උතුරු පළාත් සභාව අඩපණ කිරීමේ හා හමුදාකරණය ඉදිරියට ගෙන යාමේ අරමුණින් මේජර් ජනරාල් ජී ඒ චන්ද්‍රසිරි උතුරේ ආණ්ඩුකාරවරයා ලෙස යළි පත් කැර ඇතැයි ද දෙමළ ජනයා කෙරේ රජයේ නොසැලකිල්ල එයින් පෙනෙතියි ද දෙමළ ජාතික සන්ධාන නායක ආර් සම්බන්දන් මහතා කියයි.
උතුරු පළාත් සභා ජනතාව,පසුගිය ඡන්දයේදී දුන් ප්‍රජාතන්ත්‍රවාදී පිළිතුර ද ,මහ ඇමැති සී වී විග්නේෂ්වරන්ට ජනපති දුන් පොරොන්දුවද මෙයින් කඩ කර ඇතැයි ද සම්බන්ධන් මහතා පවසයි.
ඉවසීමෙන් කටයුතු කරන ලෙස දෙමළ ජනයාගෙන් ඉල්ලා සිටින බවත් මෙවැනි දේ වැඩිකල් නොපවතින බවත් මේ පත්වීම ගැන කනගාටුව හා කනස්සල්ල පළ කරන බවත් සම්බන්දන් මහතා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි ඉතින් මොකක්ද එතුමාගේ ඇති වරද? (නි)
චන්ද්‍රසිරි මහතාගේ පත්වීම හරිම සාධාරනයි. ඔහු අවංක, නිහතමානී කාටත් සාධාරණය ඉටුකරන මහත්මයෙක් කියන්න පුළුවන් (නි)
ඔච්චර කෑගැහුවට දෙමළ සන්දානේ දෙමළ ජනතාවට මොනවද කරලා තියෙන සංවර්ධන වැඩ..උතුර සංවර්ධනය කලේ අපේ බදු සල්ලි වලින්..එහෙව් කරලත් කියනවා කලේ නෑ කලේ නෑ කියල. (ස)
කොහොමත් දමිල ජනයාත් තේරුම් ගන්න ඕනේ මේක අපේ නිජබිම කියලා. ඔය කවුරු කවුරුත් කෑ කෝ ගහනවා තම තමන්ගේ දේශපාලන වාසි තකා. ගහපු බෙරේකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ වගේ වැඩක් තමයි මේක. (ස)
ඡනපති හොද තීරණයක් අරන් තියෙන්නෙ. (ස)
සම්බන්දන් මහත්තයෝ , ජාතිවාදයනම් අවුලුවන්න හදන්න එපා මතකනේ කාලයක් ද්‍රවිඩ නායකයෙක් සිංහලයෝ හම ගහල සෙරෙප්පු හදනවා කියල දෙමළ ජනතාව ගොනාට අන්දවන්න හැදුවා. අන්තිමට ඒ මහත්තුරුන්ට ජිවිතයෙනුත් වන්දි ගෙවන්න උනා ද්‍රවිඩ ජනතාව අතින්ම. (ස)
ආර් සම්බන්දන් කරුණානිදි වගේ. හැට පැනල හොට ඇනුනත් දේශපාලනේ අත අරින්නේ නැහැ. කොටි ක්‍රියාකරකම් කරගන්න ලැබෙන්නේ නැති එක ගැන සෑහෙන්න දුකෙන් වගේ ඉන්නේ. ජනාදිපතිතුමා ගේ තීරණය ඉතාමත් අගයකල හැක. මේවට වැඩි කාලයක් නැහැ කියන්නේ ඉන්දියාවේ සහය නැතත් ඩයස්පෝරාවේ සහය බලාපොරොත්තු වෙනවා ඇති. (නදී)
මේ අය හිතන් ඉන්නේ උතුර වෙනම රටක් කියල. ලජ්ජා නැති කම මහා මුදලි කමටත් වැඩියේ ලොකුයි කියල පැරන්නන් කිව්වේ ඕකට තමයි. අායිත් ඉල්ලන් කන කාලය වැඩි ඈතක නෙමෙයි වගේ. මේවට සිංහලෙන් ලියල වැඩක් නැහැ. දෙමලෙන් ලියුව නම් තමයි මුන්ට තේරෙන්නේ. (නදී)
මට නම් පෙනෙන්න තියෙන්න දෙමල ජාතියට නොව ජාත්‍යන්තරයට ආයුද දෙනවා (නදී)
දුක් වෙනවට වැඩිය කරන්න දෙයක් නැහැ. (නදී)
එතකොට දෙමල ජාතික සන්ධානය සරත් ෆොන්සේකා මහතාව ජනාධිපති කරන්න හැදුවේ හමුදා නිලධාරියෙක් බව නොදැනද? (නදී)
සඳුනි-- පසුගිය ජනාධිපතිවරණයේදී සම්බන්දන් මහත්තයලා කරන්න හැදුවේ අර කාගෙද මාලු කාගෙද ඇගේ තියලා කපනවා වගේ වැඩක් කරන්න. නැතිව ෆොන්සේකා මහතාව ජනාධිපති කරන්න නෙමෙයි. (නදී)