(බිඟුන් මේනක ගමගේ)
ඌව පළාත් මහ ඇමැති චාමර සම්පත් මහතා ශ්‍රීලනිප කලා වැව ආසන බල මණ්ඩල රැස්වීමේදී කළ ප්‍රකාශය මගින් අල්ලස් දීම ප්‍රසිද්ධියේම පිළිගෙන ඇතැයි ද එම නිසා ඔහුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිලි කරන්නේ යැයි ද එම පළාත් සභා ජවිපෙ මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පැවැසීය.
මහ ඇමැතිවරයා අල්ලස් ප්රදානය කරන බවට චෝදනා කළ ද එය ඔප්පු කිරීමට තමන් සතුව සාක්කි නොතිබුණු නමුත් තමා මුහුණුපාන දේශපාලන අර්බුදවලදී රැකියා හා කොන්ත්‍රාත් ප්රදානය කිරීමෙන් ඒවා කළමනාකරණය කරගන්නා බව ඔහු විසින්ම ප්‍රකාශ කරනු ලැබීම නිසා මෙම පැමිණිල්ල කිරීමට තීරණය කළේ යැයි ද විද්‍යාරත්න මහතා සඳහන් කළේය.
ඌව පළාත් සභාව නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රීවරුන් දෙදෙනා මහ ඇමැතිවරයාගෙන් සත පහක දෙයක් ගෙන නැතැයි කී හෙතෙම ඇමැතිවරයාගේ කතාවෙන් සමස්ත සභාවම ඉලක්ක වී ඇති නිසා ජවිපෙ මන්ත්‍රීවරුන් ගෙන ඇති අල්ලස කුමක්දැයි ඔහු ඔප්පු කළ යුතු යැයි ද අවධාරණය කර කීය.
සමන්ත විද්‍යාරත්න මන්ත්‍රීවරයා මෙම අදහස පළ කළේ තමා මුහුණ දෙන දේශපාලන අර්බුදවලදී රැකියා හෝ කොන්ත්‍රාත් ප්රදානය කර පළාත් සභාවේ සෙසු මන්ත්‍රීවරුන් පාලනය කරගන්නා බවට ඌව පළාත් මහ ඇමැතිවරයා කළ ප්‍රකාශය ගැන ජනතා විමුක්ති පෙරමුණේ මතය විමසීමේදී ඊට පිළිතුරක් වශයෙනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කටයුත්තේදී මම ඔබ සමගයි. රටට ආදරය කරන බොහෝ දෙනා ඔබ දිරිමත් කරාවී.
මේ කටයුත්තේදී මම ඔබ සමගයි. රටට ආදරය කරන බොහෝ දෙනා ඔබ දිරිමත් කරාවී.
මන්ත්‍රීලා වාහන පර්මිට් එක විකුණලා ලක්ෂ ගණන් බදු මුදල් වංචා කරන එක හරියි කියන අයගෙන් මොකක්ද සමන්ත මහත්තයා බලාපොරොත්තුවෙන යුක්තිය?
මහ ඇමතිගේ ප්‍රකාශය තුල ජවිපෙ ටත් මඩ ගෑවෙනවා. එමනිසා අල්ලස් කොමිසමට වාර්තා කිරීම ඉතා හොඳයි.
මේක ඉතා බලපතල මහා ඇමතිවරයා ගෙදර යවා පළාත් පාලන ආයතනය විසුරුවා හැරිය යුතු ආකාරයේ චෝදනාවක්. ප්‍රධාන අමාත්‍යවරයා විසින් මහා ඇමති පදවියේ සිටියදී ප්‍රධානය කරන ලද සියළුම කොන්ත්‍රාත් සහ තනතුරු සම්බන්දයෙන් ස්වාදීන කොමිසමක් පත් කර පූර්ණ පරීක්ෂණයක් පැවැත්විය යුතුයි.
ඒක හරි නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. මේවා උඩ ඉදලා පහලටම වෙන දේවල්.. මේවා නවත්ත්වන්න පුළුවන් නම් මේ රට ගොඩක් ඉස්සරහට ගිහින්.
මම ජේවීපී දර්ශනයට කැමති නැහැ. ඒකට සර්ව සාධාරණ හේතු තියෙනවා. ඒත් ඔවුන් හොරකමට, වංචාවට, දුෂණයට විරුද්ධව කරන හඬට ඔවුන්ට ස්තුති කළයුතුයි. ජේවීපී වේවා හෝ නොවේවා සමන්ත විද්‍යාරත්න කියන්නේ අපූරු කතා විලාශයක් තියෙන මහත්මයෙක්. උපහාස රසය කතාව තුළ ගැබ්වෙලා තියෙන්නේ හරිම අපූරු ආකාරයකට. මා මොන වැඩේ තිබුණත් එතුමාගේ කතා අහන්නේ හරිම ආසාවකින්. ඒ කතා තුල සත්‍ය පිරිලා. බොරුව නැහැ. සමහර අපබ්‍රංස ලියන හා කියන, විරුද්ධ මත දරන්නන්ට ගරු නොකොට ඔවුන්ව "අඳ බාලයන් " ලෙසට අවමන් කරන, සමහර දෙනාට විද්‍යාරත්න මහතා හොඳ ආදර්ශයක්. ඔහුට විරුද්ධ මත දරන්නන්ගේ සිත් දිනා ගැනීමටද පුළුවන්. ඒත් සමහර දෙනා රජ්ජුරුවන්ගේ වඳුරා වගෙයි. මදුරුවාට කඩුවෙන් කොටනවා. එතකොට මැරෙන්නේ රජායි. එවන් උගතුන්ගෙන් වෙන්නේ අවැඩක්...