කියුබාවේ හිටපු විප්ලවීය නායක මියගිය ෆිදෙල් කස්ත්‍රෝ වෙනුවෙන් කොළඹ පැවැති ශෝකය පළ කිරීමේ උත්සවය ජනපති මන්දිරයේ දී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නායක ඩිව් ගුණසේකර මහතාගේ දේශනයක් ද කියුබාවේ මෙරට තානාපති ජුආනා එලීනා රාමොස් රුද්‍රිගු ගේ දේශනයක් ද එහිදී පැවැති අතර කියුබා නායකයා අගය කරමින් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ද කථාවක් කළේය.
එදින පස්වරු 12.30 පමණ විට තවත් ආරාධිත අමුත්තියක් එහි පැමිණියේය. ඒ හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියයි. ඇය එහි එනවිට උත්සවය අවසන්වී තිබිණි. අමුත්තෝ දිවා ආහාරය සඳහා වාඩිවී සිටියහ.
ඇය ජනපතිනිය කාලයේ සිට ඕනෑම අවස්ථාවකට ප්‍රමාද වී යෑම ලෝක ප්‍රසිද්ධ කාරණයක් බව කවුරුත් කියති. එහි සිටි විදේශිකයකු කියා සිටියේ මියගිය කියුබා නායකයාට උපහාර දැක්වීමට පරක්කු ජනපතිනිය පැමිණි බවයි‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා ගැන කතා නොකර ඉන්න එක හොඳයි (නි)
අනේ ඉතින් මොකටද එයා ගැන කතා? (නි)
මට තේරුන එකක් තමා ගොඩක් අය පරක්කු වෙලා වැඩ කරන්නේ වගකීමක් ගන්න බැරි ලොකුකම වැඩි අය. මේ වගේ අයව ජනාධිපති කළෙත් ලංකාවේම මිනිස්සුනේ. රටක නායකයෙක් රටේ මිනිසුන්වයි නියෝජනය කරන්නේ. රටේ මිනිසුන්ට හෝ වේවා රටේ ක්‍රමයට තමා ලෝකය හිනාවෙන්නේ. (නි)
තාම ඒ පුරුද්ද අතෑරගන්න බැරි වෙලා වගේ.(හේ)
ජම්මෙට වඩා පුරුද්ද ලොකුයිලු නේද?(හේ)
එතුමියගේ ආරක්ෂාවට එහෙම කරන්නේ.(ර)
ප්‍රමාදවූවන් මළවුන් වැනියි. බුදුන් දේශනා කළේ ධර්මය වටහාගෙන එම ධර්මයෙහි හැසිරීමට ප්‍රමාදවූවන් ගැනයි. ඔවුන් මරණින් මතු සතර අපාගත වන බැවිනි. (නි)
මෙයා හොඳ වෙලාවට පරක්කු වුණේ. නැත්නම් කතාව පටන් ගන්නේ මෙහෙමයි. "ඕක මහින්දගේ වැඩක්. මගේ කාලෙ නම් ඔහොම මිනිස්සු මරුනේ නැහැ. ඕක මහින්දගේ වැඩක්". (නි)
ආරේ ගුණ නෑරේ කිවුවලු! (නි)
බෙනට්, එයාලා ඉපදිලා ඉන්නේ අපිවම කන්න තමා. (නි)
අරේ ගුණ නෑරේ කිවුවලු (නි)
හිමන්ත, මගේ අඩු පාඩුවක් පෙන්වා දුන්නාට සහ එහි නියම අර්ථය පෙන්වා දුන්නට පිං! එහෙත් මට හිතෙන විධියට ලෝකෝත්තර දිවියේ පමණක් ලෞකික ජීවිතයේ ප්‍රමාදයෙහි ආදීනව පෙන්වා දෙන්න බුදු වදන අපට දෛනික ජීවිතයේදීත් ප්‍රයෝජනවත් වෙනවා කියල. ආධ්‍යාත්මික ලොවකට ප්‍රවිෂ්ඨ වීමට එය ද්වාරයක් වෙන්න බැරිද? (ර)
ජයන්ත, ඔයාගේ කටේ මසුරන් දාන්න තරම් වටිනවා.ඔයාට අපි සත්‍යපාල කියලා කිව්වොත් තරහා නැහැ නේද? (බ)
