මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත්කිරීමේ මූළිකයකුවන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිනිය කලකිරීමෙන් පිටරට ගිය බවත් ඊට හේතුව මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිට නාමයෝජනා දීම බවත් අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ මහතා කියයි.
ඔහුගේ රජයෙන් සිදුවූ වංචා දූෂණ හොර මැරකම්වලට වගකිව යුත්තා වශයෙන් ඔහුට මහ මැතිවරණයට නාමයෝජනා නොදීමට තිබූ බව ද ඒ මහතා අවධාරණය කළේය. කුමාරතුංග මහත්මියගේ කලකිරීම සම්බන්ධයෙන් ඇය යළි ශ්‍රී ලංකාවට පැමිණි පසු ප්‍රකාශයක් කිරීමට ඉඩ ඇතැයි ද විජයදාස මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නම් කණගාටු හිතෙනවා (නි)
අන්තිමට මෝඩ වුණේ අපි (නි)
ලංකාවේ කියන්නත් ලැජ්ජයි කියපු කෙනා නේ මේ . අනේ එහාටම වෙලා ඉන්න. රටට යහපතක් වෙනවා.(බ)
විජේදාස මහත්තයෝ, රාජපක්ෂ පවුලේ හොරු ටික අධිකරණය ඉදිරියට ගෙනල්ල වැඩක් කරලා පෙන්නන්න හැදුවහම වැලැක්වුයේ ඔයත් ඇතුළු ඔයාගේ පක්ෂයේ ලොක්ක, දැන් මොනවාද මෛත්‍රීට විරුද්ධව කියන බයිලා. එන්නකෝ ඡන්දෙට. අපි බලාගෙන ඉන්නවා. (බ)
අනේ පව්, ඒ නෝනා රට කාල වතුර බීල දිරවගන්න රට යන්න හිතුන වෙන්න පුළුවන්.(බ)
ඉතින් මොකද? ඒ ගොල්ලෝ වෙනම පක්ෂයකනේ.අනුන්ගේ දේවල් මොකටද හොයන්නේ? (නි)
රට ගියා නම් හොඳයි (නි)
ආයේ එන්නේ කවදාද? (නි)
හිතේ තිබුණු කලකිරීම මැතිනිය - අප පමණයි දැන සිටියේ මුල සිට... පමා නොවී ඇවිදින් සිරි ලංකාවට -නඟාසිටවමු අපෙ පක්ෂය ඉහළට ... (නි)
ඒ නෝනා ට කලකිරීමට රට යන්න හරි පුළුවන්. දැන් මේ ඡන්දෙ දීපු 62 ලක්ෂයක මිනිස්සුන්ට වෙන්නේ මුදට පනින්න. (බ)
මම නම් මේ ගැන පුදුමවෙන්නේ නැහැ (නි)
චන්ද්‍රිකා රට ගියේ දරුවෝ එක්ක උපන් දිනය සමරන්න.(නදී)
එයා නම් කලකිරුනහම එංගලන්තයට යනවා. එයාලගේ හැසිරීම් ගැන කලකිරුන අපි කොහෙද යන්නේ? (නි)
මට හිතෙන්නේ ජනාදිපති තුමාට හරියට වැඩක් කරන්න දෙන්නේ නැතිව මහින්ද රනිල් දෙන්නා දෙපැත්තට අැද්දා.(නදී)
ආයේ නොඑනවා නම් රටට ලොකු සේවයක් (බ)
අපිත් හිටියේ චන්ද්‍රිකා ගැන කලකිරීමෙන්. (බ)
එතුමිය පණක් නොව අපිත් ඉන්නේ කලකිරිලා (ම)
ජනක, දෙපැත්තට අදින එක වලක්වන්න තමයි විධායක බලය දුන්නේ. ඒ ගැන නොදන්නා අය කොහොමද පුංචි දුපතක් පාල්ලනය කරන්නේ. රට ජාතිය ගොඩනගන්න ඒකාධිපතියෙක් බිහිවීම අවශ්‍යයි. (අ)
නැහැ නැහැ එයා ගියේ මාලිගාවේ දොර රෙදි අලුතින් දමන්න සල්ලි මදි උනොත් ආපසු එනවා (බ)
අධිකරණ ඇමතිගේ තියෙන්නේ අමුතුම ප්‍රජාතන්ත්‍රවාදයක්නේ...මොකක්ද මේ කල කිරෙන්න කාරණය...මහින්ද මහත්තයට හංසයාගෙන් හරි යු අැන් පි එකෙන් හරි ජේ වී පි එකෙන් හරි එහෙමත් නැත්නම් අර ෆොන්සේකා මහත්තයගේ පක්ෂෙන් හරි නාම යෝජනා දුන්නද? ..එතුමා එන්නේ එතුමා ජනාධිපතිකම දරපු නායකත්වය දරපු 58 ලක්ෂයක ජනමතයක් නියෝජනය කළ පක්ෂයෙන්.තමුන්නැහැල කොහොමද ඒක නතර කරවන්නේ. කලකිරෙන්න ඕන යු අැන් පියට දිනන්න මග විවර කරලා ඒක වලක්වල දෙවන වරටත් පක්ෂයට ද්‍රෝහී වුනානම්...(බ)
ඇය යන්න ගියා මැකිලා..... (ම)
මේ වේලාවේ හැටියට කලකිරීමෙන් රට හැරදා යාම නෙවි පිළිතුර. රටේ ඉඳන් සතුරාට හැකි ශක්තියෙන් පහර දී සිය පියාත්, මවත්, එයාත් රටට කළ සේවාවන් තව දුරටත් කරගෙන යා යුතු බව චන්ද්‍රිකා සිහියේ තබා ගත යුතු වෙනවා.(ම)
මේ වගේ දෙයකට රට දාලා යන්න පුළුවන් කට්ටිය රටට ආයෙත් මොකටද. අනේ ඔහෙම ඉන්න අනේ. (ම)
ඔබ හිමින්සැරේ ගිහින් එන්නකෝ (නි)
කවුරු මොනවා කිව්වත් චන්ද්‍රිකා කියන්නේ හොරෙක් නොවේ ....(නදී)
බෙහෙත් ගන්න වත් ගියාද ? (නදී)
හාපෝ, හිටපු ටිකට කළ විනාසේ හොඳටම ඇති. (නදී)
අනේ මෙහෙමත් ගල් පැලෙන බොරු ගහන ජරා දේශපාලුවෝ. චන්ද්‍රිකා ගියේ එයාගේ පවුලේ වැඩකට. නිකම් බොරු ගහල දේශපාලන වාසි ලබාගන්න හදන නරුමයෝ.
ගිය එකට මම නම් කැමතියි (නි)