චීනය පසුගිය වසර පහක කාලය තුළ මෙරටට ආධාර ලබා දුන් ව්‍යාපෘතිවල ලාංකිකයින් ලක්ෂයක් පමණ සේවය කළ බව ශ්‍රී ලංකාවේ චීන වානිජ මණ්ඩලයේ ප‍්‍රකාශක චෙන් චුවාන් සඳහන් කළ බව ෂින්හුවා ප‍්‍රවෘත්ති සේවය වාර්තා කරයි.
විශේෂයෙන්ම උතුරේ ඒ 9 මාර්ගය ඉදිකිරීමේ ව්‍යාපෘතිය තුළ ලාංකිකයින් 4500ක් සේවය කළ බවත් එහි චීන ජාතිකයින් සේවය කළේ 2%ක් පමණක් යැයිද එම වාර්තාවේ සඳහන් වේ.
ලංකාව විසින් ඉකුත් දා චීන ව්‍යාපෘති නතර කිරීමත් සමඟ දෙරට අතර අත්සන් කර තිබෙන ද්විපාර්ශවික ගිවිසුම් සහ කොන්ත‍්‍රාත් වලට ගරු කරන්නැයි චීනය මෙරටින් ඉල්ලා තිබුණි.
තවද ඩොලර් බිලියන 1.4 ක පමණ ආයෝජනයෙන් ඉදිකිරිමට සැලසුම් කර තිබෙන කොළඹ වරාය නගර ව්‍යාපෘතිය අත්හිටුවීමෙන් පසුව මෙරට චීන තානාපති කාර්යාලය විසින් ලංකාවට දැනුම් දී තිබුනේ සිය ආයෝජකයින් ගේ අභිලාෂයන් ආරක්ෂා කර ගැනීමට පියවර ගන්නා ලෙසයි.
පරීක්ෂණ සිදු කරන තෙක් තාවකාලිකව කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සිදුකරන චයිනා කොමියුනිකේෂන් කන්ස්ට‍්‍රක්ෂන් සමාගමද සිය ඉදිකිරීම් කටයුතු අත්හිටුවීමට එකඟත්වය පල කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට හැමදාම පිහිටවුණේ චීනය රුසියාව වගේ රටවල් මිසක් ඇමරිකාව ප්‍රමුඛ බටහිර නෙවෙයි. එයාල උදව්වක් කළානම් ඒ ලොකු දේශපාලන අභිලාශයක් ඇතුව. (බ)
අපේ ඇඟලුම් නිෂ්පාදන මිලදී ගන්නේ සහ තේ මිලදී ගන්නේ ඇමෙරිකාව වැනි බටහිර රටවල් ...චීනය වැනි රටවල් ඔවුන්ට ආරක්ෂක වාසි ඇති වරායවල් සහ ගුවන්තොටවල්වල වැඩිපුර ආයෝජනය කරයි !! මිනිසුන්ට රැකියා හම්බ වුණත් ඒවා තාවකාලිකයි !! ඒවා චීන ව්‍යාපෘති ඉවරවෙනකල් විතරයි !! අනිත් එක පටගත්තු ව්‍යපෘතිත් ඉතින් නොරචෝලේ බලගාරය වගේම තාවකාලිකයි !! (අ)
චීන මහත්වරුනි,භය වන්න එපා. ආයෙමත් මහින්ද යුගය එනවා. එතකොට ඔයගොල්ලන්ගේ බලාපොරොත්තු සපල වේවි. (අ)
සජිත්ගේ අදහස හරියටම හරි. (ර)
රටේ සංවර්ධයට අකුල් හෙළුවේ කවුද.? (ර)
හැමදෙයක්ම අවුල් කළේ කවුද කියලා අපි නම් දන්නවා (නි)
චීනය අපේ විශ්වාසවන්ත හොඳම මිතුරායි (නි)
කොහොමහරි කමක් නැහැ අපේ මිනිසුන්ට රැකියා ලැබෙනවා නම්... (නි)
මේ ව්‍යාපෘති ආශ්‍රයෙන් අනෙක් වක්‍ර රැකියා කළ අය මීට වැඩි ඇති (නි)
ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියව මතක් වෙනවා මේ වෙලාවේ. එතුමියගේ කාලයේත් චීනය හා රුසියාව අපේ හොඳම මිතුරන් වෙලා වානේ සංස්ථාව, හාල් , ආරක්ෂාව ඇතුළු විවිධ දේ අපට ලබා දුන්නා. (නි)
දැන් ඉතින් දෙයියන්නේ පිහිටෙන් මහින්ද ආයේ අගෝස්තු ඡන්දෙන් බලයට ආපුවාම රටේ සංවර්ධන වැඩ ටික ආයේ පටන් ගනී නොවැ. (ර)