
(අංජුල මහික වීරරත්න)
සීදූව විජයකුමාරතුංග අනුස්මරණ රෝහලේ ප්‍රතිකාර සේවාවන් හි වත්මන් තත්ත්වය සහ ඉදිරි සැලසුම් පිළිබදව සොයා බැලීමේ සාකච්ජාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
විජය කුමාරතුංග කලාකරුවා සිහිවීම පිණිස මෙම රෝහල විජය කුමාරතුංග අනුස්මරණ රෝහල ලෙස එවකට ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අතින් 1999 ඔක්තෝබර් මස 09 දින ජනතා අයිතියට පත් කෙරුණි.
මෙම රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපතිනිය ලෙස වර්තමානයේ ද හිටපු ජනාධිපති, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය කටයුතු කරනු ලබයි.
සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය වන මෙම රෝහලේ බාහිර රෝගී අංශය, අක්ෂි ප්‍රතිකාර ඒකකය, දන්ත වෛද්‍ය ඒකකය, ප්‍රාථමික සත්කාර ඒකකය, රසායනාගාර සේවා, ශල්‍ය ඒකකය, එක්ස් කිරණ සහ ඊ.සී.ජී ඒකකය ඇතුළු අංශ ගණනාවක වත්මන් ක්‍රියාකාරීත්වය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහි දී කරුණු සොයා බැලුවේය.
මෙම රෝහලේ දැනට අක්‍රීය වී පවතින උපකරණ යථා තත්ත්වයට පත්කර රෝහල මගින් ලබාදෙනු ලබන රෝගී ප්‍රතිකාර සේවා වැඩිදියුණූ කරගැනීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපරිම සහයෝගය ලබාදෙන බව මෙහි දී සදහන් කළ අමාත්‍යවරයා විජය කුමාරතුංග රෝහල මගින් සිදු කරන අක්ෂි සම්බන්ධ රෝග ප්‍රතිකාර සහ ශල්‍යකර්ම සේවාවන් ඇගයීමට ලක් කළේය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ රෝහල් පාලනාධිකාරිය ඇතුළු නිලධාරීහු සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම හොඳ කාර්යයක්. එතුමියගේ පෞද්ගලික මුදල් විතරක් වැයකරල තමන්ගෙ ස්වාමි පුරුෂයාගේ නම තියල හැදුවේ.
නලින්ද සර් ඔය වගේම සාකච්ඡාවක් ජපුර රෝහලේ පවත්වන්න බැරිද? ඒ රෝහලේ බොහෝ අංශ පණ අදිනව.යන්ත්‍රෝපකරණ අක්‍රිය වීම නිසා.මමත් සැත්කමකට සූදානම්ව සිටින අයෙක්.සාධාරණ මිලකට සේවය ලබාදෙන එවැනි ආයතන කඩාවැටීම කණගාටුවට කාරණයක්...