IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


චන්ද්‍රසිරි උතුරට පත් කළාට දෙමළ සන්ධානේ විරෝධය උතුරයි

උතුරු පළාත් සභාව අඩපණ කිරීමේ හා  හමුදාකරණය ඉදිරියට ගෙන යාමේ  අරමුණින් මේජර් ජනරාල් ජී ඒ චන්ද්‍රසිරි උතුරේ ආණ්ඩුකාරවරයා ලෙස  යළි පත් කැර ඇතැයි ද දෙමළ ජනයා කෙරේ රජයේ නොසැලකිල්ල එයින් පෙනෙතියි ද  දෙමළ  ජාතික සන්ධාන නායක ආර් සම්බන්දන් මහතා කියයි.

උතුරු පළාත් සභා ජනතාව,පසුගිය ඡන්දයේදී දුන් ප්‍රජාතන්ත්‍රවාදී පිළිතුර ද ,මහ ඇමැති සී වී විග්නේෂ්වරන්ට  ජනපති දුන් පොරොන්දුවද මෙයින් කඩ කර ඇතැයි ද සම්බන්ධන් මහතා පවසයි.

ඉවසීමෙන් කටයුතු කරන ලෙස දෙමළ ජනයාගෙන් ඉල්ලා සිටින බවත් මෙවැනි දේ වැඩිකල් නොපවතින බවත් මේ පත්වීම ගැන කනගාටුව හා කනස්සල්ල පළ කරන බවත් සම්බන්දන් මහතා සඳහන් කළේය.



අදහස් (0)

චන්ද්‍රසිරි උතුරට පත් කළාට දෙමළ සන්ධානේ විරෝධය උතුරයි

හසන්ත Monday, 14 July 2014 12:18 AM

ඇයි ඉතින් මොකක්ද එතුමාගේ ඇති වරද? (නි)

:       0       0

නඩරාජා Monday, 14 July 2014 02:31 AM

චන්ද්‍රසිරි මහතාගේ පත්වීම හරිම සාධාරනයි. ඔහු අවංක, නිහතමානී කාටත් සාධාරණය ඉටුකරන මහත්මයෙක් කියන්න පුළුවන් (නි)

:       0       0

බන්ඩාර Monday, 14 July 2014 03:24 AM

ඔච්චර කෑගැහුවට දෙමළ සන්දානේ දෙමළ ජනතාවට මොනවද කරලා තියෙන සංවර්ධන වැඩ..උතුර සංවර්ධනය කලේ අපේ බදු සල්ලි වලින්..එහෙව් කරලත් කියනවා කලේ නෑ කලේ නෑ කියල. (ස)

:       0       0

ඉසුරන්දි Monday, 14 July 2014 04:44 AM

කොහොමත් දමිල ජනයාත් තේරුම් ගන්න ඕනේ මේක අපේ නිජබිම කියලා. ඔය කවුරු කවුරුත් කෑ කෝ ගහනවා තම තමන්ගේ දේශපාලන වාසි තකා. ගහපු බෙරේකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ වගේ වැඩක් තමයි මේක. (ස)

:       0       0

මාලක සමීර Sunday, 13 July 2014 08:56 AM

ඡනපති හොද තීරණයක් අරන් තියෙන්නෙ. (ස)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 13 July 2014 09:05 AM

සම්බන්දන් මහත්තයෝ , ජාතිවාදයනම් අවුලුවන්න හදන්න එපා මතකනේ කාලයක් ද්‍රවිඩ නායකයෙක් සිංහලයෝ හම ගහල සෙරෙප්පු හදනවා කියල දෙමළ ජනතාව ගොනාට අන්දවන්න හැදුවා. අන්තිමට ඒ මහත්තුරුන්ට ජිවිතයෙනුත් වන්දි ගෙවන්න උනා ද්‍රවිඩ ජනතාව අතින්ම. (ස)

:       0       0

තරිඳු Sunday, 13 July 2014 09:19 AM

ආර් සම්බන්දන් කරුණානිදි වගේ. හැට පැනල හොට ඇනුනත් දේශපාලනේ අත අරින්නේ නැහැ. කොටි ක්‍රියාකරකම් කරගන්න ලැබෙන්නේ නැති එක ගැන සෑහෙන්න දුකෙන් වගේ ඉන්නේ. ජනාදිපතිතුමා ගේ තීරණය ඉතාමත් අගයකල හැක. මේවට වැඩි කාලයක් නැහැ කියන්නේ ඉන්දියාවේ සහය නැතත් ඩයස්පෝරාවේ සහය බලාපොරොත්තු වෙනවා ඇති. (නදී)

:       0       0

ඇසළ Sunday, 13 July 2014 10:20 AM

මේ අය හිතන් ඉන්නේ උතුර වෙනම රටක් කියල. ලජ්ජා නැති කම මහා මුදලි කමටත් වැඩියේ ලොකුයි කියල පැරන්නන් කිව්වේ ඕකට තමයි. අායිත් ඉල්ලන් කන කාලය වැඩි ඈතක නෙමෙයි වගේ. මේවට සිංහලෙන් ලියල වැඩක් නැහැ. දෙමලෙන් ලියුව නම් තමයි මුන්ට තේරෙන්නේ. (නදී)

:       0       0

ඩෙන්සිල් Sunday, 13 July 2014 11:44 AM

මට නම් පෙනෙන්න තියෙන්න දෙමල ජාතියට නොව ජාත්‍යන්තරයට ආයුද දෙනවා (නදී)

:       0       0

සම්පත් Sunday, 13 July 2014 11:47 AM

දුක් වෙනවට වැඩිය කරන්න දෙයක් නැහැ. (නදී)

:       0       0

සඳුනි Sunday, 13 July 2014 01:20 PM

එතකොට දෙමල ජාතික සන්ධානය සරත් ෆොන්සේකා මහතාව ජනාධිපති කරන්න හැදුවේ හමුදා නිලධාරියෙක් බව නොදැනද? (නදී)

:       0       0

ගාමිණී කුවෙයිට් සිට Sunday, 13 July 2014 03:50 PM

සඳුනි-- පසුගිය ජනාධිපතිවරණයේදී සම්බන්දන් මහත්තයලා කරන්න හැදුවේ අර කාගෙද මාලු කාගෙද ඇගේ තියලා කපනවා වගේ වැඩක් කරන්න. නැතිව ෆොන්සේකා මහතාව ජනාධිපති කරන්න නෙමෙයි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site