චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ මහින්ද රාජපක්ෂ යන හිටපු ජනාධිපතිවරුන්  31 වැනිදා මධ්‍යම රාත්‍රීයේ කතරගම පුදබිමට ගොස් නව වසරට ආශිර්වාද ලබා ගත්හ.

නව වසර වෙනුවෙන් විශේෂ පිරිත් පින්කමක් කතරගම පුද බිමේ පැවැත්විණි. දිවංගත එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක මහතාට පිං පැමිණවීම පිණිස හිටපු අගමැතිනිය සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය 1960 වසරේ  සිට අවසන් දිනයේ පිරිත් පිංකමක් පැවැත්වීම ආරම්භ කළාය. මෙවර පින්කම සූදානම් කර තිබුණේ කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතා ය.

මහින්ද අමරවීර, සුමේධා  ජයසේන , පණ්ඩු බණ්ඩාරනායක මහතා ඇතුළු පිරිසක් ද කතරගම ගොස් සිටියහ.

1(12) 2(15) 97