දිනෙන් දින සවිමත් වන ශී‍්‍ර ලංකා හා චීන සබඳතා වල ප‍්‍රතිඵලයක් ලෙස චීන නාවික යාත‍්‍රා වලට ශී‍්‍ර ලංකාව අවට ගැවසීමට හැකියාව ලැබී තිබීම පිළිබඳව ඉන්දියාවේ දැඩි අවධානය යොමුව ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
එම වාර්තා වල සදහන් ආකාරයට පසුගියදා ශී‍්‍ර ලංකා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දියාවට පැමිණ ඇත්තේද මේ සම්බන්ධයෙන් ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් ඩෝවාල් හා ආරක්ෂක අමාත්‍ය අරූන් ජෙට්ලි හා සාකච්ඡා කිරීමටය.
පසුගිය සැප්තැම්බර් මස 15 වැනිදා චැන්ග්සෙන්ග් 2 නම් න්‍යෂ්ඨික බලයෙන් ජවගැන්වෙන චීන නාවුක හමුදාවට අයත් සබ්මැරීනයක් කොළඹ වරායේ නැංගුරම්ලූ අතර ඉන්දියාවේ බලවත් අවධානය යොමුව ඇත්තේ ඒ සම්බන්ධයෙනි.ඊට පෙර සැප්තැම්බර් 7 හා 13 යන දිනයන්හීදී චීන නාවුක යාත‍්‍රා 2ක්ද කොළඹ වරායේ නැංගුරම් ලා තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි චීනයත් සමගම ඉදිරියට යන්න ඕනේ..ඔය සල්ලි කෝටි ගණන් දීල ඉන්දියාවෙන් ගන්න සියලුම වාහන නවත්වල, චීනෙනුයි, රුසියාවෙනුයි ජපානෙනුයි, ගන්න ඕනේ..ඉන්දියාව දිවහපාගෙන මැරෙයි ඉරිසියාව පිපිරිලා...? (අ)
ඉන්දියාව නිදහසින් පසු වාර 12 වඩා අසල්වාසී රටවල් වලට හමුදාමය මැදිහත්වීම් සිදුකර තියෙනවා.හැබැයි චීනය සමීප ඉතිහාසයේ එවැන්නක් සිදුකර නැහැ.චීනයේ සමීපබව අපේ ශක්තියට හේතුවක්. (ස)
ඉන්දියාව සහ කොටි සබඳතා ගැනත් අපිත් සෝද්සියෙන් ඉන්නෙ .අවශ්‍ය උනොත් චීනත් එක්ක එකතු වෙලා තමිල්නාඩුවට ගුවනින් පරිප්පු උනත් දාන්න පුළුවන් . (ස)
ඉස්සර එංගලන්තේ එක්ක යුරෝපය එක්ක තිබුන සම්බන්දතාව ගැන සෝදිසියෙන් ඉඳල කුට්ටිමනිලා ප්‍රභාකරන්ලා අපට තෑගි දුන්න. මේපාර චීන සම්බන්දතාව ගැන සෝදිසියෙන් ඉඳල මොනව තෑගි දෙයිද දන්නේ නැහැ. (ස)
අඳුරේ අතපත ගානවා. එහෙම වුනාම අතට අහුවෙන්නේ නැහැ. අතේ තට්ටු වෙනවා පමණයි. චීනය, ඇමෙරිකාව සමග පමණක් නොවෙයි ආදී කාලේ ඉඳලාම චීනය ලෝකය පුරාම බැඳීම් ඇතිකරගත්ත රටක් බව මම මුලින් මතක් කර දෙන්නම්. එදා චීනයට වඩා අද චීනය බොහොම ඉදිරියට ගිය ආර්ථිකයෙන් පලවෙනි තැනට පත් වූ රටක්. ඇමෙරිකාව පමණක් නොව ජපානයත් යුරෝපයේ ධනවාදී ඇතැම් රටවලුත් චීන සිසුවන්ට තම රටවල අධ්‍යාපනය ලබා දෙන්නේ කිසිම ගිවිසුමක් යටතේ නොවෙයි. සමාජවාදය අතුගා දැමීම සඳහා කරන දිර්ගකාලින ක්‍රියාවක් ඒක. ධනවාදී රටවල බාහිර ඔපය පෙන්වමින් එහි "වින්දනය" ලබා දෙමින් චීන සිසුවන්ට තම රට තුළත් එවන් හරසුන් සංස්කෘතියක් ඇති කරවීමට අරගල කරවන්ටයි එසේ කරන්නේ. ඇමෙරිකාවේ ඒ උත්සාහය පසුගිය කලෙක සාර්ථක උනා. නමුත් චීනා වෙනස් නොවන්නෙක්. ඒ නිසා ධනවාදීන් චීනය විනාශ කරවීමට ඉන්දියාව සමග කෙටවීමට දැන් උපක්‍රම යොදයි. ඔබ අවබෝධයෙන් බලන්න. (හේ)
