යාපනය චාවකච්චේරියේ සිදුවූ බස්-වෑන් අනතුරින් 11 දෙනෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටි ලංගම බසයේ රියදුරු රුපියල් පනස්දහසක ශරීර ඇපයක් මත මුදා හැරීමට චාවකච්චේරි අතිරේක මහේස්ත්‍රාත් එස්.කනපතිපිල්ලේ මහතා නියෝග කළේය.
අපරික්ෂාකාරීව පැමිණි බව කියන වෑන් රථය දැක බස් රථයේ රියදුරු සිවලිංගම් ජෙයජේෂ්වරන් (51) මහතා බස් රථය මාර්ගයේ අයිනට ගෙන ඇත.
නඩු විභාගය ජනවාරි 19 වැනිදා තෙක් කල් දැමිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චමල් නම් මේ ආත්මෙට වාහනයක් එළවලා නැහැ වගේ. ඔහොම එක එක පාරට හරවන්න මේක 'නීඩ් ෆෝ ස්පීඩ්' කියලා හිතුවද? (නි)
එ් මනුස්සයා මොනවා කරන්නද? (නි)
නිල්මිණි, ලංකාවේ නීතිය ගැන කියන්න එපා. ලංකාවේ නීතිය බල්ලට ගිහින් කියලා ඕනෑම පොඩි දරුවෙක් පවා දන්නවා. (නි)
ඕකට කියන තව වචනයක් තමයි ‘යහපාලනය‘ (නි)
ඒ වගේම නිවැරදිකරු වුණත් අනතුරක් වළක්වා ගැනීමට නොහැකි වීම කියලා දඩ ගෙවන්න වෙනවා. එ්කත් අන්තිම අසාධාරණයි (නි)
බස් රථයේ රියදුරු නිර්දෝෂියි. ඔහුට ඉක්මන් නිදහස පතනවා. (නි)
බස් රියදුරාගේ කිසිම වරදක් නැහැ නේද? (නි)
මේ අනතුර මගේ සිතේ නම් සදාකල් තිබේවි. එතරම්ම බිහිසුණුයි (නි)
නිල්මිණි මෙහෙම හිතන්නකෝ. බස් එක වැරදි පැත්තේ එනවා දැකල වැන් එක අනතුරින් බේරෙන්න අනික් පැත්තට දානවා. නැවත බස් එක හරි පැත්තට එක පාර දාල මේ අනතුර වෙනවා. එතකොට වැරදි බස් එක. මේ අනතුර වැන් එකේ රියදුරුගේ වරදින් බව හැබැව. එත් මම කියපු විදියේ අනතුරක් උණත් වෙන්න පුළුවන්. එනිසා නියම විදියට ඔප්පු වනතුරු කාවවත් වරදකරු හෝ නිවැරදි කරු කල නොහැක. අනික අනතුරක වලක්වා ගැනීමට උත්සහ නොකිරීමත් වරදක්. (අ)
කළු සුද්දෝ ඉන්න තුරු අපේ රට හදන්න හරිම අමරුය . රටේ වෙනසක් අවශ්‍යයි . (අ)
අනික මොන විදිහට ආවත් අනතුරක් වළක්වා ගැනීමේ වගකීමක් හැම රියදුරෙකුටම තිබේ . (බ)
මාරක අනතුරක් වුණාම ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරියෝ ක්‍රියාකරන්නේ ඔහුගේ රිය පැදවීම පිළිබඳව සාධාරණ සැකයක් ඇතුව හෝ නැතුව මුලින්ම පණපිටින් ඉන්න රියැදුරු හිරේ දැමීමෙන්. මෙහිදී ජනප්‍රිය ක්‍රීඩකයෙක් , දේශපාලක පුතෙක්, දොස්තර කෙනෙක්, ඉංජිනේරුවෙක්, දේශපාලන සම්බන්ධතා ඇති කෙනෙක් හෝ සල්ලි විසි කළහැකි සල්ලිකාරයෙක් නම් එදිනම කූඩුවට නොදමා පොලිස් ඇප පිට එළියට දමනවා. ලංකාවේ තිබෙන නීති වෙනස් වෙන්නේ කවදාද? (නි)
මාරක අනතුරු දිනපතාම දැන් රටේ සිදුවෙනවා (නි)
චමල්ට රියදුරු බලපත්‍රයක් නැතුව ඇති. දෙන්නා දෙපැත්තට පැනිම නෙමෙයි කළයුත්තේ. වැරදි පැත්තේ එන වාහනේ ඈත තියා දැක්කම තමාගේ වාහනේ නවතා ගැනිමයි කළයුතු දේ (නි)
චමල්, ඔබ කිසිම දිනක වාහනයක් නම් පදවා නැති බව පේනවා. මේ වෙලා තියෙන අනතුර වළක්වන්න නම බස් රියදුරා බසය ආපස්සට ධාවනය කරන්න ඕනෑ (නි)
මෙතන නම් ලංගම රියැදුර හරි වගේ පෙනෙනවා. නමුත් මේ වගේ ප්‍රයිවට් බස් සහ ලංගම බස් මගේ වාහනේ මුණට ඇවිල්ල මම පාරේ අයිනේ තියන කානු වලට දාල, කැලේට කපල, පාර අයිනේ තියන පේමන්ට් උඩ ගිහිල්ල මගේ පන, මගේ වහනයේ හිටපු අනෙක් අයගේ පන සහ වාහනය බේරා ගෙන තියෙන්නේ. (බ)
වවුල් නීති (ම)
ලංකාවේ තිබෙන්නේ පුදුම නීතියක්. අපේ වාහනේ ගෙනල්ල හැප්පුවත් අපි හිරේ යන්න ඕනේ. මේ නීති සංශෝදනය කරන්න කාලේ හරි නේද ? (ම)
නන්දන, තමාගේ වාහනේ නවත්තල ඉන්නකොට අනිත් වාහනේ වැරදි පැත්තෙන් ඇවිල්ල හප්පලා මේ අනතුර වුනා කියමුකෝ. එ්ත් කවුරුත් නොදැක්කනම් කොහොමද ඔප්පුකරන්නේ තමා නිවැරදිකරු කියල. එකට තමයි නඩුවක් දාල ඔප්පු කරන්න ඕනේ. සෙලනිකස් වැන් එක වැරදි පැත්තේ එනවනම් බස් එකටත් ඒ වෙලාවේ වැරදි පැත්තට දාල බේරෙන්න තිබුන. එ්කයි අනතුර වළක්වනවා කියන්නේ. (බ)