ඉඩම් අක්කර 15,000ක් ආයෝජන සඳහා චීනයට බදු දීමට තීරණය කළේ පසුගිය ආණ්ඩු කාලයේ බවත්, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා දැන් විරුද්ධ වෙන්නේ වෙනත් හේතූන් මත බවත් කැබිනට් සම ප්‍රකාශක සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය.
ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට අද එක්වෙමින් සේනාරත්න මහතා කීවේ මේ ආණ්ඩුව තවත් වසරක් බලයේ සිටියහොත් ඔහුගේ පවුලේ උදවියට හිරේ යන්නට සිදුවන බව දන්නා නිසා දැන් ආණ්ඩුවේ තීරණවලට හිටපු ජනපතිවරයා විරුද්ධ වන බවයි.
හම්බන්තොට ඉඩම් අක්කර 15,000ක් චීනයට බදු දීමට යතියි කියන කාරණය ගැන මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු එසේ කීවේය.
අතීතයේ පාර්ලිමේන්තුවට බෝම්බ ගැසූ උදවිය අද පාර්ලිමේන්තුවට පැමිණ සිටින බවත්, නෑ, බෑ සහ එපා යන වචන ජනතා විමුක්ති පෙරමුණේ ත්‍රිවිද රත්නය බවත් රාජිත සේනාරත්න මහතා සඳහන් කළේය.
ප්‍රශ්නය - මේ ආණ්ඩුව අක්කර පහළොස් දහසක් චීනයට දීමට යන බව කියනවා. ඒ ගැන මොකද කියන්නේ?
පිළිතුර - අපි මේවා කළින් කිව්වේ. මහින්ද රාජපක්ෂ රජය සමයේ දකුණු සහ ඌව පළාත් මැතිවරණවලදි මමත් මේ ගැන කිව්වා. හම්බන්තොට වරාය සහ ගුවන්තොටුපොළ සුදු අලින් වගේ. මේවයින් ප්‍රයෝජන ගත්තේ නැතත් විශාල මුදලක් අපි ගෙවන්න ඕනෑ. මේවයෙන් ප්‍රයෝජන ගන්න ඒ අවට අයෝජන කරන්න වෙනවා. චීනයට ඉඩම් විකුණන්නේ නෑ. ඉඩම් බදු දෙනවා පමණයි. එමගින් රැකියා අවස්ථා රැසක් ඇති වෙනවා.
ප්‍රශ්නය - තමන්ගේ ඉඩම් අහිමිවෙනවාට ප්‍රදේශවාසීන් විරුද්ධයි. විරෝධතා මැදද මේ දේ කරන්නේ?
පිළිතුර - විරෝධතා කරන්න පුළුවන්. ඒ කාලේ වගේ වෙඩි තියන්නේ නැහැනේ. නොරොච්චෝලේ විදුලිබලාගාය යූඇන්පී ආණ්ඩුවෙන් යෝජනා කරද්දී හිටපු ජනපතිත් ඊට විරුද්ධ වුණා. අන්තිමට ප්‍රදේශවාසීන් විරෝධතා පවත්වද්දී හිටපු ජනපතිම ගිහින් මුල් ගල තිබ්බා. ඒක තමයි හරිම ක්‍රමය. එදා මුල් ගල නොතිබ්බා නම් අද බලාගායක් නෑ. 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගේද්දි මොකද කිව්වේ? ඊලමක් කියලයි කිව්වේ. 13ට විරුද්ධ වුණු අය අන්තිමට පළාත් සභාවලටත් ආවා. පළාත් සභා බලය වැඩි කරන්න ප්‍රඥප්තිත් සම්මත කර ගත්තා.
ප්‍රශ්නය - ඉඩම් ලබා දීම ගැන ආණ්ඩුවේ පාර්ශ්ව වල විවිද මත තිබෙනවා. එජාප ඇමැතිවරුන් හා ශ්‍රීලංකා ඇමැතිවරුන් එකිනෙකාට චෝදනා කර ගන්නවා. මේ ආණ්ඩුව දැන් හෙල්ලෙනවා වගේ නේද?