වේලාසන ආවා කියලත් කරපු දෙයක් නැහැනේ (නි)
මේ අයට හත කියන්නේ අටට පුතේ - අට කිව්විත් නවය වෙතේ.(හේ)
සත්‍යා ,,අප්පමාදෝ අමතපදන් කියලා බුදු හිමියන් දේශනා කලේ වෙලාවට වැඩ නොකරන ය ගැන නොවේ පස් කම් සැප පසුපස යමින් සිල් රැකීමේ හා නිවන් මාර්ගයට පැමිණීම සඳහා ප්‍රමාද වන ය ගනී. ඔබත් තවම පමා බවයි පෙනෙන්නේ (ර)
දැන්වත් මෙතුමිය පමා නොවී යන තැනකට වැඩක් කර ගත්තොත් හොඳයි (ම)
පරක්කු වෙලා ආපු එකමයි හොඳ (නි)
රදළ පිළිරුව හිසේ තබාගත් මා තරම් කිසිවෙක් දන්නේ නැත යන අදහසින් ජීවත්වන මැය ගැන අනුකම්පා කළ යුතු වෙනවා! නමුත් තවමත් රටට වින කිරීමට කටයුතු කරන බැවින් ඒකත් කළ නොහැකියි. (නි)
අපොයි මෙතුමිය ගැන කතා නොකර ඉමු. (ම)
චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය හිතන්න ඇති ඇයට ආරාධනා කළේ කෑම මේසෙට වාඩිවෙලා සප්පායම් වෙන්න කියලා විතරක් වෙන්න ඇති. ඔය කතා අහන්නයි, දුක් වෙන්නයි ඔතනට එන්න ඕනෑද කියල ඇයට හිතෙන්න ඇති. ජනපති වෙලා හිටපු කාලේදී, මඟීන් පුරවපු ගුවන් යානා එයා පරක්කු වෙලා එනතුරු, ධාවන පථයේ රස්තියාදු වුණ හැටි අපට තවමත් අමතක වී නැහැ. වරක් මමත් පැරිසියට ඒම සඳහා එයා ගමන්ගත් යානයේම සිටි නිසා මේ ගැන හොඳට දන්නවා (නි)
වෙලාවට වැඩ නොකිරීම ලංකාවේ ජීවත්වෙන වැඩි දෙනෙකුගේ පුරුද්දක්. එම නිසා මෙතුමිය ලංකාවේ ජනාධිපති වුණ එක පුදුමයක් නොවේ. ජනාධිපති කාලෙත් ප්‍රමාදවී පැමිණි එතුමියගෙන් දැන් වෙලාවට පැමිණීමක් බලාපොරොත්තු වියනොහැක. වෙලාවට වැඩ කරන දේශපාලකයන් අතර ප්‍රේමදාස ජනාධිපතිතුමා මුල්තැන ගත්තේය (නි)
2003 විතර උපාධි ප්‍රදානෝත්සවයකට මෙයා එන්න තිබුණා. පරක්කු නිසා උත්සවය පැය දෙකක් කල්දැම්මා. පස්සේ පණිවිඩයක් ආවා අපිට උත්සවය පටන් ගන්න එයා එන්නේ නැහැ කියලා. පැය හතරකට පස්සේ එනවා කියලා අපිට එළියට යන්න කිව්වා. මේ වෙනකොට උත්සවයේ අඩක් ඉවරවෙලා. (නි)
"අප්පමාදෝ අමතපදං - පමාදෝ මච්චුනෝ පදං“ කියලා බුදුන් වහන්සේ දේශනා කළේ ඊට වසර 2560 කට පෙරයි. ඒ ප්‍රමාදවී පැමිණීමේ ආදීනව පෙන්වා දෙන්න. (නි)
හරියටම කන වෙලාව බලලා අාවා වගේනේ (නි)
ප්‍රමාදය ගණන් ගන්න එපා. එදා වගේම අදත්, හෙටත් ප්‍රමාදවෙලා හරි එනවාමයි. ඒකම මදිද. (නි)
එතුමිය ඒ කාලේ ආවෙත් කන්නයි .. දැන් මෙතනට ඇවිත් තියෙන්නෙත් කන්නයි .. ඇත්තටම තේරෙන්නේ නැද්ද දවල් 12.30 කියන්නේ කන වෙලාව කියල . (බ)