IMG-LOGO

චීන හිතවතා සමුගනී

ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ අවංක දේශපාලඥයෙකු වූ එස්.ඩී බණ්ඩාරනායක මහතාගේ අවසන් කටුයුතු  යක්කල චන්ද්‍රෝති විදුහල් ක්‍රීඩා භූමියේදී දහස් සංඛ්‍යාත ජනවතාවගේ සෝ සුසුම් මැද  අද සවස සිදුකෙරිණි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද දේහය තැන්පත් කර තිබු මඩුගස් වලව්වට ගොස් ඔහුට අවසන් ගෞරව දැක්වීය.

චීනයේ හිතවතෙකු ලෙස ප්‍රකට බණ්ඩාරනායක මහතා දේශපාලනයෙන් කිසිත් හරි හම්බ කර නොගත්තේය.

ඔහු අවංකභාවයේ ප්‍රතිරූපයකි. 

අද සවස දේහය රැගත් අවමංගල්‍ය පෙරහැර  මඩුගස් වලව්වේ සිට පාගමනින් යක්කල චන්ද්‍රජෝති විදුහල් භූමියට ගෙන ගියේය.

ගරුතර සංඝරත්නය ද , අග්‍රාමාත්‍ය දි.මු ජයරත්න මහතා ඇතුළු පක්ෂ විපක්ෂ මැති ඇමතිවරු ඇතුළු ප්‍රදේශවාසීහු  රැසක් එම අවස්ථාවට සහභාගී වුහ.

 

 

 



අදහස් (0)

චීන හිතවතා සමුගනී

විදුරංග Sunday, 08 June 2014 12:40 PM

ඔබට නිවන් සුව පතමි (දී)

:       0       0

ඉවාන් Sunday, 08 June 2014 02:08 PM

එතුමාට නිවන් සුව, (ස)

:       0       0

පෙරේරා Saturday, 07 June 2014 08:22 PM

එතුමාට නිවන් සුව පතමි. (ස)

:       0       0

ලකී Saturday, 07 June 2014 08:32 PM

මෙතුමා බලන්න ඇවිල්ල ඉන්න හුගක් අය දේශාපලනයෙන් හරි හම්බ කරගත් අය. මෙතුමාට නිවන් සැප ලැබේවා. (ස)

:       0       0

සුසී Monday, 09 June 2014 07:05 AM

මෙතුමාගේ පුත් පණ්ඩු බණ්ඩාරනායක මැතිතුමාගේත්, මෙතුමාගේත් නම විකුණමින්, මෙතුමාගේ අවමංගල්‍යයට යයි පවසමින් මුළු ගම්පහ නගර සීමාවේ සෑම ව්‍යාපාරිකයකුගෙන්ම ආධාර එකතු කිරීමේ වැඩසටහනක් මෙම කාලසීමාවේදී ගම්පහ නගර සභාව විසින් බලහත්කාරයෙන් දියත් කර තිබින. ගරු පණ්ඩුබණ්ඩාරණායක මැතිතුමනි, මෙය ඔබලාගේ කෘතහස්ථ දේශපාලන දිවියට විශාල කැළලකි. කරුණාකර මේ ගැන සොයා බලන්න. (නදී)

:       0       0

ෂෙරිෆ් Saturday, 07 June 2014 08:52 PM

නැවත නො එන ගමනකි, කල හොඳ පමණක් රැගෙන යති, (ස)

:       0       0

එදිරිසූරිය Saturday, 07 June 2014 09:21 PM

සහෘද අවංක ජනතා නයකයනන්ට නිවන් සුව අත්වේවා! (ස)

:       0       0

නදීෂා Saturday, 07 June 2014 09:31 PM

නිවන් සැප ලැබේවා. (ස)

:       0       0

ශාන සෞදි Saturday, 07 June 2014 09:57 PM

ඔබ තුමාට නිවන් සුව ප්‍රර්ථනා කරමි!!!!! ඔබ සිරිමාවෝ අගමැතිනිය කාලයේ උන් රටට ආදරය කල ජන නායකයෙක්. (ස)

:       0       0

රජින්ද Saturday, 07 June 2014 10:50 PM

මහත්මා දේශපාලයේ නියැලී සදාචාර සම්පන්න ලෙස මෙලොව හැර නික්ම යන මිනිසාණෙනි.... ඔබට අමා-මහා නිර්වාන සම්පත්තියම ලැබේවා...!!! (ස)