පසුගිය දශකයේම කොටි හුරතල් කරමින් ලංකාවට විරුද්ධව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අපිට විරුද්ධව ඡන්දය පාවිච්චි කළා. දැන් අපි මධ්‍යස්ථ රටක් හැටියට ලෝකයේ සෑම රටක් සමඟම සබඳතා පවත්වනවා. ඉන්දියාව චීනය සමඟ නෝක්කාඩු නිසා එතනත් අපිට වැරැද්ද පටවන්න එන්නේ. ඒ කියන්නේ අපි නටන්න ඕනෑ ඉන්දියාව කියන විදියටද? (නි)
රූපවතියෝ, මෝඩකමට බෙහෙත් නැහැ (නි)
ඇමෙරිකන් ආරක්ෂක ලේකම් ඇවිල්ලා ජයලලිතා එක්ක අපේ රටේ ප්‍රශ්න ගැන කතාකරනකොට ඉන්දියාවට හොඳයි. චීන යාත්‍රාවක් අපේ ළඟින් යනකොට අපේ ඇඟට ගොඩවෙන්න එනවා. කොහොමත් ඉන්දියාවට කලාපීය බලවතා වීම හීනයක් පමණයි. (නි)
රූපවතී වගේ ගැතිකමට ප්‍රමුඛත්වයක් දෙන රටවැසියන් නිසා තමයි ලංකාවේ අය කලාපයේ අන්තර් ජාතික සම්බන්ධතා හොඳටම අනාගෙන තියෙන්නේ. මෝඩකමට බෙහෙත් නැහැ. (නි)
අපි චීනයට ගැතිවෙන්න ඕනෑත් නැහැ,ඉන්දියාවට ගැතිවෙන්න ඕනෑත් නැහැ. අපිට අපේ විදේශ ප්‍රතිපත්ති අපිට ඕනෑ ආකාරයට පවත්වාගන්න අයිතියක් තියෙනවා. ඒකට කවුරුහරි බලපෑම් කරන්න එනවා නම් ඒවාට විරුද්ධව වැඩ කිරීමේ අයිතියත් අපිට තියෙනවා (නි)
අපේ රටේ සමහරු ඇමෙරිකාවට බනිනවා. චීනේ කරේ තියාගෙන දඟලනවා. මම දන්නා විධියට නම් චීනෙයි, ඇමෙරිකාවයි බොහොම මිත්‍ර රටවල් දෙකක්. ඇමෙරිකාව ආර්ථික ප්‍රපාතෙන් ගොඩ ගියේ චීනෙන් ආධාර අරන් කියල තොරතුරු තියෙනවා. ඇමෙරිකන් විශ්ව විද්‍යාලවල ඉගෙන ගන්න ශිෂ්‍යත්වලාබින්ට ගෙවන ආධාර මුදලින් 25% ක් බද්දක් අයකරනවා. ඒත් එම බද්ද චීන සිසුන්ගෙන් අය නොකරන ගිවිසුමකුත් ඒගොල්ල අතරේ තියෙනවා. චීනේ ඇමෙරිකාවේ උවමනාවට අපේ රටට රිංගනවද කියලත් මට නිකමට හිතෙනවා.මොකද ඉන්දියාව උනත් චීනෙට බයක් නැහැ, බය අමෙරිකාවටනේ? (ස)
ඉන්දියාව කොහොමටත් අසල්වැසි රටවලට ප්‍රශ්න ඇති කරන එක නවත්තන්නේ නැහැ .ඇත්තටම දකුණු ආසියාවේ පිළිලය තමා ඉන්දියාව.ඔය සමහර වෙබ් අඩවි කරවන්නත් ඉන්දියාව මැදිහත් වෙනවා. දැන් එයාල රනිල් මහත්තය වගේ ඉන්දියාවට කීකරු සහ ගැති පාලකයෙක් පත්කරගන්න ලොකු උත්සහයක් ගන්නව .මම වර්තමාන රජය හොඳයි කියල කියනවා නෙමේ .එත් එයාලට ඕන කරන්නේ සුවච කීකරු බලු කුක්කෙක් වගේ එක්කෙනෙක් , අපේ විපක්ෂ නායක තුමා තමා ඉන්දියාවේ පරම පැතුම . (ස)
