චින්තන බොස්ව ප්‍රමෝට් කරන වැඩේ බාර දීලා තියෙන්නේ ඇඩ්වර්ටයිසිං බජාර් එකකටය. පංචායුද ඇඩ්වර්ටයිසිං ගෘප් කියන කොම්පැනිය රිපෝට් එකක් හදල ජෙල් පියාට දුන්නා. රිපෝට් එකේ තියෙන්නේ චින්තන බොස්ගෙ 58 ස්ටෑන්ඩ් බයි කරලා තියාගන්න ඕන කරන ප්‍රෝගෑම් එකය. එකක් තමයි බොස් නැතුව බොසුත් එක්ක නාට්‍යය රට වටේ ගෙනයාම. අනිත් ප්‍රෝගෑම් එක තමයි වෙසක් එකට කොළඹට එන ජනම්ස්ලට බලන්න නාට්‍යයක් පෙන්නන්න.
ප්‍රෝගෑම් එක අනුව ජෙල්පියා වෙසක් නාට්‍යය ප්‍රැක්ටිස් කරන්න සෙට් වෙලාය. නාට්‍යයේ නම නොමියන මිනිසාය. මේ නාට්‍යය සින්දු 2ක් එන්ටර් කරල මේ දවස් වල ප්‍රැක්ටිස් පාර දාන්නේ සින්දු විතරයි. මේ සින්දු ඩබලම පරණම බුවාල ඒ කාලේ පෙන්නපු නාඩගම් වලින් මාට්ටු කරගත් ඒවාය. වෙස්සන්තර › වික්‍රම, නාඩගම්වල කියපු සින්දුවලට මොඩිෆයි චූන්එක දාල තමයි සින්දු පාර ප්‍රැක්ටිස් කරන්නේ.
සින්දු පාර ප්‍රැක්ටිස් කරනව බලන්න චින්තන මුදලාලිත් එන්ටර් වෙලාය.
බෝ දොස් කියා මාගේ ¡ බෝ දොස් කියා
බෝ දොස් කියා මාගේ ¡ බෝ දොස් කියා
පැන්නුවාය මහ ගෙදරින් ¡ බෝ දොස් කියා
වැරදි හදා ගෙනා ¡ සම්බවෙන්න ජනම්ස්ලාව
යන්නටා හැකී වේදෝ ¡ යන්නටා හැකී වේදෝ
යන්නටා හැකී වේදෝ ¡
ඡන්දෙ දෙයිද ජනම්ස්ල මට
ඡන්දෙ දෙයිද ජනම්ස්ල මට
බෝ දොස් කියා මාගෙ බෝ දොස් කියා
බෝ දොස් කියා මාගේ ¡ බෝ දොස් කියා
අම්මට සිරි මාර සින්දුවක්නේ, චින්තන මුදලාලිට මාර ජොලිය. සින්දුව විතරක් නෙමෙයි මේ නාට්‍යයම මාර ත්‍රිල්. මේක බලපු ගමන්ම ජනම්ස්ලට මාර ත්‍රිල් එකක් එනවා බොස් ගැන. අපි ඩේ ඇන්ඩ් නයිට් එකේම වැඩ කිඩ දාන්නෙ බොස්ව උඩට ගේන්න ජෙල් පියා කීය.
මං දන්නවා ඉතින් ජෙල් පියා ගේමක් දුන්නොත් ඉතින් බොක්කෙන්ම බව චින්තන මුදලාලි කීය.
කණ්නාඩියා මීටර් 100 රේස් එකේ එන්ඩ් එක දෙනවා වගේ ඔරේ රන් එක දාගෙන එතනට කඩා පාත් වුණා මේ වෙලාවෙදීය.
ඉවරයිæ ඉවරයිæ ඔක්කොම ෆුල් බ්ලාස්ට්æ අරුන් දිනවල අපේ බුවාලගෙ ඔර්ජිනල්ම පොරවල් 26ක් උස්සල. කණ්නාඩියා බංකුවක් උඩ වාඩි වුණේ හති දමමින් මේ ස්ටෝරි එක දීගෙනය.
මෙහෙම උස්සන කොට අපේ බුවාලගෙ මොරාල් ඩවුන් යනවානේ. බොරළුගොඩ වත්තෙ ගුණයා කීවේ අප්සෙට් මූඩ් එකකින්ය. අම්මප කව්ද උස්සපු 26ට ඉන්නේ. අපේ අර බදුල්ලෙ බඩා කොටත් ඉන්නවද? චින්තන මුදලාලි ඇසීය.
