ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ අවංක දේශපාලඥයෙකු වූ එස්.ඩී බණ්ඩාරනායක මහතාගේ අවසන් කටුයුතු යක්කල චන්ද්‍රෝති විදුහල් ක්‍රීඩා භූමියේදී දහස් සංඛ්‍යාත ජනවතාවගේ සෝ සුසුම් මැද අද සවස සිදුකෙරිණි.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද දේහය තැන්පත් කර තිබු මඩුගස් වලව්වට ගොස් ඔහුට අවසන් ගෞරව දැක්වීය.
චීනයේ හිතවතෙකු ලෙස ප්‍රකට බණ්ඩාරනායක මහතා දේශපාලනයෙන් කිසිත් හරි හම්බ කර නොගත්තේය.
ඔහු අවංකභාවයේ ප්‍රතිරූපයකි.
අද සවස දේහය රැගත් අවමංගල්‍ය පෙරහැර මඩුගස් වලව්වේ සිට පාගමනින් යක්කල චන්ද්‍රජෝති විදුහල් භූමියට ගෙන ගියේය.
ගරුතර සංඝරත්නය ද , අග්‍රාමාත්‍ය දි.මු ජයරත්න මහතා ඇතුළු පක්ෂ විපක්ෂ මැති ඇමතිවරු ඇතුළු ප්‍රදේශවාසීහු රැසක් එම අවස්ථාවට සහභාගී වුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට නිවන් සුව පතමි (දී)
එතුමාට නිවන් සුව, (ස)
එතුමාට නිවන් සුව පතමි. (ස)
මෙතුමා බලන්න ඇවිල්ල ඉන්න හුගක් අය දේශාපලනයෙන් හරි හම්බ කරගත් අය. මෙතුමාට නිවන් සැප ලැබේවා. (ස)
මෙතුමාගේ පුත් පණ්ඩු බණ්ඩාරනායක මැතිතුමාගේත්, මෙතුමාගේත් නම විකුණමින්, මෙතුමාගේ අවමංගල්‍යයට යයි පවසමින් මුළු ගම්පහ නගර සීමාවේ සෑම ව්‍යාපාරිකයකුගෙන්ම ආධාර එකතු කිරීමේ වැඩසටහනක් මෙම කාලසීමාවේදී ගම්පහ නගර සභාව විසින් බලහත්කාරයෙන් දියත් කර තිබින. ගරු පණ්ඩුබණ්ඩාරණායක මැතිතුමනි, මෙය ඔබලාගේ කෘතහස්ථ දේශපාලන දිවියට විශාල කැළලකි. කරුණාකර මේ ගැන සොයා බලන්න. (නදී)
නැවත නො එන ගමනකි, කල හොඳ පමණක් රැගෙන යති, (ස)
සහෘද අවංක ජනතා නයකයනන්ට නිවන් සුව අත්වේවා! (ස)
නිවන් සැප ලැබේවා. (ස)
ඔබ තුමාට නිවන් සුව ප්‍රර්ථනා කරමි!!!!! ඔබ සිරිමාවෝ අගමැතිනිය කාලයේ උන් රටට ආදරය කල ජන නායකයෙක්. (ස)
මහත්මා දේශපාලයේ නියැලී සදාචාර සම්පන්න ලෙස මෙලොව හැර නික්ම යන මිනිසාණෙනි.... ඔබට අමා-මහා නිර්වාන සම්පත්තියම ලැබේවා...!!! (ස)
දේශපාලනයෙන් "හම්බ කර ගන්නෙ" කොහොමද? හොරකං කරනවා කියන්නෙත් එකටමද වෙන එකකටද? (දී)
මෙවන් වටිනා මිනිසුන් තව බිහි වෙන්න ඕනේ (දී)
අප සමාජයේ යහපත් ලෙස ජීවත් වූ අයෙකුගේ හොඳ කියන්න අපට ඉඩ දෙන්න. (නදී)
ඔබට වැනියන් නැවත අප අතරම ඉපදේවා (දී)
කොහොමත් නවසිය හැත්තෑවට කලින් මේ රටේ දේසපාලනය කලේ උගත් බුද්දිමත් යමකමක් තිබ්බ මිනිස්සු ඒ නිසා ඒ අයට රටේ මහජන දේපොළ කන්න තරම් අහේනියක් තිබුනෙත් නැහැ ඒ වගේම තමන්ගේ මව හා සමාන මාතෘ බුමිය විකුණගෙන කන්න තරම් පහත නින්දිත සිතුවිලි පහල උනෙත් නැහැ , මේ ඔක්කොම කණපිට හැරුනේ නවසිය හැත්තෑවෙන් පස්සේ තමයි , , මගේ රටට ආදරය කල මේ හැම උතුමෙක්ටම නිවන් සුවය ප්‍රර්ථනා නොකරමි මන්ද රටට ආදරය කල ඔබ වැනි උතුමන් නැවත මේ රටට අවැසි කාලයකි මේ, ඒ නිසා මේ ජරා ජීර්ණ වූ දේසපාලනයෙන් රට ගොඩ ගන්නට වඩිනු මැන මගේ දේශයට !(දී)
මහත්මා දේශපාලයේ නියැලී සදාචාර සම්පන්න ලෙස මෙලොව හැර යන මිනිසාණෙනි ඔබ තුමාට නිවන් සුව ප්‍රර්ථනා කරමි (දී)
බොහෝ වර්තමාන දේශපාලකයින්ට එතුමන් ගෙන් ගත හැකි දේ බොහොමයි. ඔය සුදු ඇදගෙන ඉන්න හොරු ගැන අපේ අප්‍රසාදය. එතුමාට නිවන් සුව පතමු.(දී)
අහන්නත් සතුටුයි දේසපාලනය කරලා කිසිදෙයක් හම්බකරගත්තේ නැහැ කිව්වම.එතුමාවගේ අය මතුබවයේත් මිහිපිට ඉපදේවා (දී)
'කිසිත් හරි හම්බ කර නොගත් ඔහු අවංකභාවයේ ප්‍රතිරූපයකි'. අනේ මෙහෙම පත්තරේ ලියන කොට අපේ දැන් සිටින දේශපාලකයින් මෙහෙමද නොවෙයිද කියලා සැකයක් මතුවෙනවා. ආදර්ශමත් එතුමාට ගෞරව කරමින් නිවන් සුව පතමු (දී)
ලංකාවේ සුබ සිද්දිය වෙනුවෙන් කැපවූ කෙනෙක් (දී)
මමත් 1989සිට මෙතුමා ලගින් 2009 වනතුරු සිටිය කෙනෙක් මෙතුමා ඉතා ආවන්ක අයක් මිහිපිට දෙවීයෙක් අපඅතර ඉපදෙවා (දී)