අසල වැසි රටවල් සමග සහයෝගයෙන් විසීම අවශ්‍යයි. නමුත් අපි ඉන්දියාවේ හෝ චීනය හෝ වහල් රාජ්‍යයක් බවට පත්විය යුතු නැහැ. පාර්ලිමේන්තුවේ සිටින හැම සිංහල මන්ත්‍රීවරයෙකුම ,පාක්ෂික බල පෙරේත කම අමතක කර , සිංහලයාට ඇති එකම රට මෙය බව සිහිකර එකාමෙන් සිටිනවා නම්, ඒ වගේම මෙවැනි අවස්තාවක මේ රටේ හාමුදුරුවො එකාවන්ව සිටිනවා නම් පිටරැටියන්ට දත නියෙවීමට සිදු වන්නේ නැහැ. (ස)
නෙළුම්ට.. සහ සත්‍යාට.. වගේ ලඟ දැක්මේ නුවන මට නැහැ, දුර දැක්මේ නුවනින් කටයුතු කරනා හැටි අපි දන්නා නිසයි ..මේ දෙස මා..එක ඇහැකින් දකින්නේ, ඉන්දියාවේ පිළිවෙත හැම වෙලේම අපිට සීනි බෝලයක් දීල මහා අත්පොළ සන්නාදයක් බලා පොරොත්තුවීම හා වැඩක් . දැන් චීනේ නැව් කීපයක් කොළඹ නැංගුරම් දැම්ම කියල අන්න මුළු ඉන්දියාවම අපේ ආරක්ෂක අංශවලට කෝල් කරනවලු..ඇයි අපි එයාලගේ අර ජය ලලිතාගේ ප්‍රාන්තේ ජීවත්වෙන වැසියෝ කියලවත් හිතාගෙනද දන්නේ නැහැ...? අපිට නිදහසේ අපේරටේ වැඩ කටයුතු කිරීමේ අයිතිය අපිට තිබිය යුතුයි..අපි එයාල ඇමරිකාවට අදින දරදිය වල බර කිරන්න, මනින්න යනවද ..? එයාලට හොද පාඩමක් අපි ඉගැන්විය යුතුයි අපේ රටේ අසරණයින්ට කෝටි ගාණන් අයකරල දෙන බෙහෙත් ටිකට ඔය දුෂකයෝ කරන අපරාදෙට..අපි චීනෙන් බෙහෙත් ටිකත් ගමු කියල මම යෝජනා කරනවා....? ඉන්දියාව කියන්නේ දෙපැත් නයෙක් කියල ඔයාල දෙන්නට වැටහෙයි ලගදීම. (ස)
නෙළුම් සහ සත්‍යයා හැරුණුවිට අනිත් හැමෝගෙම අදහස් අවබෝධයෙන් ඉදිරිපත්කර ඇති බව පේනවා. රට අපේ කියන හැගීමත් තියෙනවා. සතුටුයි. (ස)
අපේ රට ඉන්දියාව වගේම චීනයේත් පෙම්වතිය බවට පත්වෙලා. අපි කිසිම කෙනෙක් පෙම්වතා බවට පත් කර නොගෙන ෂේප් න්‍යායෙන් හොඳ හිත දිනාගෙන ඉන්නවා. පෙම්වතුන් දෙදෙනා එකිනෙක කෙරේ සැකයෙන් බලනවා. මේක අපේ රටට ලොකු වාසි අත්කර දෙනවා. (ස)
රුපවති ඔබේ දැනගැනීම පිණිස . මගේ නමින් තව කවුද ලියනවා. මම අනෙක් අයට පරිභව කරමින් අදහස් ලියන කෙනෙක් නෙවෙයි. ඉඳහිට ලියන්නෙත් පුළුවන් තරම් ඔය දේශපාලන පුවත් මග හැරලා. මගේ ස්වාධින අදහස් ලියනවා මිසක් අනෙකුත් අයගේ නම් සඳහන් කරමින් ආඩපාලි කියන්නේ නැහැ. ඒ නිසා මගේ නමින් කවරු හරි අනෙකුත් පාඨෙයන්ට ගෙම්බර් පාට දාගෙන මෙතන ලිව්වොත් ඔන්න මම නම් නෙවෙයි. (ස)
ඉන්දියාව පොඩි රටවල් වලට බුලි දාන එක නවතින්න මේ වගේ තමයි වෙන්න ඕනා.(අ)
කොහොමත් ඉන්දියාව දැන් පොඩ්ඩක් හද ගැස්මෙන් ඉන්නේ චීනයත් අපේ රටත් අතර තියෙන දැඩි සම්බන්දෙට.ඉන්දියාව දැන්වත් තේරුම් ගන්න ඕනේ එයාලගේ ඔය දෙබිඩි පිළිවෙත වෙනස් කරගන්න අපේ රටත් එක්ක තියෙන හා ඔය හේතුව නිසානේ ලංකාව තවමත් යුරෝපා ඇතුළු බටහිර ගැත්තන්ට අසරණ වෙලා ඉන්නේ..(අ)