සැමියා සහ දරුවන් ඇගේ ජීවිතයයි. ඔවුන්ට ප‍්‍රාණ සමව ආදරය කරන මුත් ඇගේ සැමියා පාසලට අලූතින්ම පැමිණි සොඳුරුතම යුවතිය සමඟ ආදර සබඳතාවක් ඇතිකර ගනී. එය ආරංචි වූ පසු වියරු වැටුණත් අවසානයේ ඇය හා කතා බහ කරගෙන එම ගැටලූ සමථයකට පත් කර ගැනීමට තරම් මේ ගැහැනිය ඉවසිලි සහගත විය.
මේ දිරිය ගැහැනිය කව්ද?
හිරු දරුවෝ ටෙලිනාට්‍යයෙන් හමුවන වන ජීවි නිලධාරියාගේ බිරිඳයි. අප දන්නා පරිදි ඇය ගයත‍්‍රි ඩයස්ය.
පොඩි මාමාගේ මරණයෙන් පසුව දේපළ ඔහුගේ පුතණුවන්ට හිමිකර ගන්නට නොදී විවිධ උප්පරවැට්ටි යොදන ආඩම්බරකාර ගැහැනිය ද ඇය මය.
හිරු දරුවෝහි සනත් විමලසිරිගේද, පොඩි මාමාහි නිරෝෂන් විජේසිංහගේ ද ආදරණීය බිරිඳ වන ගයත‍්‍රිගේ සැබෑ ජීවිතයේ සැමියා වන්නේ චන්න පෙරේරාය.
මේ දවස්වල දිවයින පුරා සිනමාහල් රැුසක අසීමිත පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාර මැද තිරගත වන කල්පාන්තේ සිහිනයක් චිත‍්‍රපටයේ අධ්‍යක්ෂ ද ප‍්‍රධාන නළුවා ද වන්නේ චන්නය.
එබැවින්ම අපට ගයත‍්‍රි සමඟ කතාබහ කරගන්නට තිබෙන කාරණා බොහොමයකි.
”ගයත‍්‍රි ඔයා කාලයක් රංගනයෙන් ඈත් වෙලා හිටියෙ මොකද?”
මම ගයත‍්‍රි සමඟ කතාබහ අරඹමින් ඇසුවෙමි.
”මම නිළියක් විතරක් නෙමෙයි, රූපවාහිනී නාළිකාවක චමත්කාර ඉරිදා වැඩසටහන ඉදිරිපත් කරන නිවේදිකාව මම. ඒ වගේම මගේ සැලූන් එකේ කාන්තාවන් ලස්සන කරන වැඩ කරනවා. ඒ වගේම මගේ දරු දෙන්නගෙ වැඩ කරන්න තියෙනවා. ලොකු දුව මෙදා පාර ඕලෙවල් කරනවා. පොඩි දුව තුනේ පන්තියෙ. මේ දෙන්නගෙ වැඩවලටත් මගේ කාලය මිඩංගු වුණා. ඔය හේතු හින්දයි මම රංගනයෙන් ඈත් වෙලා හිටියේ.
එතකොට එකපාරටම ආයෙත් රඟපෑමට එන්න හිතුනෙ?
දැන් දුලා දෙන්නා ලොකුයි. ඒ හින්දා ආපහු රංගනයට කාලයක් හොයාගන්න මට පුළුවන්කම ලැබුණා. ඒ හින්දා හිරු දරුවෝ ටෙලිනාට්‍යයෙත් පොඩි මාමා ටෙලිනාට්‍යයෙත් රඟපාන්න සම්බන්ධ වුණා.
රූපලාවන්‍ය ශිල්පිනිය, නිවේදිකාව හා නිළිය යන මේ භූමිකා තුනෙන් වැඩියෙන්ම කැමති භූමිකාව මොකක්ද?
”මේ තුනටම එකවාගේම කැමතියි. ඒ හින්දා කාල වේලාව අනුව මේ තුනේම යෙදෙන්නයි හිතාගෙන ඉන්නෙ.
ඔබේ ස්වාමිපුරුෂයා අධ්‍යක්ෂණය කළ කල්පාන්තේ සිහිනයක් චිත‍්‍රපටිය මේ දිනවල ප‍්‍රදර්ශනය වෙනවා. ගයත‍්‍රි ඔයා ඒක බැලූවද?
ඔව්, බැලූවා
ඒකේ චන්න බොහොම ලස්සනට පෙම් රැුඟුම් රඟපානවා. කොහොමද චන්නගෙ ඒ රැඟුම් ගැන ඔබට දැනෙන්නෙ.
චන්න ඔයිට වැඩියෙ වෙනස් විදිහෙ චරිතයක් රඟපානවා නම් මම හුඟාක් කැමතියි.
