
(රෝෂන් තුෂාර)
වත්තකින් අහුලාගත් දෙදෙනෙකු ඇප තැබීම සඳහා අධිකරණයට ඉදිරිපත් කර ඇප කොන්දේසි සහ අධිකරණයේ විශ්වාසය කඩ කර ඇති ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සැකකරුගේ ඇප අවලංගු කර නඩුව විභාග කර අවසාන වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවේ කරුණු දැක්වූ අල්ලස් කොමිසම අද ඉල්ලා සිටියේය.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට 2013 වසරේදී යානා දහයකින් සමන්විත ගුවන් බලඇණියක් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප ලැබූ එම සමාගමේ හිටපු විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා වරෙන්තු නිකුත් කරන්නැයි ගොනුකළ මෝසම කැඳවූ අවස්ථාවේදී මෙම ඉල්ලීම කළේය.
අල්ලස් කොමිසම වැඩිදුරටත් කරුණු දක්වමින් කියා සිටියේ සැකකාර කපිල චන්ද්‍රසේන 1997 අංක 30 දරණ ඇප 5 සහ දූෂණ විරෝධී පනතේ වැරදි සිදුකරමින් අධිකරණයේ විශ්වාසය කඩ කර ඇති බවය.
අධිකරණය මගින් නියම කළ රුපියල් ලක්ෂ සියයක ශරීර ඇප දෙකක් සඳහා ඇප තැබීමට රුපියල් 15000 බැගින් ගෙවා පුද්ගලයින් දෙදෙනෙකු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මෙම මෝෂම ගොනුකර තිබිණි.
අදාළ සැකකරුවන් දෙදෙනා කෙසෙල් වත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවත්, මෙම කරුණු මාධ්‍යවල පළවී ඇති බවත් සඳහන් කළ අල්ලස් කොමිසම සැකකරුගේ ඇප අවලංගු කළ රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට ඉල්ලා සිටියේය.
කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා පැමිණිල්ලේ කරුණු සලකා බැලීම පසුවටකල් තැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විනිසුරු තුමනි ඔබේ අවධානයට....