IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


චෙන්නායි ගුවන් ගමන් අඩකින් කැපේ

ඉන්දියාවේ තමිල්නාඩුවේ දැනට උද්ගත වී ඇති තත්ත්වය මත චෙන්නායි සහ කොළඹ ගමනාන්තයන් අතර ගමන් ගන්නා මගීන් සංඛ්‍යාව අවම වීම මත සලකා ශ්‍රී ලංකන් ගුවන් සේවය මාර්තු 21 වැනිදා සිට ගුවන් චෙන්නායි දක්වා ගුවන් ගමන් වාර ගණන අඩකින් අඩු කිරීමට යයි.

ඒ අනුව දැනට සතියකට ගුවන් ගමන් වාර 28ක් ක්‍රියාත්මක වන අතර එය 14 දක්වා අඩු කිරීමට තීරණය කර ඇත.

සංශෝධිත කාල සටහන අනුව චෙන්නායි සිට මැද පෙරදිග හා ඈත පෙරදිග ගමනාන්තයන් වෙත යන ගුවන් මගීන්ගේ පහසුව තකා කොළඔ සිට චෙන්නායි වෙත උදය හා සවස් වරුවේ දිනකට ගුවන් ගමන් වාර 02 ක් සැලසුම් කර ඇත.

අනිකුත් ඉන්දීය ගමනාන්ත  වෙත පියාසර කරන ගුවන් යානා සාමාන්‍ය පරිදිම ක්‍රියාත්මක වේ.

ශ්‍රීලංකන් ගුවන් සමාගම විසින් මෙම තත්වය තවදුරටත් නිරීක්ෂණය කර වෙනස්වීම් වලට උචිත පරිදි කටයුතු කරන බවද නිවේදනය කරයි.



අදහස් (0)

චෙන්නායි ගුවන් ගමන් අඩකින් කැපේ

මැණික් Wednesday, 20 March 2013 10:16 AM

කොහොම යන්නද? ගහනවනේ (දී)

:       0       0

පෙරේරා Tuesday, 19 March 2013 10:42 PM

ඔය රටට නොගිහින් ඉන්නම බැරිද? (නි)

:       0       0

රහීම් Thursday, 21 March 2013 11:09 AM

නැතුව බැහැනේ (දී)

:       0       0

හිල්මි Tuesday, 19 March 2013 10:44 PM

දබදිව යන්න කැමති උනත් දැන් යන්නේ නැහැනේ (දී)

:       0       0

බොතේජු Wednesday, 20 March 2013 01:26 AM

ඉදලා හිටලා යන ගමන් වාර වල වුණත් ගාණ වැඩිකළා නම් හරි. (නි)

:       0       0

බොතේජු Wednesday, 20 March 2013 01:31 AM

සදුන්, දැන් අපේ රට පෙරට වඩා සවිමත්. (නි)

:       0       0

වරුනි Wednesday, 20 March 2013 02:45 AM

ආරක්ෂාව තමයි අංක එක (දී)

:       0       0

රුවිනි Wednesday, 20 March 2013 04:17 AM

දබදිව යන්නේ කොහොමද?(දී)

:       0       0

ලංකා Tuesday, 19 March 2013 05:42 PM

දැන් මොකක්ද මේකෙන් ඉන්දියාවට වෙන බලපෑම? (නි)

:       0       0

මහේෂ් Tuesday, 19 March 2013 05:44 PM

සිංහලයා ගැන සිතා මේ තීරනය ගත්තා නම් බොහොම පින්. (නි)

:       0       0

අසන්ක Tuesday, 19 March 2013 05:52 PM

අපිටත් ආත්ම ගෞරවයක් තියෙනවා. (නි)

:       0       0

ප්‍රියා Tuesday, 19 March 2013 06:03 PM

ගොඩක් හොද තීරණයක්. (නි)

:       0       0

කෝසල Tuesday, 19 March 2013 06:15 PM

අන්න මොලේ කල්පනා කරලා වැඩක් කරලා. අල්ලපු රටේ කට්ටිය ටිකක් රස්තියාදු කළාට කමක් නැහැ. (නි)

