්දි ගෙවනවා. සියලු දෙනාට නිවන් සුව. (නි)
අනේ දෙවියනේ! මෙහෙම විපත් අායෙත් නම් කිසිම දවසක අහන්න දකින්න ලැබෙන්න එපා. මියගිය සැම දෙනාටම නිවන් සුවයත් තුවාල වූ සියලුම දෙනාට ඉක්මන් සුවයත් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. (නි)
රටක මාර්ග නීති පිළිබඳව සැළකිල්ලක් නොදැක්වීම, රථවාහන නීති පැනවීමේ දඩ පැනවීමේ අරමුණ රජයට මුදල් උපයාගැනීම පමණක් වන යුගයක මේවා නොවැළැක්විය හැකියි. (නි)
මේවා දැක දැකත් අපේ රියදුරන් කිසිම විනයක්, පාලනයක් නැතුව රිය පදවන හැටි දැක්කහම පුදුම හිතෙනවා. මේ නිසා කී දෙනෙක් අකාලයේ මිය යනවාද ආබාධිතයන් වෙනවාද කියා නිකමටවත් මතක් වෙන්නේ නැහැ සුක්කානම අතට ගත්තහම. (නි)
අනේ දෙවියනේ! හොරණ ඉඳලා මෙතරම් දුරක් ගියානේ මරුවා සොයාගෙන. හදවත කම්පාවෙන පුවතක් (නි)
මියගිය සියලු දෙනාට නිවන්සුව පතන අතර හතුරෙකුටවත් මෙවන් අනතුරු සිදු නොවේවායි ප්‍රාර්ථනා කරමි! (නි)
බස් රථයේ රියැදුර සහ වැන් රථයේ රියදුරාද අවදානය නැතිකම සහ අධික වේගය මෙයට හේතු වෙන්න පුළුවන් (බ)
කිසිම තැනක නැත මරු හට බාධා! (නි)
රු. 25000 දඩය අඩුද වැඩිද? (නි)
ඉතාම දරුණු අනතුරක්. ලොකු ඛේදවාචකයක් (නි)
අනතුර වූ වෙලාවේ උදව්වට ඇවිල්ලා තිබුනේ දෙමළ ජනතාව. (නි)
ආරංචියේ හැටියට රියදුරා වැඩි වෙිගයෙන් ධාවනය කර තියෙනවා. වැරදිලාවත් මේ ප්‍රදේශයේ සාමාන්‍ය පුද්ගලයෙක්ට අනතුරක් වුණා නම් දකුණේ වගේම වාහනයට ගහනවා, රියදුරාට ගහනවා. මෙතනදි එහෙම වුණා නාම් ඒක ජාතිවාදය නැත්නම් කොටි ආයෙමත් අැවිල්ලා කියලා නීවේදනයක් දාන්න තිබුනා සමහරුන්ට (නි)
මෙයට ප්‍රධාන වරදකරු රියදුරා කියායි මම නම් කියන්නේ. රථයකට නැඟීමට පෙර රථයේ තත්ත්වය පරීක්ෂා කළයුතු නොවේද? (නි)
මේ ජාතියේ රියදුරන් ගේ අසරණ අම්මල තමා මතක් වෙන්නේ. (බ)
ශ්‍රී ලංකාවේ මහාමාර්ග වල ධාවනය වන වාහන වලින් විශාල ප්‍රමාණයක ටයර් කට්ට මිලිමීටර් 0 ටම ගෙවිලා. මේ නිසාම වැසි දිනවල ලිස්සා යාම නිසා හෝ ටයරය පුපුරා ගොසින් ඇතිවන අනතුරු ලංකාවේ එමටයි. මුදල් පිරිමහගෙන වැඩියෙන් ලාබ ලබන්න හිතාගෙන ලංකාවේ වාහන අයිතිකරුවන් කරන මේ අපරාධකාරී ක්‍රියාව වහාම නතර කළ යුතුයි. (නි)
මේක 25000 ට ගාවගන්න දෙයක් නැහැ. නින්ද යන වෙලාවට වාහනයක් අරන් යන්න එපා කවුරුත්. (නි)
මියගිය අයට අපේ කණගාටුව! (නි)
දඩය රුපියල් ලක්ෂයක් කළත් මේවා නවත්වන්න බැහැ (නි)
මේක හැපිලා තියෙන්නෙ මුහුණට මුහුණ. මෙහෙම හැපෙන්න නම් නින්ද යන්නම ඕනෑ. පුදුමේ කියන්නෙ එක්කෙනෙක්වත් නොදැකපු එකනේ. වේගයෙනුත් යන්න ඇති. (නි)
වාහනයකට නැගලා එන්ජිම පණගැන්වූ පළියටම රියදුරෙක් වන්නේ නැහැ. දක්ෂ රියදුරෙක් යනු රිය ඉදිරියට ධාවනය කිරීම පමණක් නොවේ කියලා මෙයින් ඔප්පු වී හමාරයි. (නි)
හරියට එළෙව්වා නම් කී දෙනෙක්ගේ ජීවිත අද නිරුපද්‍රිතද? (නි)
ලංකාව වගේ රටක මනුස්ස ජීවිතයක අගය බිංදුවට වැටිලා. මේවට ඉතින් දේශපාලුවෝ කියල මක්කරන්නද? ඔවුන් යන්නේ අහසින්නේ? (නි)
රියදුරාගේ නොසැලකිල්ලෙන් වුනේ දක්ෂ විශාල සේවයක් කරපු භෞත චිකිත්සකවරයෙක් රටට අහිමි වීමයි (බ)
සෙනෙවි, සෙනෙවිරත්න, අපි වගේ සාමාන්‍ය පාඨකයන්ට පේන විදියට එන්ජීඕ එකක ඩොලර් වලින් පවුල පෝෂණය කරන පුද්ගලයෙක්. ජාතියක් විදියට අපි මොහුගේ හැසිරීමට අනුකම්පා කරමු (බ)
පේන විදියට නම් බස් එක පාරේ හරි පැත්තෙ තියෙන්නෙ.වෑන් එක දකුණට ගිහින් බස් එකේ ගිහින් වැදිලා තියනවා (බ)
සම්පූර්ණ වැරැද්ද වෑන් එකේ, අපේ රටේ මෝඩ මිනිස්සුන්ගේ වැඩක් තමයි දවස් තුන හතරක් නිවාඩු ලැබුනම ගෙදර ඔක්කොම, වටේ පිටේ ලපයි සිපයි පටෝගෙන රට වටේ මැජික් බලන්න යන එක ,දවසට කිලෝමීටර් දෙසීයක් තුන්සීයක් එලවල මහන්සි වුණාම දන්නෙම නැතුව නින්ද යනවා (බ)
ඇත්තට ම අපට අහිමි වුණේ විශාල සේවයක් සිදු කළ දක්ෂ භෞත චිකිත්සකවරයෙක්... ගිලානෝප්ථානයෙන් අප රැස් කළ සියලු පින් අමල් සර්ටත්, මිය ගිය සියලු දෙනාටත් අනුමෝදන් වේවා! පරලොව ජීවිත සැපවත් වේවා! සුවපත් වේවා! සංසාර දුකින් වහ වහා නිදහස් වීමේ වාසනාව ලබත්වා! (බ)
නිවන් සුව පතමි (බ)
25000 දඩයට මෙතන දේශපාලන කොමෙන්ට් දාන පණ්ඩිතයන්ගෙන් අහන්නේ නින්ද ගිහින් ඇක්සිඩන්ට් වෙන එකට මොන දඩේද ගහන්නේ කියල. (බ)