:       0       0

පනික්කියා Sunday, 08 June 2014 02:41 AM

දේශපාලනයෙන් "හම්බ කර ගන්නෙ" කොහොමද? හොරකං කරනවා කියන්නෙත් එකටමද වෙන එකකටද? (දී)

:       0       0

සමන්තා Sunday, 08 June 2014 03:05 AM

මෙවන් වටිනා මිනිසුන් තව බිහි වෙන්න ඕනේ (දී)

:       0       0

සත්‍යයා Sunday, 08 June 2014 06:48 PM

අප සමාජයේ යහපත් ලෙස ජීවත් වූ අයෙකුගේ හොඳ කියන්න අපට ඉඩ දෙන්න. (නදී)

:       0       0

අශාන් Sunday, 08 June 2014 06:27 AM

ඔබට වැනියන් නැවත අප අතරම ඉපදේවා (දී)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 08 June 2014 06:39 AM

කොහොමත් නවසිය හැත්තෑවට කලින් මේ රටේ දේසපාලනය කලේ උගත් බුද්දිමත් යමකමක් තිබ්බ මිනිස්සු ඒ නිසා ඒ අයට රටේ මහජන දේපොළ කන්න තරම් අහේනියක් තිබුනෙත් නැහැ ඒ වගේම තමන්ගේ මව හා සමාන මාතෘ බුමිය විකුණගෙන කන්න තරම් පහත නින්දිත සිතුවිලි පහල උනෙත් නැහැ , මේ ඔක්කොම කණපිට හැරුනේ නවසිය හැත්තෑවෙන් පස්සේ තමයි , , මගේ රටට ආදරය කල මේ හැම උතුමෙක්ටම නිවන් සුවය ප්‍රර්ථනා නොකරමි මන්ද රටට ආදරය කල ඔබ වැනි උතුමන් නැවත මේ රටට අවැසි කාලයකි මේ, ඒ නිසා මේ ජරා ජීර්ණ වූ දේසපාලනයෙන් රට ගොඩ ගන්නට වඩිනු මැන මගේ දේශයට !(දී)

:       0       0

උදය Sunday, 08 June 2014 08:37 AM

මහත්මා දේශපාලයේ නියැලී සදාචාර සම්පන්න ලෙස මෙලොව හැර යන මිනිසාණෙනි ඔබ තුමාට නිවන් සුව ප්‍රර්ථනා කරමි (දී)

:       0       0

ගාමිණි Sunday, 08 June 2014 09:09 AM

බොහෝ වර්තමාන දේශපාලකයින්ට එතුමන් ගෙන් ගත හැකි දේ බොහොමයි. ඔය සුදු ඇදගෙන ඉන්න හොරු ගැන අපේ අප්‍රසාදය. එතුමාට නිවන් සුව පතමු.(දී)

:       0       0

ඉසුරන්දි Sunday, 08 June 2014 09:35 AM

අහන්නත් සතුටුයි දේසපාලනය කරලා කිසිදෙයක් හම්බකරගත්තේ නැහැ කිව්වම.එතුමාවගේ අය මතුබවයේත් මිහිපිට ඉපදේවා (දී)

:       0       0

කමල් Sunday, 08 June 2014 10:56 AM

'කිසිත් හරි හම්බ කර නොගත් ඔහු අවංකභාවයේ ප්‍රතිරූපයකි'. අනේ මෙහෙම පත්තරේ ලියන කොට අපේ දැන් සිටින දේශපාලකයින් මෙහෙමද නොවෙයිද කියලා සැකයක් මතුවෙනවා. ආදර්ශමත් එතුමාට ගෞරව කරමින් නිවන් සුව පතමු (දී)

:       0       0

අසංක Sunday, 08 June 2014 11:03 AM

ලංකාවේ සුබ සිද්දිය වෙනුවෙන් කැපවූ කෙනෙක් (දී)

:       0       0

උදේශ් Sunday, 08 June 2014 09:17 PM

මමත් 1989සිට මෙතුමා ලගින් 2009 වනතුරු සිටිය කෙනෙක් මෙතුමා ඉතා ආවන්ක අයක් මිහිපිට දෙවීයෙක් අපඅතර ඉපදෙවා (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 79 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 480 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 251 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site