ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අළුතෙන් එක් වු ගුවන් භට සහ ගුවන් කාන්තාවන්ගේ අභිමානවත් විසිර යාමේ පෙලපාළියක් අද ගුවන් හමුදා චීන වරාය කඳවුරේදී පැවැත්විණි.
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා මෙහි ප්‍රධාන ආරාධිතයා විය.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 54 ආධුනික කැඩට් නිළධාරි පාඨමාලාව හා 06 වන ආධුනික කැඩෙට් නිළධාරිනි පාඨමාලාව හැදෑරු නිළධාරීන් හා නිළධාරිනියන් අධිකාරියට පත් කිරීම ද අද දින සිදු විය.
මීට අමතරව අංක 158, 159 නිත්‍යය ගුවන් භට පාඨමාලාව හා අංක 28, 29 නිත්‍යය ගුවන් කාන්තා පාඨමාලාව සාර්ථකව හැදෑරූ ගුවන් භටයින් හා ගුවන් කාන්තාවන්ගේ අභීමානවත් විසිරයාමේ පෙළපාළියක්ද මෙහිදී පැවැත්විණි.
මෙම අවස්ථාව අභිමානවත් කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදා සාමාජික, සාමාජිකාවෝ ගුවන් කරනම් සංදර්ශන, පැරෂුට් සංදර්ශන හා සරඹ සංදර්ශන, සතුරු කඳවුරු ප්‍රහාර ඉදිරිපත් කලහ.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රධාන මාණ්ඩලික නිළධාරී එයාර් වයිස් මාෂල් ගගන බුලත්සිංහල, අධ්‍යකෂක මණ්ඩලයේ නිළධාරීන්, ගුවන් හමුදා චීනවරාය විද්‍යා පිඨයේ පීඨාධිපති ගුවන් කොමදෝරු සාගර කොටකදෙණිය ඇතුලු ආධුනික කැඩෙට් නිළධරයෝ හා ඔවුන්ගේ දෙමාපියෝ සහභාගී වුහ.
2025 දෙසැම්බර් මස 04
794
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
587
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
464
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
චීන වරායේදී ගුවන් භටයෝ විසිර යති
ධම්මිකා Friday, 23 January 2015 02:52 PM
නියම විසිර යාමක්. මම 96 දි විසිර ගියේ. මම කම්බැක් කෝස් කළා 1997-119 දි. නියම කඳවුරක්. මගේ ප්‍රධානියා හර්ෂ සර්. ඔහු ශ්‍රේෂ්ඨයි. මම ගුවන් හමුදාවට ආදරෙයි (නදී)