ඒ කියන්නෙ තාමත් චන්න පෙම්වතා විදිහට රඟපානවාට ඔයා කැමති නෑ.
එහෙම අකමැත්තක් නෑ. මම කිව්වෙ මගේ කැමැත්ත.
නමුත් චන්න තවමත් ලාබාල කෙල්ලො එක්ක තුරුල් වෙවී පෙම් කරන කොට ගයත‍්‍රිට ඊර්ෂ්‍යා හිතෙනව නේද?
ඉස්සර නම් එහෙම හිතුනා. නමුත් දැන් මම ඉන්නෙ එහෙම ඊර්ෂ්‍යා හිතෙන වයසක නෙමෙයි. මම දැන් ඒ වයස පහුකරලා.
චන්න දරුවො දෙන්නෙකුගෙ තාත්තෙක්. කොල්ලො කරන වැඩ දැන් නතර කළොත් නේද හොඳ?
චන්නට තාම තරුණ පෙනුම තියෙනවා. ඒ හින්දා එයාට පෙම්වතාගෙ චරිතය රඟපාන්න පුළුවන්. ඒ නිසා ඒකෙ වරදක් මම දකින්නෙ නෑ. රඟපෑම චන්නගෙ රැකියාවනෙ.
හොඳයි චන්නට ගැලපෙනම පෙම්වතිය කවුරු කියල ද ගයත‍්‍රිට හිතෙන්නෙ?
”මම නම් කැමතිම කාංචනා මෙන්ඩිස්ට, හැබැයි දැන්නම් පූජා හොඳයි කියලා හිතෙනවා.”
එතකොට යශෝධා විමලධර්ම, චතුරිකා පීරිස්, චයිත‍්‍රා චන්ද්‍රනාත් චන්නට ගැලපෙන්නෙ නැද්ද?
නොගැලපෙනවා නෙමෙයි, මං කිව්වෙ හොඳම කෙනා.
ඒත් චන්න නම් දවසක් දා කිව්වෙ යශෝධා චන්නට හරියටම ගැලපුණා කියලා.
ඒ චන්නට හිතෙන හැටි, මං කිව්වෙ මට හිතෙන හැටි.
හොඳයි එතකොට ගයත‍්‍රි ඩයස්, එයා චන්නට ගැලපෙන පෙම්වතියක් නොවෙයිද?
චන්න ගයත‍්‍රි ගැලපුණේ ඉස්සර. මම දැන් චන්නගෙ බිරිඳ මිස පෙම්වතිය නෙමෙයි
චන්න චිත‍්‍රපටි කිහිපයක්ම කළා. අංජලිකා කළා. ඔයාට චරිතයක් දුන්නෙ නෑ. කල්පාන්තේ සිහිනයක් කළා. ඒකෙත් ඔයාට චරිතයක් නෑ. ඇයි ඒ? ඔයාගෙ රඟපෑම් චන්නට එපා වෙලාද?
මාව පේන මානෙ තියාගෙන චන්නට වෙන නිළියො එක්ක පෙම් රැඟුම් රඟපාන්න බැරුව ඇති මං හිතන්නෙ. නැතත් ප‍්‍රධාන චරිතයට වෙනත්් නිළියො අරගෙන මට සුළු චරිත දුන්නොත් මම කොහොමටවත් චන්නගෙ චිත‍්‍රපටිවල රඟපාන්නෙ නෑ. මම ගයාත‍්‍රි ඩයස්.
මට පේන්නෙ දෙන්න දෙමහල්ලො විරසකවෙලා වගේ?
අනිත් පවුල්වල තියෙනව වගේ පොඩි පොඩි ප‍්‍රශ්න නම් අපේ ගෙදරත් තියෙනවා.... ඕව කතා බහ කරලා හරි රණ්ඩු වෙලා හරි විසඳ ගන්නවා.... ඒවා කල් පවතින විරසක නෙමෙයි. බත් හැලිය ඉදෙනකම් විතරක් තියෙන විරසක.
එහෙනම් උන් හිටි ගමන් වෙබ් අඩවිවල ඔය දෙන්න දික්කසාද වුණා, දික්කසාද වෙන්න ගියා කියලා ප‍්‍රවෘත්ති පළවෙන්නෙ?
පුංචි සිද්ධියක් වෙච්ච ගමන් ඕවා වෙබ් අඩවිවලට දෙන්නෙ කව්ද දන්නෙ නෑ. මොකක් හරි දෙයක් වෙලා ඒකට විසඳුමක් හොයනවා මිසක දික්කසාද වෙලා හරියනවද? දික්කසාද වුණාම සියලූම ප‍්‍රශ්නවලට විසඳුම් ලැබෙනවද? නැහැනෙ.
කොහොම වුණත් ඔය කටකථා අපි නම් ගණන් ගන්නෙවත් නැහැ. ඕනෙ කෙනෙක් වෙබ් අඩවිවල ඕනෙ එකක් දාගත්ත දෙන්. අපිට මොකද?




