චින්තක ජයසිංහ (නොදැවී 173) සහ චාමර සිල්වාගේ (158) ලකුණු 302 ක සම්බන්ධතාව නිසා අන්තර් සමාජ පළමු පෙළ ක‍්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ තුන්වැනි සතියේදී බ්ලූම්ෆීල්ඞ් පිල ප‍්‍රබල එන්. සී. සී. පිලට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලැබීය. තෙවැනි සති අන්තයේ සෙසු තරගවලදී රාගම, එස්. එස්. සී., ද්‍රවිඩ සංගම් සහ ලන්කන් යන කණ්ඩායම් පළමු ඉනිමේ ජය ලැබූහ. බ්ලූම්ෆීල්ඞ් ක‍්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේදී ලකුණු 186 කට කඩුලූ හතරක් දැවී සිටියදී චින්තක ජයසිංහ සහ චාමර සිල්වා පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 302 ක සම්බන්ධතාවක් පවත්වමින් බ්ලූම්ෆීල්ඞ් පිල ලකුණු 500 ක් දවා රැගෙන ගියහ. මෙවර තරගාවලියේ පළමු තරගයේදී ශ්‍රී ලංකා පළමු පෙළ වේගවත්ම ශතකය ලබාගනිමින් වාර්තාවක් පිහිටු වූ චින්තක ජයසිංහ පන්දු 167 කදී හතරේ පහර 16 ක් සහ හයේ පහර හයක් සමගින් නොදැවී ලකුණු 173 ක් රැස්කරමින් දෙවැනි ශතකය රැුස් කළේය. චාමර සිල්වා පන්දු 178 කදී හතරේ පහර 15 ක් සහ හයේ පහර පහක් සමගින් ලකුණු 158 ක් රැස් කිරීමට සමත් විය. චාමර කපුගෙදර (158), මොයින් අලී (157), තිලාන් සමරවීර (148), ඉයන් ඩැනියල් (140) සහ යොහාන් ද සිල්වා (124) තෙවැනි සති අන්තයේ සෙසු ශතක ලාභියෝ බවට පත්වූහ. ලන්කන් පිලේ වමතින් දඟ පන්දු යවන ගයාන් සිරිසෝම බදුරලිය ඉනිම දෙකේදී ලකුණු 141 කට කඩුලූ 12 ක් දවා ගනිමින් තෙවැනි සතියේ කැපී පෙනෙන පන්දු යවන්නා බවට පත්විය. බ්ලූම්ෆීල්ඞ් ක‍්‍රීඩාංගණයේදී බ්ලූම්ෆීල්ඞ් පිල පළමු ඉනිම කඩුලූ 6 ට 500 (චාමර සිල්වා 158, ඩිල්ෂාන් මුණවීර 70, ප‍්‍රසන්න ජයවර්ධන 39, චින්කත ජයසිංහ නොදැවී 173) එන්. සී. සී. පිල පළමු ඉනිම 213 (මුදිත ප‍්‍රනාන්දු 55, යොහාන් ද සිල්වා 41, රොෂාන් ලක්මාල් 38, උපුල් ඉන්ද්‍රසිරි 62/5) සහ දෙවැනි ඉනිම කඩුලූ 6 ට 327 (චාමර කපුගෙදර 158, යොහාන් ද සිල්වා 124) කෝල්ට්ස් ක‍්‍රීඩාංගණයේදී රාගම පිල පළමු ඉනිම 495 (ඉයන් ඩැනියල් 140, ඉන්දික ද සේරම් 88, නයන ප‍්‍රනාන්දු 65, උදාර ජයසුන්දර 56, කෞෂල්‍ය වීරරත්න 39, සමීර ද සොයිසා 37, ජනක ගුණරත්න 73/3) හලාවත මේරියන්ස් පිල පළමු ඉනිම 207 (ගීත් කුමාර 36, ජනක ගුණරත්න 33, මාලින්ද පුෂ්පකුමාර 25, නිලංක පේ‍්‍රමරත්න 52/5, සචිත් පතිරණ 56/4) සහ දෙවැනි ඉනිම කඩුලූ 3 ට 180 (ගීත් කුමාර 47, අමල් ඇතුළත්මුදලි 33, හර්ෂ කුරේ නොදැවි 51, ජනක ගුණරත්න නොදැවී 37) මූවර්ස් ක‍්‍රීඩාංගණයේදී එස්. එස්. සී. පිල පළමු ඉනිම කඩුලූ 9 ට 459 (තිලාන් සමරවීර 148, දසුන් ශානක 64, ගීත් අල්විස් 57, චරිත් ජයම්පති 47, තරංග පරණවිතාන 36, කෞෂාල් සිල්වා 25, අමිල් ප‍්‍රසාද් නොදැවී 22, ජෙෆ්රි වැන්ඩසේ 104/3) සහ දෙවැනි ඉනිම කඩුලූ 5 ට 45 (දිනුක් හෙට්ටිආරච්චි 15/3) මුවර්ස් පිල පළමු ඉනිම 383 (මොයින් අලී 157, ඉසුරු සමරසූරිය 36, භාතිය පෙරේරා 30, ෂෙහාන් ජයසූරිය 29, හසන්ත ප‍්‍රනාන්දු 26, හිමේෂ් සිල්වා 26, දිනුක් හෙට්ටිආරච්චි නොදැවී 23, කෞෂාල් ලොකුආරච්චි 101/3) පී. සරවනමුත්තු ක‍්‍රීඩාංගණයේදී කෝල්ට්ස් පිල පළමු ඉනිම 308 (අක්ෂු ප‍්‍රනාන්දු 50, අනුක් සිල්වා 40, රොෂේන් සිල්වා 84, මාපා බණ්ඩාර 36, චතුරංග කුමාර නොදැවී 33, ඉසුරු උදාන 49/3) සහ දෙවැනි ඉනිම කඩුලූ 4 ට 124 (අනුක් සිල්වා 37, හර්ෂ විතාන 33, රොෂේන් සිල්වා නොදැවී 21) ද්‍රවිඩ සංගම් පිල පළමු ඉනිම 441 (ගයාෂාන් වීරසේකර 85, ජීවන්ත කුලතුංග 80, කිත්රුවන් විතානගේ 69, සචිත‍්‍ර සේරසිංහ 51, මුතුමුදලිගේ පුෂ්පකුමාර 36, ඉසුරු උදාන නොදැවී 59, විරාජ් පුෂ්පකුමාර 138/6) මොරටුව ද සොයිසා ක‍්‍රීඩාංගණයේදී බදුරලිය පිල පළමු ඉනිම 184 (හාන්ස් ප‍්‍රනාන්දු 41, තිලකරත්න සම්පත් 30, ගයාන් සිරිසෝම 54/6) සහ දෙවැනි ඉනිම 263 (තිළිණ මාස්මුල්ල 78, සහන් විජේරත්න 75, ශාලික කරුණානායක 45, තිලකරත්න සම්පත් 35, ගයාන් සිරිසෝම 87/6, රජීව් වීරසිංහ 71/3) ලන්කන් පිල පළමු ඉනිම 288 (චානක විජේසිංහ 99, දමිත හුණුකුඹුර 78, සාලිය සමන් 27, ධනුක පතිරණ 24, අලංකාර අසංක 91/5, රොෂාන් ලක්සිරි 77/3) සහ දෙවැනි ඉනිම කිසිවකු නොදැවී 6
2025 නොවැම්බර් මස 04
708
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2375
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1742
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
චින්තක (173*) - චාමර සිල්වා (158) බ්ලූම්ෆීල්ඞ්ට පළමු ඉනිමේ ජය ගෙනෙති