IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


චීනයත් යුද නැව් නිෂ්පාදන තරගය⁣ට පිවිසෙයි

(රොයිටර් ඇසුරෙනි)

චීනය එරට නිෂ්පාදිත ප්‍රථම ගුවන් යානා ප්‍රවාහන නෞකාව දියත් කර ඇතැයි වාර්තා වේ. උතුරු කොරියාව සම්බන්ධයෙන් ප්‍රදේශයේ උණුසුම් වාතාවරණයක් පවතින අවස්ථාවක හා දකුණු චීන මුහුදේ බලය තහවුරු කරගැනීමට චීනය උත්සහ ගන්නා අවස්ථාවක මෙම නෞකාව දියත් කර තිබේ.

ඩේලියන්හී ඊසාන වරායේ දී නිෂ්පාදනය කර ඇති එම නෞකාව 2020 වන තුරු සේවයට එක් නොවනු ඇතැයි එරට හමුදා ප්‍රකාශකයෙක් මාධ්‍යයට ප්‍රකාශ කළේය.

මෙම පියවර චීනයේ දේශීය ගුවන් යානා ප්‍රවාහන නෞකා නිර්මාණ හා ඉදිකිරීම් ක්ෂෙත්‍රයේ විශාල පියවරක් ලෙස චීන මාධ්‍ය වාර්තා කරයි. චීනයේ බලවත්ම මධ්‍යම හමුදා කොමිසමේ උපසභාපති ෆෑන් චන්ග්ලොන්ග් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම නෞකාව දියත් කිරීමේ උළෙල පැවැත්විණි.

මෙම නෞකාව සම්බන්ධ වැඩසටහන රාජ්‍ය රහසක් ලෙස චීනය සලකන බවද වාර්තා වෙයි.

නමුත් මෙම නෞකාව නිෂ්පාදනය කිරීම සඳහා චීනය සතුව තිබූ ප්‍රථම ගුවන් යානා ප්‍රවාහන නෞකාවෙන් අත්දැකීම් ලබා ගත් බව එරට රජය පවසයි.‘ලියෝනින්‘ නැමැති එම නෞකාව 1998දී යුක්රේනයෙන් මිලදී ගෙන චීනයේදී අලුත්වැඩියා කරන ලද එකකි.

 



අදහස් (5)

චීනයත් යුද නැව් නිෂ්පාදන තරගය⁣ට පිවිසෙයි

daham Wednesday, 26 April 2017 07:38 AM

ජයවේව. ඇමෙරිකාවේ ලොකු ඔලුවට මෙය හොඳ ටොක්කක්

:       478       593

ලුම්බිණි Wednesday, 26 April 2017 08:42 AM

කවුරු හැදුවත් යුද නැවු හදන එකට සුභ පැහීම කනගාටුවට කරුණක්.

:       37       64

Abayasekara Wednesday, 26 April 2017 09:55 AM

මෙය යුද නව්කාවක් නොව Aircraft carrier නව්කාවක්. 2020 දී මෙය චීනය දෙවෙනි නෞකාව වේ. දැනටමත් ඇමරිකාව Aircraft carrier 21 ක් ඇත. තව 18 ක් නිෂ්පාදනයත නියමිතය.

:       0       25

de silva Wednesday, 26 April 2017 12:03 PM

න්‍යෂ්ටික බලයෙන් ක්‍රියා කරවන්න බලාපොරොත්තු වෙන මේ නැවේ තිබෙන යන්ත්‍ර සුත්‍රත් අර චීන හදපු නොරොච්චෝලේ බලාගාරයේ යන්ත්‍ර සුත්‍ර වගේ හිටිගමන් ක්‍රියා විරහිත වුනොත්, වෙන්නේ හරි ජංජාලයක්

:       68       5

nalin Wednesday, 26 April 2017 01:54 PM

සාදරයෙන් පිලිගන්නවා හම්බන්තොටට

:       19       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 673 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2337 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1725 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site