පිස්සු පීකුදුæ බඩා කොටා තමයි මේ ගේම් ඔක්කොම සෙට් කරන්නේæ ඕකනෙ බොස්ට ගේම දෙන්න අරුන් තියාගෙන ඉන්නේ. ඔය ගිය එවුන් බොස්ට පණ ඇරල වැඩ කිඩ දාපු එවුන් තමයි. කණ්නාඩියා රිප්ලයි එක දුන්නේය.
මෙහෙම අපේ බජාර් එකේ පොරවල් උස්සන කොට ස්ටෑන්ඩ් බයි එකේ තියාගෙන ඉන්න අර 58ට මොකද වෙන්නෙ වාමදේවයා ඇසුවේ කොරවෙන ප්‍රශ්නයක්ය.
ඕකුන් ජිරාමාර් වුණාට ස්ටෑන්ඩ් බයි එකේ ඉන්න 58 ජනම්ස්ල ඔක්කොම ගල්ටික්. මොකුත් වෙන්නෙ නෑ. ජෙල් පියා රිප්ලයි එක දුන්නෙ හයි මොරාල් පිටය.
අප්පච්චි මලයි කියපු එකත් ජිරාමාර් වෙලා බොරලූගොඩ වත්තෙ ගුණයාත් ගොඩ දමමින් කීය. ඕක ෂුවර් එකට ජිරාමාර් වෙන එක මට නම් මීටර් වුණේ ඔය මස්තබාල්දු ටෝක් එක දීපු දවසේමයි. මේක අර ඇහැලේපොළයා › වික්‍රම රාජසිංහ බුවාව සුද්දන්ට මාට්ටු කරල දුන්නට පස්සෙ ආපු වර්චස්ම පාවාදීමක්. ජෙල්පියා කියාගෙන ගියේය.
මතකද මට පළවෙනිදම කිව්වා. අර දතා ආප්ප පුච්චන ගමන් කියපු ස්ටෝරි එක. ඕක කිව්වනෙ තාච්චියෙන් බාන එක ආප්පයකට එකා ගානේ අපේ බජාර් එකේ පොරවල් බානව කියලා. කිව්ව වගේම ඔය එළකිරි වගේ වැඩේ දීලා තියෙන්නේ. වන් ෂොට් එකෙන්ම 26කට. කණ්නාඩියා කිව්වෙ කලින් දීපු ප්‍රෙඩික්සන් එක හරි ගියා කියන්නාක් වගේය.
කව්රු කව්රු ද දැන් ඔය පොල්ල තියල තියෙන්නෙæ වාමදේවයා ඇසීය.
අර පානදුරේ කුරාæ ගෑණුන්ව නේකඩ් කරන්න ටෝක් එක දීපු පොර, එත කොට බොස්ට පන ඇරල හිටපු ගිනි දේවි, එල පවුසියා. ඩෙසර්ට් කනව කියලා කියපු එක. ඔය සෙට් එක තමයි. කණ්නාඩියා රිපෝට් එක දුන්නේය.
නියමෙටම ෂුවර් ද උන් ඉස්සුව කියලා. ජෙල් පියා ඇසුවේ තවමත් ජෙල් පියාට මේ ස්ටෝරි එක අබ්ලික් නිසාය. බණ ටෝකින්æ උන් ටික අදම උන්ට හම්බවෙන වන්ඩිත් අරගෙන ඒ වන්ඩිවල තමයි උන් මාරුවෙලා තියෙන්නේ. කණ්නාඩියා එක්ස්ට්‍රා රිපෝට් එකක් දුන්නේය. ඕකුත් ඔහොම යහපාලන පොරවල්වලට සෙට් වෙච්ච එක හොඳයි. ඕක වෙච්ච ගමන් අර ඉස්සර ගෙවල්වලට පැනල ජනම්ස්ලගෙ නැෂනල් අයිඩින්ටිය උස්සන් ගිය නසරානියෝ ටික යහපාලන පොරවල්වලට ෂුවර් එකටම බැස්ටිය දෙනවා. මට කෙලියෙත් ඕකුන්මනේ. චින්තන මුදලාලි කීවේ හැපි මූඩ් එකෙන්ය. නාට්‍යයේ ඊළඟ සින්දුවත් ප්‍රැක්ටිස් කරලම අපි ටෝක් එකට එන්ටර් වෙමු කියූ ජෙල් පියා සින්දුව ප්‍රැක්ටිස් පටන් ගත්තේය. › වික්‍රම නාඩගමේ එන › වික්‍රම් සින්දුවකට මොඩ්ෆයි චූන් එකක් සෙට් කරල තමයි මේක ප්‍රැක්ටිස් කරන්නේ. වෙසක් නාට්‍යයේ ලාස්ට්ම සින්දුව තමයි දැන් ප්‍රැක්ටිස් කරන්නේ.
