IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


චාල්ස් රජුගේ රාජාභිෂේකයට තව දින හයයි

(විමුක්ති එස් රුද්‍රිගු)

තෙවැනි චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවය ලබන 6 වෙනිදා වෙස්ට්මිනිස්ටර් ඇබී දේවස්ථානයේ දී පැවැත්වීමට නියමිතව ඇත.

දෙවැනි එලිසබත් රැජිනගේ රාජාභිෂේක උත්සවයට 1953 වසරේදී අට දහසකට ආසන්න පිරිසක් සහභාගි වුවත් මෙවර තෙවන චාල්ස් රජු ගේ රාජාභිෂේක උත්සවයට සහභාගී වන පිරිස 2,000 කට සීමා කිරීමට චාල්ස් රජු තීරණය කර ඇත.

රාජාභිෂේක උත්සවයේ ආරක්ෂාව සඳහා ආරක්ෂක අංශ සාමාජිකයන් පන්දහසක් පමණ සහභාගි වීමට නියමිත අතර රාජාභිෂේක උත්සවය වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන මෙම හමුදා මෙහෙයුම ලොව උත්සවයක් වෙනුවෙන් දියත් කරනු ලබන විශාලතම හමුදා මෙහෙයුම්වලින් එකක් බවද පැවසෙයි.

රාජාභිෂේක උත්සවයේ දී එක්සත් රාජධානිය සන්නද්ධ හමුදාවන්හි සේවය කළ ප්‍රවීනයන් සහ සෞඛ්‍ය සේවකයන් හාරදහසකට පමණ බකිංහැම් මාලිගය ඉදිරිපිට ඉදිකරන විශේෂ ශාලාවක රාජාභිෂේක පෙරහැර නැරඹීම සඳහා අසුන් ගැනීමට අවස්ථාව සලසා දී ඇත.

රාජාභිෂේක උත්සවය ට සසෙක්ස් හි ආදිපාදවරයා වන හැරී කුමරු සහභාගි වූවත් සසෙක්ස්හි ආදිපාදවරිය වන මේගන් මාර්කෙල් කුමරිය සහභාගී නොවන බව පැවසෙයි.

චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවයට ආරාධනා නොලත් පාර්ශ්ව අතර රුසියාව සහ මියන්මාරය යන රටවල් ද වේ.

එසේම ඇන්ඩෘ කුමරු ගේ හිටපු බිරිඳ වන සාරා ෆර්ගියුසන් හටද රාජාභිෂේක උත්සවය සඳහා ආරාධනා කර නොමැත

 



අදහස් (0)

චාල්ස් රජුගේ රාජාභිෂේකයට තව දින හයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 492 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site