පිළිතුර - හෙල්ලුනාට වැටෙන්නේ නැහැනේ. හෙල්ලෙන හැම දෙයක්ම වැටෙන්නේ නෑ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදේටම ඉතින් මහින්ද මහින්ද..... (ර)
ඕව කියා කියා ඉන්නද බලය ඉල්ලුවේ ? වැරදි තිබුනානම් නිවැරදි කරන්නයි ජනතාව බලය ලබා දුන්නේ. (බ)
මහින්දගේ නම විකුණා දැන් එහෙනම් දෙන්නද කල්පනාව (බ)
ඕක කියන්න මේ තරම් දවස් ගත්තේ ඇයි? (බ)
චිනේ අරහන් කියලා නේද බලයට ආවේ... (ර)
හැමදේටම මහින්ද... (ර)
මහේෂ් ඩුබායි, මහින්ද කට වහගෙන හිටියනම් මොන කතාවක්වත් අහන්න ඕනේ නැහැනේ. (ර)
මධු ඩුබායි, මේකේ තියෙන්නේ මහින්දගේ ප්‍රකාශයක් නෙමෙයි. රාජිතගේ ප්‍රකාශයක්.. මහින්ද අවුරුදු 10 ක් හිටියනේ. කෝ දුන්නද? නැනේ. දැන්නේ මේ දෙන්න හදන්නේ. (ර)
අනේ අපිනම් මෙතුමා කියන දේවල් ගණන් ගන්නේ නෑ. (ර)
මහින්ද හැමදේටම බංකොලොත් දේශපාලකයෝ කියන්න දේවල් නැහැ (ම)
දේශපාලනය අාවේ හැදෙන්න නේද? අර පැත්තට මේ පැත්තට පැන පැන ඉඳලා දැන් ශ්‍රී ලංකා මාතාවගේත් දත් ගලවන්න හදනවා. (නි)
මෙතුමන්ලා දේශපාලන ළදරුවන් ලෙසයි අපි දකින්නේ. (නි)
ඒ කාලෙ මෙයා කොහේද දන්නෙ නැහැ හිටියෙ (නි)
මෙයා මැරිල ඉපදිලා වගෙයි දැන් කතා කරන්නෙ, ඒ කාලෙ තමනුත් ඇමති මණ්ඩලේ සිටිය කියල අමතක වෙලාද? අමතක කරල වත්ද? රාජ්‍ය නායකයො කී දෙනෙක් අමාරුවෙ දැම්මද? (බ)
ඔව් මහින්දගෙන් 750ක් . රනිල් ගෙන් 1500ක් . මේක හරියට පරණ කතාව වගේ. කලුහාමිගේ රත්තරං බඩුයි කලු අප්පුගෙන් අස්සයයි කිව්වලු (බ)
දෙන්න හැදුවනම් ඒ කාලේ දැන් දෙන්න හදනකොට මුකුත් කියන්නේ නැත්තේ මොකෝ? (බ)
ඔය දෙගොල්ලොම එකම කාසියේ දෙපැත්ත කියලා මොළයක් තියෙන අයකුට නම් තේරෙන්නේ ඕනෑ. හැබැයි අවාසනාවකට මිනිස්සු එක තේරුම් ගන්නකොට අපේ රටට වෙන්න ඕනෑ ඒවා වෙලා ඉවරවෙලා තියෙයි (නි)
ඉතින් මහත්තයෝ මහින්ද කරපු දේවල් වැරදි නිසානේ අපි මහින්දව පරද්දලා ඔයාලව බලයට ගෙනාවේ. ඉතින් ඔයාලත් මහින්ද කරපු වැරදි ටිකම කරන්නද හදන්නේ. ඔයාලා හැමදේකටම කියන්නේ මහින්දගේ කාලෙත් මේවා කළා කියලනේ. ඉතින් මහින්ද කරපු වැරදි ආයෙත් කරන්න ඕනෑනම් අපිට මහින්දවම බලයේ තියාගන්න තිබුනා නේද, මොකටද ඔයාලව බලයට ගෙනාවේ. දැන්වත් ඔය විහිලු කතා නවත්වලා රටට යහපතක් වෙන දෙයක් කරන්න බලන්න. එහෙම නැත්නම් ඉතින් මීළඟ මැතිවරණයෙන් ඔයාලාත් ගෙදර තමයි. (නි)
අපිට අමතක නැහැ ඔයාලගෙ අතීතය ගැනත් (නි)
ඔයාලගේ කතා නම් අපිට දැන් එපාවෙලා (නි)
ඔව් ඔව් ගාලු මුවදොර යුද හමුදාවේ ගොඩනැගිලි කඩලා ඉඩම් අවුරුදු 99 බදු දීලා අද චීනෙන් හොටල් හදන්නේ කවුද කියලා අපි දන්නවා (නි)
කට තිබුනට දේශපාලනයේ වීරයෙක් වෙන්න කියලා හිතලා ඔයාලගේ වැඩවලට ත්‍රිවිධ රත්නය ( නෑ, බෑ සහ එපා යන වචන ජනතා විමුක්ති පෙරමුණේ ත්‍රිවිධ රත්නය බවත්..) ගාවාගන්න එපා. ඕවා හරහා තමයි සමහර අය අති උතුම් වෙලා තියෙන්නේ. (නි)
හැමදේටම හොට දාන්න ගිහින් අන්තිමට කොට්ටෝරුවා කෙසෙල් ගහට කෙටුවා වගේ වෙන දවස වැඩි ඈතක නෙමෙයි (නි)
ඔය කියන අය එදත් ඇමති, අදත් ඇමති. අද එල්ලිලා හිටියට ඉස්සරහට එල්ලෙන්න බැරිවෙන නිසා මොනවාහරි කියලා එල්ලිලා ඉන්න බලනවා. මහජනයා රවටනවා මදිවට එදා කෑ පතේ සමහරු අද පහරනවා. (නි)
කෝකටත් තෛලය මහින්ද තමයි (නි)
ජනහිත, ඔබ හරියටම හරි (නි)
මහින්ද නැත්නම් මේ අයට කතා කරන්න දෙයක් නැහැ. මේ වගේ ඇමතිලා පාර්ලිමේන්තු එවන මිනිස්සු ගැනයි තරහා (නි)
අනේ මෙතුමාව මට මුණගැහෙන්න ඇත්නම්... (නි)
කමල් ඔයාගෙ කීමට මම එකගයි. මේ දෙගොල්ලො කවුද කියල ජනතාව තේරුම් ගන්නකොට පෙරහැර ගිහින් ඉවරයි.වෙනත් විකල්පයක් හොයා ගන්න වෙයි වගේ. (අ)
මේ වගේ දේවල් වලින් හිත ගන්න පුළුවන් මහින්ද අවුරුදු 10 ට කොච්චර රට විනාශ කළාද කියල. එහෙම කරලා මදි වෙලා තාමත් ආයෙත් බලය ගන්න තමයි ට්‍රයි කරන්නේ (අ)
මෙහෙමත් මනුස්සයෙක්. (අ)
ඡන්ද ටිකක් වෙනුවෙන් තමන්ගේ අම්ම අප්පා පවා පාවා දෙන මේ වගේ හැකර කටවල් ඇති අය ගැන කතා කරන එකත් පවක්. (අ)
ඔය ඇත්තමද? (අ)
මෙයාගෙ කට කපන්න ඕනි. (අ)