දන්න වංහුං අපෙ ¡ හිටපු බොස්ගෙ ධූර කාලයේ
දන්න වංහුං අපෙ ¡ හිටපු බොස්ගෙ ධූර කාලයේ
ධූර කාල ධූර කාල ධූර කාලයේ
දන්න වංහුං අපෙ ¡ හිටපු බොස්ගෙ ධූර කාලයේ
රකියි ධර්ම පංචශීල¡ පූර්වෙ රජුන් ලෙසේ
රකියි ධර්ම පංචශීල ¡ පූර්වෙ රජුන් ලෙසේ
අධර්මිෂ්ඨ නීච ක්‍රියා ¡ යයි මැකී රටේ
අධර්මිෂ්ඨ නීච ක්‍රියා ¡ යයි මැකී රටේ
යයි මැකී යයි මැකී යයි මැකී රටේ
දන්න වංහුං අපෙ ¡ හිටපු බොස්ගෙ ධූර කාලයේ
සංගීතය
දනියි සිංහලූන්ගෙ බුද්ධ ආගම් අනාගතේ
දනියි සිංහලූන්ගෙ බුද්ධ ආගම් අනාගතේ
ඉතින් ප්‍රීතියෙන්ම යමව් ¡ ඒතුමා වෙතේ
ඉතින් ප්‍රීතියෙන්ම යමව් ඒතුමා වෙතේ
ඒතුමා ¡ ඒතුමා ¡ ඒතුමා වෙතේ
දන්න වංහුං අපේ හිටපු බොස්ගෙ ධූර කාලයේ
කොහොමද සින්දු පාරæ ජෙල් පියා ඇසුවේ ජොලි මූඩ් එකෙන්ය.
කව්ද සින්දුව හැදුවේ, වාමදේවයා ඇසීය
කව්ද ඉතින්æ අපේ නිර්මාණ මෑන්ස් ජෙල්පියා තමයි කණ්නාඩියා කීය.
චින්තන බොස් අපේ ජෙල් පියා මේ දෙන ගේම බොස්ගෙ ෆැමිලි එකේ පොරවල්ගෙන් වත් නතිං තමයි. දැන් බලන්න වැඩේට එන්ටර් වෙච්චදා ඉඳලම දතාලගෙ බජාර් එක අපි හතර දෙනාම කියන්නේ අනාථ ගෘප් කියලමනේ. නින්දා අපහාස මේ ඔක්කොටම අපි එවරෙඩි බොස් කණ්නාඩියා කීවේ ආවේගයකින්ය.
මං දන්නවා ජෙල් පියාගෙ බජාර් එක ගැන. මීට පස්සෙ මට පවර් එක ආවොත් ආයේ නෝ කතා නෝ සිනා. ජෙල් පියා කණ්නාඩියා වාමදේවයා ගුණයා. උඹලා තමයි මගේ හතර වටේ දෙවිවරු හතර දෙනා. චින්තන මුදලාලි කීවේ බොක්කෙන්මය.
