චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපතිනිය අද (4) හලාවත මුන්නනේශ්වරම් දේවාලයට පැමිණ විශේෂ පූජාවකට සහභාගී වූවාය.
පසුගියදා පැවති ඇගේ උපන්දිනය වෙනුවෙන් එම පූජාව කළ බව දැනගන්නට ඇත.
මාධ්‍යවේදීන් ඇගෙන් දේශපාලනය ගැන ඇසූ ප්‍රශ්නවලට ඇය පිළිතුරු නොදුන්නාය.
මාධ්‍යවේදීහු ඇගෙන් ප්‍රධාන ප්‍රශ්න දෙකක් ඇසූහ.
මහින්ද රාජපක්ෂ මහතාට නාමයෝජනා දීම අනුමත කරන්නේද යන්න පළමු ප්‍රශ්නයයි.
දෙවැන්න එසේ ඔහු තරග කරන්නේ නම් හිටපු ජනපතිවරයකුට හිමි වරප්‍රසාද ඔහුට හිමිද යන්නයි.
ඒ දෙකටම ඇගේ පිළිතුර වූයේ ‘මෙතැන දේශපාලනය කතා කරන තැනක් නෙමෙයි‘ යන්නයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කියන්න උත්තර නැතුවාවද්ද? (නි)
හැබැයි නියම උත්තරය දීලා තියෙන්නේ (නි)
කුඩුවිගිය පොල්ගෙඩියේ අානුභාවයෙන් ඔබතුමියට දිර්ඝායුෂ ලැබේවා..!!!!!! (බ)
කාලි මෑණියෝ පස්ස නොබලා දුවන්න ඇති..(ම)