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගයත්‍රී, චන්න දෙන්නම ලස්සනයි, දක්ෂයි. ගයත්‍රී හොඳ පිළිතුරු දීල තියනවා. මේ පවුලට කතා හදල අවුල් කරන්න බලන මිනිස්සු ඉන්පස්සේ බලාපොරොත්තු වෙන්නේ ළමයි අනාථ වෙනවා දකින්නද? "මොකක් හරි දෙයක් වෙලා ඒකට විසඳුමක් හොයනවා මිසක දික්කසාද වෙලා හරියනවද? දික්කසාද වුණාම සියලූම ප‍්‍රශ්නවලට විසඳුම් ලැබෙනවද? "පවුල් වල ප්‍රශ්න නැත්තේ කාටද? (නදී)
අක්කි, ඔයා ගොඩක් ලස්සනයි. ඔයාට තියෙන්නේ අමුතුම ලස්සනක්. ඒ වගේම අක්කි හොද අම්ම කෙනෙක්. (ර)
ඇහිබැම මීට වඩා ලස්සනට සකසා ගන්න. ඔබ තවත් ලස්සනට පෙනේවි. (නදී)
ඔයා ලස්සන වාසනාවන්ත අම්මා කෙනෙක්. සුබ පතනවා පවුලටම. (නදී)
ආ මග කෙටියි. යායුතු මග දුරයි. නුවනින් අවදියෙන්. තරණය කළ යුතුයි. ඔබ පවුලටම සුබපතනවා වාසනාවන්ත අනාගතයකට. (ර)
මුහුණ රවුම් පිරිපුන් ගැහැණු අය කෙහොමත් වාසනාවන්තයි කියලා මම අහලා තියෙනවා. කල්පනාවෙන් ඉතිරි ජිවිත කාලයත් ගත කරන්න. ඉරිසියා කාරයන්ගෙ ලණු කාලා පවුල නම් කඩාගන්න එපා. (ර)
දික්කසාද උණාම සියලූම ප‍්‍රශ්නවලට විසඳුම් ලැබෙනවද? ඔබ දෙපලට හැමදාමත් යහපත් පවුල් ජිවිතයක් ගතකරන්න ලැබේවා! හතර දෙනාටම වාසනාවන්ත අනාගතයකට සුබ පතනවා!" පවුල් වල ප්‍රශ්න නැත්තේ කාටද? (නදී)
මට ඔය අත්දැකීම තියෙනවා. පවුල් අවුල් වෙන්නේ තුන්වැන්නෙක් එකතු වුණොත් තමයි. ඔයා මොළය තියෙන කාන්තාවක්. (නි)
ඔබ මේ වෙනතුරු කිසිම කටකතාවක් හදාගන්නේ නැතුව , වැදගත් ජීවිතයක් ගතකරනවා. රඟ පාන්නෙත් තෝරාගත් චරිතයක ඉඳලා හිටලා. දරුවන්ටත් අඩුපාඩුවක් කරන්නේ නැති බව පේනවා. ඔබට සමාජයෙන් හොඳ පිළිගැනීමක් තිබෙනවා. ඒ ගැන සිතා සන්තෝෂ වෙන්න. (නි)
ඒ ඒ නිර්මාණයට වඩාත් ගැළපෙන කෙනාවයි තොරගන්න ඕනෑ.ඒකට ඔබත් හවුල්වන්න. ඔබ බිරිඳ යැයි කියා ප්‍රධාන චරිතය ඔබට දීලා නිර්මාණය අසාර්ථක වුණොත් එම පාඩුව ඔබ පවුලටම නේද? (නි)
හොඳ පවුලක් (නදී)
හොඳ පවුලක්! (නි)
ගයත්‍රී , බය වෙන්න අවශ්‍ය නැහැ, කලා ලෝකයේ අනුන්ගේ පවුල් කඩන ඉහලම හැකියාව තියන බවලතුන් දෙන්නම දැන් ඒක කරලා ඉවරයි. මේ සැරේ ඒගොල්ල අල්ල ගෙන ඉන්නේ ලේසියෙන් ගැලවිලා යන්න බැරි දෙන්නෙක්. (නදී)
මෙච්චර ලස්සන බිරිඳක් ඉඳලත් සමහරු විකාර කියවනවා (නි)
ඔය හොඳ අම්ම කෙනෙක්, හොදම හොඳ... හොද බිරිදක් අවබෝධයෙන් ජීවත් වෙනවා කියලා හිතෙනවා. ලස්සන පවුල රැකගෙන ජීවිතේ ලස්සනට ගෙනියන්න 4 දෙනාටම සුබපතනවා.(හේ)
