IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


‘චන්ද්‍රිකා සමයේ ශ්‍රීලනිපයේ ප්‍රජාතන්ත්‍රවාදය රැකුණා‘

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපතිනිය ශ්‍රීලනිපයේ නායකත්වය දැරූ සමයේ පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය ඉතා හොඳින් රැකුණු බවත්, තීන්දු තීරණ ගැනීමේ දී සැමට කන්දීමට තරම් නිහතමානී වූ බවත්, තමන්ගේ අඩුපාඩුවක් වී නම් එය පිළිගෙන නිවැරදි කර ගත් බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ජනපති මේ බව පැවසුවේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ 70 වැනි ජන්ම දින උත්සවය ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.

බණ්ඩාරනායක පවුල මේ රටේ සොරකම් නොකළ බවත්, වංචා දූෂණ සිදු නොකළ බවත්, බණ්ඩාරනායක පවුල රටට කළේ මොනවාදැයි අසන පිරිසට දිය හැකි හොඳම පිළිතුර එය බවත් ජනපති පැවසීය.

කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති උත්සවයට කෝටටේ නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමි ද, අගමැති රනිල් වික්‍රමසිංහ, ඇමැතිවරුන් වන රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග, දුමින්ද දිසානායක සහ එම් කේ ඩී එස් ගුණවර්ධන මහත්වරු ඇතුළු පිරිසක් ද ඊට එක්ව සිටියහ.

(ඡායාරූප හා වීඩියෝ රොමේෂ් ධනුෂ්ක සිල්වා)

RDS_5269 RDS_5272 RDS_5298 RDS_5301 RDS_5372 RDS_5380

(ඡායාරූප ඒ එෆ් පී)

400912-01-02(1) 400914-01-02

 



අදහස් (0)

‘චන්ද්‍රිකා සමයේ ශ්‍රීලනිපයේ ප්‍රජාතන්ත්‍රවාදය රැකුණා‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 115 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site