ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අළුතෙන් එක් වු ගුවන් භට සහ ගුවන් කාන්තාවන්ගේ අභිමානවත් විසිර යාමේ පෙලපාළියක් අද ගුවන් හමුදා චීන වරාය කඳවුරේදී පැවැත්විණි.
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා මෙහි ප්‍රධාන ආරාධිතයා විය.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 54 ආධුනික කැඩට් නිළධාරි පාඨමාලාව හා 06 වන ආධුනික කැඩෙට් නිළධාරිනි පාඨමාලාව හැදෑරු නිළධාරීන් හා නිළධාරිනියන් අධිකාරියට පත් කිරීම ද අද දින සිදු විය.
මීට අමතරව අංක 158, 159 නිත්‍යය ගුවන් භට පාඨමාලාව හා අංක 28, 29 නිත්‍යය ගුවන් කාන්තා පාඨමාලාව සාර්ථකව හැදෑරූ ගුවන් භටයින් හා ගුවන් කාන්තාවන්ගේ අභීමානවත් විසිරයාමේ පෙළපාළියක්ද මෙහිදී පැවැත්විණි.
මෙම අවස්ථාව අභිමානවත් කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදා සාමාජික, සාමාජිකාවෝ ගුවන් කරනම් සංදර්ශන, පැරෂුට් සංදර්ශන හා සරඹ සංදර්ශන, සතුරු කඳවුරු ප්‍රහාර ඉදිරිපත් කලහ.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රධාන මාණ්ඩලික නිළධාරී එයාර් වයිස් මාෂල් ගගන බුලත්සිංහල, අධ්‍යකෂක මණ්ඩලයේ නිළධාරීන්, ගුවන් හමුදා චීනවරාය විද්‍යා පිඨයේ පීඨාධිපති ගුවන් කොමදෝරු සාගර කොටකදෙණිය ඇතුලු ආධුනික කැඩෙට් නිළධරයෝ හා ඔවුන්ගේ දෙමාපියෝ සහභාගී වුහ.
















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම විසිර යාමක්. මම 96 දි විසිර ගියේ. මම කම්බැක් කෝස් කළා 1997-119 දි. නියම කඳවුරක්. මගේ ප්‍රධානියා හර්ෂ සර්. ඔහු ශ්‍රේෂ්ඨයි. මම ගුවන් හමුදාවට ආදරෙයි (නදී)