:       0       0

සිල්වා Wednesday, 20 March 2013 07:21 AM

මේකෙන් ශ්‍රී ලංකන් එකට පාඩුවෙන්නෙ නැද්ද? (නි)

:       0       0

රිස්වාන් - සෞදි Tuesday, 19 March 2013 06:34 PM

ශ්‍රී ලංකන් එකට වැඩි ආදායමක් එන්නේ මැදපෙරදිග වලින් පැමිණ නැවතත් චෙන්නායි දක්වා යන මගීන්ගෙන්ය. සේවා අඩුකළොත් මැද පෙරදිගින් එන මගීන්ගේ ප්‍රමාණය අඩු විය හැක. (නි)

:       0       0

තරිඳු Tuesday, 19 March 2013 06:36 PM

හොද තීරණයක් (දී)

:       0       0

කාලිංග Tuesday, 19 March 2013 06:31 PM

ලාංකික ජනතාව වෙනුවෙන් ගත්ත වටිනා තීරණයක් (දී)

:       0       0

වරුණ Wednesday, 20 March 2013 07:34 AM

කමක් නැහැ. වාර ගණන අඩු වුණහම අලාභයත් ටිකක් හරි අඩුවෙයිනේ. (නි)

:       0       0

රොශාන් Wednesday, 20 March 2013 08:24 AM

මේ වගේ තීරණයක් ගත්ත එක කොච්චර වටිනවද? මේ නිසා කවුරු හරි හිතනවා නම් පාඩුවක් සිදුවෙනවා කියලා ඒක එහෙම නෙමෙයි. ඉන්දියාවේ මිනිස්සු ලංකාව හරහා මැදපෙරදිග යන්නේ අපි මෙහෙන් යනවට වඩා අඩු මුදලකට. ඒ නිසා තමයි මැදපෙරදිගට මෙහෙන් යන අපේ ගුවන් සේවයේ වැඩියෙන්ම ඉන්දියන් ජාතිකයෝ යන්නේ. ඉතින් ඔය ආසන ටික මෙහේ අයට දුන්නාම මොකද වෙන්නේ? (නි)

:       0       0

උපාලි Wednesday, 20 March 2013 09:00 AM

මේ වගේ තීරණයක් ගත්ත එක වටිනවා. ගාන වැඩිකළා නම් පාඩුව අඩු කර ගන්න පුළුවන්. ඉන්දියාවේ මිනිස්සු ලංකාව හරහා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මැදපෙරදිග යන්නේ අපි මෙහෙන් යනවට වඩා අඩු මුදලකට.සල්ලි වගේම අපේ ආත්ම ගෞරවයත් වටිනවා. (නි)

:       0       0

චතුරිකා Wednesday, 20 March 2013 08:56 AM

මැද පෙරදිග සිට ලංකාවට සහ ලංකාව හරහා ඉන්දියාවට මිල අඩුම ගුවන් සේවය ශ්‍රී ලංකන්. එනිසා තම වැඩි පිරිසක් ගමන් කරන්නේ. (නි)

:       0       0

සදුන් Tuesday, 19 March 2013 08:26 PM

සේවය අඩුකළොත් අපිට ඉන් පාඩුවක් වෙන්නෙ නැද්ද? (නි)

:       0       0

රුවන් Wednesday, 20 March 2013 09:11 AM

රිස්වාන් - සෞදි, හැමදේම සල්ලි නෙමෙයි. දැනටත් මහා ලාභයක් නැහැනේ. ඒවා ඔක්කොම අපි දරාගන්නවානේ. (නි)

:       0       0

ප්‍රභාත් Tuesday, 19 March 2013 08:56 PM

හොද වැඩක්. සල්ලි වගේම අපිට අපේ ආත්ම ගෞරවයත් වටිනවා. (නි)

:       0       0

චමින්ද ජයනාත් Tuesday, 19 March 2013 09:20 PM

යුරෝපා වැයි රටවලට තව ගුවන් ගමන් වාර වැඩි ක‍ලොත් මේ පාඩුව මකා ගන්න පුළුවන්.(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 582 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site