ඒක තමයි දැන් අපේ ජොබ් එක තමයි පුවක් මල් කි‚ත්තෙන් මොනවද ඉහිනවා කියන්නේ ඒක තමයි දැන් කරන්නේ අපේ මේ ගේම ක්ලෝස් කරන්නෙ බොසාව උස්සල උස්සලමයි. ජෙල් පියා ප්‍රොමිස් කළේය. බොස් දන්නවනේ අපේ ජෙල් පියා ගැන. සින්දු නම් සින්දු නාට්‍ය නම් නාට්‍යය. ගුස්පි නම් ගුස්පි ටෝක් නම් ටෝක් ඕන දේකට ඔට්ටු පොරක්. මේක හරියට බුලට් ප්රෘෆ් වණ්ඩියක් වගේ කණ්නාඩියා ජෙල් පියාට ෆුල් සැටිපිකේට් එකක් දුන්නේය. අපේ කඩේට එන කස්ටර්මර් ජනම්සලට අයිඩෙන්ටි පොරවල් කිව්වෙම කඩේට යන්න එපා. කඩේ තියෙන්නෙ එක්ස්පයර් වෙච්ච බඩු කියලයි. ජනම්ස්ල ඔය ලණුව කෑව දැන් යහපාලන ටොයියන්ට සෙට් වෙලා උන්ගෙ කඩේට යන එවුන්ටත් කියන්නෙ මට දාපු ජාතියේම ටෝක්. බඩු වලට ගැරෙන්ට් දෙන්න බෑ කියලනෙ දැන් කියන්නෙ. දැන් මේ යහපාලන ටොයියන්ට සෙට් වෙච්ච 26 දෙනා නිසා ඕකුන් යහපාලන ටොයියන්ටත් ෂුවර් එකටම බැස්ටිය දෙනවා චින්තන මුදලාලි කීවේය.
අපෙන් ගත්තු බුවාලට කටු කෑලි ටිකක් දීලා තියෙනවා සූප්පු කර කර ඉන්න. ආතල් ඩාන්ස් ටිකක් ඉස්සරහට බලතෑකි ජෙල් පියා කීය.
දැන් මේ යහපාලන ටොයියන්ට සෙට් වෙලා ඉන්න අපේ බුවාලා නිසා අපි කොටාබඩාටත් කියමු එහාටම ගිහින් එයාගෙ ජොබ් එක අපේ බුවාලට දෙන්න කියලා. වාමදේවයා මොඩිෆයි යෝජනාවක් ගෙනාවේය. ඒක ආතල් වැඩක්. කව්ද ඕකට අපි දාගන්නේ. ජෙල් පියා කීය.
මේකට අපි අයිඩියල් පොර තමයි අපේ බොරළුගොඩ වත්තේගුණයා. පොරව අපි පෝවඩ් එකට දාමු. වාමදේවයා යෝජනාවට තවත් කෑල්ලක් ගෙනාවේය. බොරළුගොඩ වත්තේ ගුණයා කොහොමද ෂුවර්ද? හැබැයි පොරටත් කටු කෑල්ලක් දුන්නොත් සූප්පු කරන්ට යයිද දන්නෙ නෑනේ. ජෙල් පියා කොරවන ප්‍රශ්නයක් දැම්මේය.
කටු නෙමේ මස් කෑල්ලක් දුන්නත් පොර ඉන්නෙ ස්ටේ්රට් පෝවඩ් එකේ. මම හිතන්නෙ පොර අපේ. මට නම් හිතන්නෙ නෑ බඩා කොටාගෙන්් ඕක ගන්න පුලූවන් වෙයි කියලා කණ්නාඩියා කීය. ‘අපි අපේ බුවාව ඉස්සරහට දාන්න කලින් බඩා කොටාව එලවගන්න ට්‍රයි එක දාමු‘ ජෙල් පියා කීවේය. අපි ඉස්සෙල්ලා බඩා කොටාත් එක්ක ටෝක් එකක් දාල බලමුද? වාමදේවයා හරහට පැන්නේය. පිස්සු ඩබල් තමයි බඩා කොටාව යවන්න බෑ. ඕක ඔතන ඉන්නෙ. ප්ලෑනකම ප්ලෑන පිටිපස්සෙ ඉන්නෙ ඇම්ඩන්ල.
මේක හරියට රූකඩ නාට්‍යයක් වගේ. බඩා කොටාලා අපෙන් ගිය බුවාල ඔක්කොම ඔය රූකඩ නාට්‍යයේ නළුවො ටික. උන්ව නටවන නූල තියෙන්නෙ ඇම්ඩන් ළඟ. ඇම්ඩන් නටවන නූලෙම තමයි බඩා කොටා නටන්නේ. ඒක හින්ද බොරළුගොඩ වත්තේ ගුණයා පෝවඩ් එකට දැම්මත් වැඩේ නම් ලේසි නෑ. ජෙල් පියා කීවේය.
2025 දෙසැම්බර් මස 18
36
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
124
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
චින්තන බොස්ට පංචායුද ඇඩ් පාරක්
තරංග Thursday, 09 April 2015 03:35 AM
නියමයිනේ! (නි)