ශ්‍රි ලංකා ජනාධිපතිවරයාගේ චීන සංචාරයෙන් පසු ලංකාවට චීන ආධාර විශාල ප්‍රමාණයක් හිමි වු බව සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (01) ප්‍රකාශ කළේය.එම ආදාර ණය නොවන ආධාර බවද ඔහු කීවේය.
මෙම සංචාරයේදී චීන රජය විසින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට රුපියල් බිලියන 40.6ක ආධාරත් ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය අලුත්වැඩියා කිරීම සඳහා රුපියල් මිලියන 4000ක ආධාරත් ලබා දීමට එකඟ වු බව පැවසු අමාත්‍ය සේනාරත්න මහතා ශ්‍රී ලංකාවට අහිමි වු ජීඑස්පී ප්ලස් සහනය ඉදිරියේදී යුරෝපයෙන් ලබා ගැනීමට කටයුතු කරන බවද පැවැසීය.
අමාත්‍යවරයා මෙසේ සඳහන් කළේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ චීන සංචාරය පිළිබඳව කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වු ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
වීඩියෝ - ශාන්ත රත්නායක
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රනාන්දුගේ අදහස ඇත්ත වුණාට ඉටුකර ගැනීමේදී පරහට හිටින දෙයක් තිබෙනවා (නි)
මට නම් මේ ගැන සතුටුයි (නි)
අනේ සිල්වා,ඔයා දවල් හීන දකිනවද? දැනටමත් ආර්ථිකය කඩාවැටෙන්න අරගෙන. (නි)
හිටපු ජනාධිපතිතුමාට පින්සිදු වන්න 30 වසරක යුද්ධය අවසන් කරදුන් නිසා ,පවතින රජයට සිය ගුණයකින් රට සංවර්ධනය කිරීමට හැකියාව ලැබී ඇත (නි)
ඕකට තමයි කියන්නේ "කුකුළු බෙට්ටත් බෙහෙතට ඕනෑ කියලා" (නි)
අහෝ අධෝමුඛයෙන් කතා කරන රාජිත. (ස)
හොඳයි හොඳයි. (නි)
ලෝකයේ ඉදිරි ගමන පිළිබඳ ඇත්ත නොවෙනස්ය (නි)
ප්‍රකාශ්, එතුමා කට පරිස්සමට තියාගෙන කතාකරන්නේ කොහොමද කියලා අපි දන්නවා (නි)
කෝ මේ ටික දවසකට කලින් උඩ පැන පැන චීනයට බැණ අඬගහපු චණ්ඩි ටික? (නි)
ප්‍රනාන්දුගේ කතාව ඇත්ත වුණත් ප්‍රශ්නය තියෙන්නේ කොහොම ඒවා ඉටුකර ගන්නද කියන එකයි. (නි)
අලුත්වැඩියාවට මිලියන 4000 වැඩි නැද්ද.? (ර)
කොච්චර හොඳද? (නි)
රට දියුණුවෙනවා නම් අපිත් කැමතියි (නි)
සමහරු චීනෙට බැනපු විදියට අපි නම් හිතුවේ ආධාර එපා කියයි කියලා. (නි)
මෙතුමා කවදාවත් බොරුකියන කෙනෙක් නෙමෙයි (නි)
මේවා දුන්නේ ඇයි කියලා අපිට හිතාගන්න පුලුවන් (නි)
ඉදිරියේදී කට්ටියට බලන්න පුළුවන් රටට හදන විදිය හොරකම වංචා දුෂණය පිටු දැක්කොත් ලංකාවේ හොද අනාගතයක් බලන්න පුළුවන් සුබ පතනවා සියලු දේම හරියට කරගෙන යන්න.(ස)
අම්මෝ! ලොකු මුදලක්නේ! (නි)
එතුමා බත් මුඛය පරිස්සමට තියාගෙන වෙනත් මුඛයකින් කතා කරන්නේ දත් දොස්තර කෙනෙක් නිසාය. (ස)