ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රචාරය හමුවේ චීනය දෙගිඩියාවෙන් සිටින බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.

 තාක්ෂණික, ආර්ථික, වෘත්තීය පුහුණු අධ්‍යාපනික ප්‍රවනතා සහ කෘෂිකර්ම ඇතුළු අංශ ගණනාවක් ගැන නිරීක්ෂණය කිරීමට රංගේ බණ්ඩාර මහතා ඇතුළු  රජයේ සහ විපක්ෂයේ නියෝජිතයෝ 14 දෙනෙක් චීනයට ගොස් සිටිති.

‘අපි චීනයේ ප්‍රාන්ත බලධාරීන් මෙන්ම ආයෝජකයන් සමගත්, සිවිල් සංවිධාන සමගත් සාකච්ඡා කළා. ශ්‍රී ලංකා රජය අස්ථාවර බවට විවිධ කණ්ඩායම් කරන ප්‍රකාශ පිළිබදව ඔවුන් අපෙන් කරුණු විමසුවා. ඔවුන් සිටියේ දෙගෙඩියාවෙන්. හිටපු ජනපති චීනයට ගොස් ප්‍රකාශ කළ අදහස් ඊට ප්‍රධාන වශයෙන් බලපා තිබුණා.  මෙම ප්‍රකාශ ව්‍යාජ බව අපි පැහැදිලි කර දුන්නා. ‘