ඔබ ලස්සනයි. දක්ෂයි. චන්නත් කඩවසම්. දක්ෂයි. මොනතරම් හොඳ සුසංයෝගයක්ද? පවුල දැක්කම බඩ පිරෙනවා. සමගියෙන් ඉන්න. (නි)
ඇත්තටමද ඔය කිව්වේ.(හේ)
ඔබ සුන්දරයි. දක්ෂයි. හැබැයි නැති ලොකුකම් ඔළුවට ගන්නේ නැතුව නිහතමානී වෙලා ජීවිතය සාර්ථක කරගන්න බලන්න. (නි)
දෙන්නෙක් කසාද බැඳපු ගමන් අමතකවෙන පළවෙනි දෙය "කරපු ආදරය"... මතක තියාගන්න පළවෙනි දෙය " හිත් රිදුනු ඒවා". ඕකෙ අනිත් පැත්ත ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් පවුල් කොච්චර රැකෙයිද? ලස්සන වෙයිද? (නි)
ලස්සන පවුලක්. පවුල නම් කඩාගන්න එපා.(හේ)
ඔයාගෙ ලස්සන වටිනාකම තියෙන්නේ චන්නත් එක්ක එකට ඉන්නකම් විතරයි. ලස්සන පවුල නම් කඩා ගන්න එපා.(නදී)
ඉවසීමෙන් කටයුතු කරන්න. (නදී)
අනේ ඔව් ගයත්‍රී අපිට මොකද?ඔය කව්රුත් ප්‍රශ්න වැඩිකරනවා මිස නිරාකරණය කරන්නේ නෑ (අ)
මොලේ තියන කෙනෙක් වගේ (නදී)
(මට සුළු චරිත දුන්නොත් මම කොහොමටවත් චන්නගෙ චිත‍්‍රපටිවල රඟපාන්නෙ නෑ. මම ගයාත‍්‍රි ඩයස්.) මේ වගේ කතා කියන්න එපා (නදී)
මාකටිං නේද? (නදී)
ගයාත්රි, මම ස්වාමි පුරුෂයෙක් විදියට ඔයාට එක උපදේශයක් දෙන්නම්. "මම ඉන්නෙ එහෙම ඊර්ෂ්‍යා හිතෙන වයසක නෙමෙයි. මම දැන් ඒ වයස පහුකරලා...." කියන අදහස අන්තිම නරක අදහසක්. ඔය අදහසම ඇති විවාහ ජීවිතයක ප්‍රේමය පෑල දොරින් පිටමං කරන්න. ඔයාට දැන් හිතෙන්න පුළුවන් ඔයා ඒ වයස පහු කරලා කියලා. නමුත් තව අවුරුදු දහයකින් ඔයාට අනිවාර්යයෙන් හිතෙනවා මීට අවුරුදු දහයකට කලින් ඔයා ඔය කියන වයස පහු කරලා ඉඳලා නෑ කියලා. නමුත් අපතේ ගිය කාලය ආපහු ගන්න බෑ. (නදී)
අවබෝධයෙන් ජීවත් වෙන්න (බ)
නළු නිළියන් තුල සිටින ආදර්ශමත් කාන්තාවක්. ඒ හැම කියමනකම එයා හැම දේටම වඩා එයාගේ දරුවන්ගේ අනාගතේ ගැන හිතනවා කියන එක තියනවා. හතර දෙනාටම වාසනාවන්ත අනාගතයකට සුබ පතනවා! (නදී)
ගයත්‍රී ඇත්තටම ඔයා දක්ෂ රංගන ශිල්පිනියක්. පොඩි මාමා හි ඔයා දක්ෂ රංගනයක යෙදෙනවා. චන්නත් මම කැමති කඩවසම් නළුවෙක්. ඔයත් චන්නට නොදෙවෙනි ලෙස තාමත් ලස්සනයි. ඒ මොනවා උනත් ඔයා දරු දෙන්නෙකුගේ අම්ම කෙනෙක් කියන එක ඔයා හොදින් හිතට අරන් ජිවත් වෙනබව පේනවා. ඔයාල දෙන්නගේ පවුල් ජීවිතය එක එකාගේ ඕපාදුප නිසා විනාස කර නොගෙන අවබෝධයෙන් ජිවත් වෙන්න. ඔබ දෙපලට හැමදාමත් යහපත් පවුල් ජිවිතයක් ගතකරන්න ලැබේවා! (නදී)
හසිත් මට ඔයාගෙ කටට සිනි ටිකක් දාන්න හිතෙනවා. කතාවනම් මසුරන්. (බ)
කියන්නේ ඇත්තද බොරුද කියල මම කියන්නේ නැහැ. එත් කතාවෙන් ගම්‍ය වන්නේ ලංකාවේ අම්මා කෙනෙකුගේ ගති ලක්ෂණ තමයි.(හේ)